IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කැලණියෙන් යනවානම් යන්නේ ගෙදර

‘පසුගිය කාලයේ තිබුණා කතාවක් මගේ කකුල් කැපුවා, ඇගිලි කපනවා කියා. මේ මනුස්සලෝකේ මා ඉන්නතුරු එමෙහ අකරතැබ්බ නොවන බව මා දන්නවා. මට පෙර අකුසල් නෑ. කුසල් තිබෙන්නේ. මොන පක්ෂෙ වුණත් හොඳ දෙයක් යෝජනා කරනවා නම් අපි කරනවා. අපි දේශපාලන හතුරෝ නොවෙමු. මිතුරන් වෙමු. දරුවන්ටත් කියන්නේ වෛරයෙන් වෛරය ඇති කර ගන්න එපා. බුදු හාමුදුරුවන් උගන්වපු මෛත්‍රිය හැම තැනම තියනවා. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කරන්න කියා තිබෙන්නේ මෛත්‍රිය තමයි. ‘ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයයේ නව මහින්දෝදය  තාක්ෂණික විද්‍යාගරයට මුල් ගල තැබීමේ උත්සවයේ දී අද පැවසීය.

එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යු ජෝර්ජ් පෙරේරා මහතා ද එම අවස්ථාවට පැමිණ සිටියේය.

‘ අවුරුද්දයි දවස් 12ක් මා කැලණියේ හිටියේ නෑ. මං මිනී මැරුවයි කියා ප්‍රසිද්ධ කළා.   එක්තරා ඝාතනයකට මා සිරගත කරන්න කියා එක්තරා පිරිසක් කිව්වා. මං අද හෙට උසාවි යනවා. කැලණිය සංවිධායකයා මිනී  මැරුවා කිව්වාම රටේ ජනතාව හිතන්නේ මේ පුණ්‍ය භූමියේ ඉන්නේ මිනීමරණ පිරිසක් කියා. මට ගෞරවය ඕනේ නෑ. නමුත් ජනතාව වෙනුවෙන් මා අධිකරණය යනවා.   කැලණිය මහා නායක හාමුදුරුවන්ගේ ඉඳලා හැමෝ දන්නවා මා කරන සේවය.  

මම කැලණිය දාලා යන්නේ නෑ. කැලණිය දාලා යනවනම් යන්නේ ගෙදර. කැලණියෙන් තමා මා නැවතත් පාර්ලිමේන්තු යන්නේ කියන පණිවිඩය මම දෙනවා. කිරි දුන්නු අම්මාගේ දෙතන හපා කන්නෙත් නෑ. බත් දුන්නු තාත්තාගේ අත හපා කන්නෙත් නෑ. උපන් පළාත අමතර කරන්නෙත් නෑ. මට මේ පුටුව දුන්නු ගම්පහ ජනතාව අමතක කරන්නෙත් නෑ.

 මේ කැලණියේ ප්‍රාදේශීය සභාව ගැන මා වග කියන්නේ නෑ. මට ඉන්නේ මන්ත්‍රීවරුන් හතර දෙනයි. දැන් ඩෙංගු නිසා කැලණියේ ගොඩක් මැරෙනවා. මා ඉන්න කාලේ මැරුණේ නෑ. එකක් වෙද්දිම මා දඩුවම් දුන්නා. ඒ කියන්නේ මා ගස් බැන්දේ නෑ, එයාලා කරලා පෙන්නුවා.  මගේ ඉල්ලීම පිට තමයි කළේ. මං කිව්වා ඔයා බැඳ ගන්න, ඔයා ලියා ගන්න කියා. මා ගස් බඳින්නේ නෑ. එකවරක් කසාද බැන්දා විතරයි.‘



අදහස් (0)

කැලණියෙන් යනවානම් යන්නේ ගෙදර

චමිලා Thursday, 12 June 2014 06:41 AM

අනේ! කැලණිය නම් දාලා යන්න එපා (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 11 June 2014 06:20 PM

පාසල් දරුවන්ට නේද මේ කතාව කරලා තියෙන්නේ? නියමයිනේ. (නි)

:       0       0

පානි Thursday, 12 June 2014 02:48 PM

කැලණියේ මොළ කාරයින්ටම ගැලපෙන මොළ කාරයෙක් මේ. (නදී)

:       0       0

සරත් Thursday, 12 June 2014 07:42 AM

ඔබතුමා අපිට දෙවියෙක්. එදා අපි ත්‍රීරෝද රථ පැදෙවුවා, මාලු විකිණුවා... දැන් ඔබතුමා නිසා අපේ ජීවිත බැබළෙනවා.ඔබතුමා තමයි සදහටම අපේ ලොක්කා... (නි)

:       0       0

සරත් Wednesday, 11 June 2014 06:26 PM

කැලණියට වැඩ කරන්න දිරිය ලැබේවා! සියලු දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

කුසලා Wednesday, 11 June 2014 06:31 PM

නියමයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

විමල් Wednesday, 11 June 2014 06:31 PM

කැලණියෙන් ඔබ දිනනවා දිනනවාමයි (නි)

:       0       0

ප්‍රසංග Wednesday, 11 June 2014 06:51 PM

ඔබ නම් නියම මහත්මයෙක්... (නි)

:       0       0

රොහාන් Wednesday, 11 June 2014 06:59 PM

නියද අදහස් ටිකක්නේ අපේ කට්ටිය දාලා තියෙන්නේ.... (නි)

:       0       0

අබේරත්න Wednesday, 11 June 2014 07:03 PM

ආඩම්බරයි මහත්තයෝ අපිට.... (නි)

:       0       0

රකිත Thursday, 12 June 2014 09:03 AM

පෙර අකුසල් නැහැ හැබැයි මේ ආත්මයේදී සිදුකල අකුසල් ඇති. තමන්ම බැඳගෙන තමන්ම ලිහා ගන්න කියපු දඬුවම නම් මරේ මරු.ඇයි එතකොට තමන් විසින් තමන්ටම කන පැලෙනකන් ගහ ගත්ත දඬුවම. ඒක අමතක වුනාද?(දී)

:       0       0

භානු Thursday, 12 June 2014 04:06 PM

ඇත්තම නේන්නම්. පෙර අකුසල් තියෙන්නේ අවශේෂ පුරවැසියන් වන අපටයි. නැතිනම් මෙහෙව් රටේ අපි උපදින්නේ නැහැනේ ! අන්න පෝය දවසෙම කුඩු කන්ටේනරයක් අහුවෙලා. (නදී)

:       0       0

මාලි Thursday, 12 June 2014 09:07 AM

නියම කතාව (දී)

:       0       0

කල්ප Wednesday, 11 June 2014 07:13 PM

ඔබතුමන්ට දීර්ඝායු වේවා! (නි)

:       0       0

සුජාන් Wednesday, 11 June 2014 07:25 PM

අනේ මන්දා මහත්තයෝ, අපිට නම් මේ කතා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 11 June 2014 07:30 PM

මෙතුමාව කැළණි පුරවරයට තම කතිරය ගසා පත් කිරීමෙන්ම කැලණියේ ජනතාව තම යුතුකම ඉටුකර තිබෙනවා (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 11 June 2014 07:30 PM

ඡන්දයකින් පසුව කාට කාටත් නියම ඇත්ත පෙනෙයිනේ. එතෙක් ඔහොම යමු. (නි)

:       0       0

සුනිල් - රියාද් නුවර Wednesday, 11 June 2014 07:34 PM

කවුරු මොනවා කිවුවත් තාම විභීෂණ දෙවියන් කැලණියේ ඉන්නවා. (නි)

:       0       0

සුනිල් Thursday, 12 June 2014 09:36 AM

කැලණිය කුඩු වගයක් අහුවෙලාලුනේ 85 kg (දී)

:       0       0

රොෂාන් Wednesday, 11 June 2014 07:48 PM

බොහොම හොඳ අධිෂ්ඨානයක් (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 12 June 2014 09:45 AM

මෙතුමා දුරදිග බලලා වචන කිව්වත් නොකිව්වත් එවල පලවිපාක කොහොම උනත් කියන්න ඕන දේ කියනවා කරන්න ඕන දේ කරනවා. (දී)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 11 June 2014 07:58 PM

මෙහෙම මහත්තුරු, අනේ වාසනාවන්! (නි)

:       0       0

සුලෝචනා Wednesday, 11 June 2014 08:17 PM

මෙන්න නියම කතාවක්.... නියමයි (නි)

:       0       0

අජිත් Wednesday, 11 June 2014 08:17 PM

ඔබතුමා තෝරා බේරාගෙන වැඩ කටයුතු කරනවා නම් තමයි හොඳ (නි)

:       0       0

දීපාල් Thursday, 12 June 2014 10:15 AM

තාම ඉන්නවා නේද?. (දී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 June 2014 08:26 PM

කැළණියෙන් යනවා නම් ඊට පසු ඉතින් කොහේ ගියත් අපට කමක් නැත. (නි)

:       0       0

අහිංසා Wednesday, 11 June 2014 08:40 PM

කැලණිය ඉතා සන්සුන් පුජනීය නගරයක් ලෙස නම් දරා සිටි කාලයකුත් තිබුණා (නි)

:       0       0

ශේන් Wednesday, 11 June 2014 08:44 PM

කතාව නම් මට එච්චර ඇල්ලුවේ නැහැ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 11 June 2014 08:54 PM

හුඟක් ලංකාවේ මිනිසුන් දැන් ඡන්දෙ දාන්න යන්නෙත් නැහැ. 55% විතර තමයි හැමදාම ඡන්දෙ දාන්නේ. පිටරට සමඟ බලන විට ලංකාව මේ කිසිකෙනෙක් දියුණු කරන්නේ නැහැ.දියුණු කිරීමේ සැළසුමක්වත් නැහැ. (නි)

:       0       0

දර්ශන Wednesday, 11 June 2014 09:02 PM

අනේ! මම ලංකාවේ නොසිටින එක හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

කැලුම් Wednesday, 11 June 2014 09:15 PM

මේ කතාව පැවැත්තුවේ අප්‍රේල් පළවෙනිදා ද?(දී)

:       0       0

ලැසි Wednesday, 11 June 2014 09:18 PM

කාට කියන්නද මේ අවනඩුව (දී)

:       0       0

සෑම් Wednesday, 11 June 2014 09:26 PM

සාධු සාධු (දී)

:       0       0

කමල් Wednesday, 11 June 2014 09:46 PM

කෙබර දෙසාබෑම කුසල කර්මයක්ද?(දී)

:       0       0

වසන්ති Wednesday, 11 June 2014 09:48 PM

ඇමති තුමා නැතුව ගියොත් ගම්පහ දිස්ට්‍රිකයම ඉවරයි. කොහෙවත් යන්න එපා.(දී)

:       0       0

ජෙහාන් Wednesday, 11 June 2014 09:51 PM

කට මැද දොඩවනවාද කොහෙද? (දී)

:       0       0

සීත් Thursday, 12 June 2014 11:05 AM

කෝ පුතා? (දී)

:       0       0

මිනිපෙ Wednesday, 11 June 2014 09:58 PM

නිකං ඔහේ කියෝනව. පව්.(දී)

:       0       0

කොස්වත්ත Wednesday, 11 June 2014 10:10 PM

ටෙනිසන්, නියමයි නේද ?මේ ඔකොම අල්ල ගස්බදින්න ඕනෑ

:       0       0

ශාන සෞදි Wednesday, 11 June 2014 10:53 PM

කොහිදෝ යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා ඔබ පිටිපස්සේ(දී)

:       0       0

මිගියා Wednesday, 11 June 2014 11:00 PM

සමහර ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ අපේ රටේ තවමත් මෝඩයෝ වැඩිය කියල.(දී)

:       0       0

කුවේට් සම්පත් Thursday, 12 June 2014 12:13 AM

මොනාද මේ කියන්නේ.අපිත් ලංකාවේ (දී)

:       0       0

පිටිගල Thursday, 12 June 2014 12:18 AM

මොනවා කලත් නියම සිංහල බෞද්ධයෙක්.. ඔබ තුමාට ජය! (දී)

:       0       0

සංජීව Thursday, 12 June 2014 12:36 AM

මටනම් නිකන් පිස්සු වගේ (දී)

:       0       0

ලාල් Thursday, 12 June 2014 12:49 AM

මුහුද මගේ ගොඩ බිමයි කැලණිය නිවසම තමයි (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 12 June 2014 12:09 PM

මෙයා කැලණිය පන්සලේදීම අපායට ඇදගෙන යාවි කියන බොරු වලට.ගස් බැන්ද මිනිහ තාම ජීවත් වෙනවා. ලෝකය පුරාම මෙම සිද්ධිය අප අන්තර ජාලයෙන් දුටුවා. (දී)

:       0       0

සුසිර Thursday, 12 June 2014 01:35 AM

ඇත්තටම මෙතුමා සිංහල බෞද්ධයෙක්??(ස)

:       0       0

යුවාන් Thursday, 12 June 2014 12:12 PM

හොදයි හොදයි වෙන කොහේ යන්නද? (දී)

:       0       0

චමිලා Thursday, 12 June 2014 01:55 AM

එතුමා කියන්නේ ඇත්ත එතුමා දිනනවා . මෙතන අදහස් දාල තියන මෝඩ මිනිස්සු දැක්කම ඒක ඇත්ත කියල පිලිගන්න වෙනවා .(ස)

:       0       0

සේනාධීර Thursday, 12 June 2014 02:32 AM

අනේ! ඔබතුමා කොහේවත් යන්න එපා (නි)

:       0       0

සුපුන් Thursday, 12 June 2014 02:41 AM

මෙන්න නියම මහත්වරු... බලන්න ඔහු ඍජුව ඇත්ත කතාකරන අපූරුව... (නි)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Thursday, 12 June 2014 12:53 PM

මෙම පුවත් කියවූ මට , එසෙනින් මතකයට ආවේ මම කුඩා කාලයේ කියවූ ටි ජි ඩබ්ලිව් සිල්වා මහතාගේ උපහාසාත්මක කතා පොතක කොටසකි. එහි ඔහු ලියා තිබෙනවා ජඩ කම බලුකම් කරන්නෝ මෙලොවදීත් එලොවදිත් පැසසුම් ලබති කියා. එය සනාත වීමක් මෙම පුවතින් වැටහෙනවා. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 12 June 2014 04:38 AM

යනවා නම් අනේ මං අරන්...‍ යන තැනකට යන්න රත්තරන්! (නි)

:       0       0

විදුරන්ග Thursday, 12 June 2014 05:17 AM

මෙන්න කෙළින් කතාකරන මිනිස්සු (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 12 June 2014 06:26 AM

යනවා නම් අනේ කැළණියෙන්... සද්ද නැතුව යන්න යනවා නම්.... අපි ඉන්නේ අපේ වැඩ බලන්.... ලුණුයි බතුයි කාලා රත්තරන්..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1341 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 827 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1891 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2784 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site