IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කැලණි සරසවි ඇදුරෝ වැඩ වරති

බොරු චෝදනා කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් උසාවි ගෙන ගිය බවට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (10) සංකේත වැඩවර්ජනයක් ඇරඹූහ.

ඔවුහු දේශන පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම්වලින් ඉවත්ව සිටින බව ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය එච්.එච්.සුමතිපාල මහතා පවසයි.



අදහස් (0)

කැලණි සරසවි ඇදුරෝ වැඩ වරති

ප්‍රනාන්දු Friday, 10 June 2016 12:50 PM

උපාලි, ඔබ හරි. දියුණු රටවල ළමයින්ට විශ්ව විද්‍යාල වල නොමිලේ අධ්‍යාපනයක් නැහැ. ඔවුන් ණය ගන්නවා. අනික පිටවුණ ගමන් රැකියා ලැබෙන්නෙත් නැහැ. පාරවල් වහගෙන රස්සා දියවු කියලා උද්ඝෝෂණත් නැහැ. ගැළපෙන රැකියාවක් ලැබෙනතුරු ෆැක්ටරියක වැඩට යනවා. (නි)

:       0       0

භද්‍රානි Friday, 10 June 2016 01:35 PM

චමීර, ඔබ ඔබේ බුද්ධි මට්ටමේ තරම තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. උපාලි ලියා තිබෙන දේ නිවැරදියි. ඔබ ඔය කියන සිස්ටම් එකේ නෙමෙයි වරද හෝ අඩුපාඩු තියෙන්නේ, ජනතාවගේ බදු මුදලින් නොමිලේ ඉගෙනගන්න සිසුන්ට ඒ ගැන කිසිදු අගයක්, වටිනාකමක් නොමැතිව කරන නොමනා ක්‍රියාවනුයි. (නි)

:       0       0

චානක Friday, 10 June 2016 06:28 AM

ගුරුවරුන්ට ගෞරව කරන්නැති මේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන රටේ හෝ පවුලේ යහපත මොකද්ද ?(ම)

:       0       0

සුනිල් Friday, 10 June 2016 07:06 AM

ගුරුවරු කියන්නේ මිහිපිට අපිට සියසින් දැකිය හැකි දෙවිවරු. මොන වරදක් තිබුණත් දන ගසා වදින්න සුදුසු මහත්වරු බව දැනගන්න.(ම)

:       0       0

රංජිත් සිල්වා Friday, 10 June 2016 03:12 PM

අර කට්ටිය නවක වදය දෙනකොට ඔයා කොහෙද හිටියේ ? අදාළ නැහැ කියන්න නම් එපා. (බ)

:       0       0

අරවින්ද Saturday, 11 June 2016 07:30 AM

ප්‍රනාන්දු, ඔයයි මමයි දන්න ෆැක්ටරි. කොහෙද උපාලි ෆැක්ටරි තියෙන්නේ? මේවට වගකියන්න ඕනෑ ඔයත්, මමත් එක්කම මේ රටේ ඉන්න ජනතාව. නිවැරදි පාලකයෝ පත්කරගන්නේ නැතුව දේශපාලන වහල්භාවයේ හිරවෙලා සියලු අසාධාරණකම් බලාගෙන කටවහගෙන ඉන්න ගමන් ඒ සමාජයේම එක කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට බනිනවා. බැන බැන ඉන්න. එතකොට හරියයි ඔක්කොම. (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 10 June 2016 04:06 PM

අනේ ඔයා කොහෙද හිටියේ අර නවක වදේ ෆිලිම් එක නාටකය රුගත කරන වෙලාවේ ? (බ)

:       0       0

උපාලි Friday, 10 June 2016 08:34 AM

මේ විශ්ව විද්‍යාල රටට ශාපයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකද? වෙනත් දියුණු රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න විශාල මුදලක් ඒ ශිෂ්‍යයෝ දරනවා. බැංකු ණය ගන්නවා. තාවකාලික රැකියා කරනවා. ඔවුන්ට රැග් කර ඉන්න වෙලාවකවත් වුවමනාවක්වත් ඉඩක්වත් නැහැ. අපි මොකද කරන්නේ, ඉගෙන ගන්න කිසිම වුවනාවක් නැති, වද දීම විශ්ව විද්‍යාල ජීවිතය යයි හිතාගත් පිරිසක් වෙනුවෙන් ජනතා බදු මුදල් නාස්ති කිරීමයි. (බ)

:       0       0

චමීර Friday, 10 June 2016 08:56 AM

උපාලි. දන්නා දෙයක් කතා කරන්න. වෙන රටවල තමන්ගේ රටේ අයට ගෙවන්න වෙන්නේ ඉතාම අඩු මුදලක්. තමන්ට, තමන්ගේ දරුවන්ට පාසලේදී ඉගැන්වුවෙත් , ලෙඩකට බෙහෙත් දෙන්නෙත් , කන්තෝරුවේදී වැඩ කර දෙන්නෙත් අපේ රටේ විශ්ව විද්‍යාල වලින් පිටවුනු අය බව මතක තියා ගන්න. සිස්ටම් එකේ අඩුපාඩු ඇති. නමුත් සිස්ටම් එකට ගරහන්න එපා. මේ රටේ සිස්ටම් එක විනාශ වෙනකන් බලාන එන්න එපා. ඉන්න බැරි නම් වෙන රටකට යන්න. (බ)

:       0       0

විපුල Friday, 10 June 2016 09:05 AM

එහෙම කරලත් එලියට ආවා කියමුකෝ ඒ රටවල වගේ මෙහෙ රස්සාවල් තියෙනවද? සල්ලි දීල උපාධි අරන් නිකන් ඉන්න වෙන්නේ. (බ)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 10 June 2016 09:22 AM

නීතියට ගරු කර නීතිය ක්‍රියාත්මක වීමට සහ සාධාරණය ඉටුවීමට ඉඩදී බලාසිටීම හැමගේ යුතුකමකි. අධ්‍යාපනයෙන් ලැබිය යුතු හැදියාව එයයි. ඉහලම අධ්‍යපනයක් ඇති අයත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම ගැන බය සැක ඇති කරගන්නේ නම් අනිත් අය ගැන මොන කතාද ? චෝදනා බොරු ද කියා තීරණය කල යුත්තේ අධිකරණ මිස වෘත්තීය සමිති නොවේ. (අ)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 10 June 2016 09:25 AM

චමීර,සිස්ටම් එකේ අඩුපාඩු විවේචනය නොකර වහන එක තමයි කරන සිස්ටම් එකට කරන ලොකුම ගැරහීම. ඒ අඩුපාඩු ගැන කියනවිට සිස්ටම් එකේ අඩුපාඩු නිසාම හම්බකරගෙන කන උන්දාලට ඉවසන්න අමාරුයි. (අ)

:       0       0

මනෝජ් Saturday, 11 June 2016 12:49 AM

උපාලි, ඔයා හරි. ඉගෙනගන්න ඕනෑ තත්වයට නොවේ රැකියාවටයි. එ්කට විශ්ව විද්‍යාලයේ යන්නම ඕනෑ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 37 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 196 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 446 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1006 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1203 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site