බණ්ඩාරවෙල කොලතැන්නේ මහපාර හා දුම්රිය මාර්ගය අතර 48 වැනි අනතුර අද (06) සිදු විය. පාරේ යන ලොරි හා බස් මීට පෙර දුම්රිය පාරේ ටික දුරක් ගමන් කර නැවතී අනතුරට පත් වූ අවස්ථා 47 ක්ම වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
මහපාරේ පල්ලම නිසා පළමු ගියරයේ වාහන පදවන ලෙස පොලිසියෙන් රියදුරනට අවවාද පුවරුද සවි කර ඇත.
අද හපුතගේ උඩ පාරේ ගමන් කළ ලොරිය තිරිංග අක්‍රීය වීම නිසා පාලනය කරගත නොහැකිව නවතා තිබූ ත්‍රීරෝද රියක හා කාරයක ද වැදී අනතුරට ලක් වී ඇත.
ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ජීවිත හානි කිසිවක් සුදුවී නැති බවත් මේ අනතුර හේතුවෙන් පැය තුනක පමණ කාලයක් දුම්රිය මාර්ගය හා මහා මාර්ගය අවහිර වී තිබූ බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.
ඡායාරූප - පාලිත ආරියවංශ
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොලතැන්නේ 48 වැනි අනතුරත් සිදුවෙයි
ගමගේ Saturday, 07 May 2016 04:41 AM
මෙතන අදහස් දමා තිබෙන බොහෝ දෙනෙකුගේ මතයන් බොහෝදුරට එක සමනය. හේවා අනතුර වැරදියි කියා නොව එය සාධාරණීකරනය කරන්නට උත්සාහ කරයි. මා එකග වන්නේ නිමල ලලිත සමඟ පමණි. ලොරිය දෙකඩ වී ඇති ආකාරය දුටුවිට එම රියදුරාගේ සුපරීක්ෂාකාරී රිය පැදවීම , අපේ බොහෝ ලාංකීක රියදුරන්ගේ හික්මීම මොනවට පැහැදිලි වෙයි. අපේ ආකල්ප වෙනස් වන්නේ නැත්නම් අපට සදා දුක පමණි (නි)
කටුනායක Saturday, 07 May 2016 06:33 PM
ගමගේ, නුඹ හරි. (නි)
ගමගේ Saturday, 07 May 2016 07:05 AM
මෙතන මමනම් හිතන්නේ මොකක් හරි භූත ධෝෂයක් තිටයෙන තැනක් කොච්චර ප්‍රවේසමෙන් ගියත් මොකක් හරි වෙනවනේ. පව් අසරණ ලොරි රථයේ රියදුරා. අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පතමි, (හේ)
හේවා Friday, 06 May 2016 09:06 PM
ඉන්දීය වාහන වලින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වියනොහැක (නි)
සෑම් Friday, 06 May 2016 09:54 PM
කන්ද මුදුනේ ලොරි රථ නවත්වලා ලෝ ගියර් එකට දාන්න පොලිස් මුරපොලක් පිහිටෙව්වොත් මේ අනතුරු අඩුවේවි. ඕස්ට්‍රේලියාවේ නම් ලෝ ගියර් පල්ලමකදී බ්රේක් ලයිට් දෙපාරක් පත්තුවෙලා (ඒ කියන්නේ දෙපාරක් බ්රේක් ගහලා) පොලිසියට අහුවුණොත් දඩ ගහනවා (නි)
පිටබැද්දර ජයා Friday, 06 May 2016 11:39 PM
පිටින් ලස්සනට තීන්ත ගාලා තිබුනට එහෙම පිටින්ම කබලක් වගේ පෙනෙන්නේ මේ ලොරිය. දැන්වත් මේවාට නීති සම්පාදනය කළයුතුයි. අඩුම තරමේ මාස හයකට වරක් බර වාහන සඳහා මාර්ගයේ ධාවනය සඳහා වන තත්ත්ව පරික්ෂණයක් සඳහා යොමුකර විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරියෙකු මඟින් තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වියයුතුයි කියා නියම කළයුතුයි (නි)
මනෝජ් Saturday, 07 May 2016 12:43 AM
අද ඕනෑම රියදුරෙකුගෙන් අහන්න එයා පදවන වාහනයේ කොපමණ බරක් අරගෙන යනවාද, කොපමණ ගෙනියන්න පුලුවන්ද කියලා? කී දෙනෙක් දැකලා තියෙනවද දුනු සෙට් එක සවිවෙලා තියෙන සම්බන්ධකයේ තරම. ගුණාත්මක රියදුරෙක් වෙන්න කාර්මික හා තාක්ෂණික දැනුමත් තියෙන්න ඕනෑ. (නි)
ජයත් Saturday, 07 May 2016 01:15 AM
මනෝජ්, ඔයා දන්නා දෙයක් නැහැ. අහලා බලන්නකෝ අපේ ත්‍රීරෝද උන්නැහේලාගෙන් සහ පුද්ගලික බස් අයියලාගෙන්. ඉංජිනේරුවෝ දන්නේ නැහැ ඒ අය දන්නා දේවල් (නි)
ඇසළ Saturday, 07 May 2016 01:31 AM
කාර් එක 13 ශ්‍රී නිසා ඔයින් බේරුනා. දැන් තියන ඉන්දියන් එකක් නම් හිටපු මිනිස්සුත් එක්ක පපඩමක් පොඩි කළා වගේ තියෙයි. (නි)
නිමල් ලලිත Saturday, 07 May 2016 01:42 AM
මෙවැනි අනතුරු වලට හේතුව අබලන් වාහන සහ නොසැළකිළිමත් රිය පැදවීම. කළයුතු එකම දෙය වැරදිකරුවන්ට උපරිම දඬුවම් දීම සහ එයට අමතරව රජයට මේ සඳහා දරන්නට වන වියදම, රක්ෂණයෙන් නොව හිමිකරුවන්ගෙන් අයකර ගැනීමයි (නි)
නිමල් Saturday, 07 May 2016 03:21 PM
නොසැළකිළිමත්කම තමයි මේ අනතුරු වලට මුල (නි)
අරවින්ද Saturday, 07 May 2016 03:23 AM
සමහර රියදුරු මහත්වරු තෙල් ඉතුරු කරගන්න පල්ලමේ නිව්ටල් ගියර් එකේ එනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ තිරිංග අහුවෙන්නේ නෑ. අනතුරු වෙන්න තියන ඉඩකඩ වැඩියි. (හේ)