තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) පළමු අදියරේ ශූරයන් බවට පත්වීමට ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස් ගේ නායකත්වයෙන් යුත් දකුණ ශාර්ක්ස් පිල සමත් විය. අනු ශූරතාව ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ෆාසිල් මරීජා ගේ නායකත්යෙන් යුත් මධ්‍යම කිංග්ස් පිලට හිමිවිය. පළමු අදියරේ අවසන් දිනය වූ අද (30) පස්වරුවේ පැවැති අවසන් තරගයේදී දකුණ ශාර්ක්ස් පිල විසින් ලකුණු 19-14 කින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී. අවසන් පූර්ව තරගවලදී මධ්‍යම කිංග්ස් පිල විසින් ලකුණු 24-5 කින් නැගෙනහිර ඊගල්ස් පිල ද, දකුණ ශාර්ක්ස් පිල විසින් ලකුණු 19-14 කින් ඌව වයිපර්ස් පිල ද, පරාජය කරන ලදී. නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල අවසන් මහා තරගය දකුණ ශර්ක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-14) තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (12-5) 5 වැනි ස්ථානය සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (26-17) 7 වැනි ස්ථානය වයඹ බ්ලැක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (19-17) 9 වැනි ස්ථානය උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7) අවසන් පූර්ව තරග මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (24-5) දකුණ ශර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (19-14) කාණ්ඩ තරග ප‍්‍රතිඵල වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (26-12) බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-7) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7) සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (47-21) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-21) සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-12) කාණ්ඩගත කිරීමේ තරග මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-19) නැගෙනහිර ඊගලස්් පිල විසින් උතුර ග්ලැඞ්යේටර්ස් පිල පරාජය කරන ලදී (24-14) ඌව වයිපර්ස් පිල විිසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (24-19) දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-10) ඡායාරූපය: ශාන්ත රත්නායක
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ‍්‍රී සත්‍යා ශ‍්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ‍්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාල්ටන් රග්බි පළමු අදියරේ ශූරතාව දකුණ ශාර්ක්ස් පිලට