(රොමේෂ් මධුෂංඛ සහ ඉන්දිකා රාමනායක)
කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වලදමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානය යුද සමයේදී කොටි ත්‍රස්තයින් පවත්වාගෙන ගිය පතුරම් ගබඩාවක් බවට සැකපල කරන බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
තෙවැනි දිනටත් අද (16) දිනයේදී කැනීම් ආරම්භ කළ අතර අද උදෑසන වන විට එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 104,000ක් හමු වී ඇත.
වළදමා ඇති අවි සොයා අද දිනයේදීද අදාල ස්ථානය කැනීම් සිදුකරන බව කිලිනොච්චිය පොලිස් විශේස කාර්ය බලකා කඳවුර පවසයි.
මේ වන විය පතුරම් පෙට්ටි 65 ක් පමණ සොයාගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ගබඩා කොට ඇති අතරම සොයාගත් පෙට්ටිවල පතුරම් 48,750 ක ප්‍රමාණයක් ගබා කර ඇතැයි පොලිසිය කියයි.
අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 55,250 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසීය.
ඉඩම් හිමියා නිවෙසක් ඉදිකිරීම සඳහා ඉකුත් 13 වැනි දා අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදුකරන ලද දැනුම් දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500 ක් සොයාගත් අතර පසුව පොලීසිය එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව ස වැඩිදුර කැනීම් සිදුකිරීමට පියවර ගෙන ඇත.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිලිනොච්චියෙන් ලක්ෂයකට අධික උණ්ඩ හමුවෙයි
Bamunuarachchi Thursday, 16 December 2021 03:48 PM
යහපාලන කාලේ ආරක්ෂාව කොපමණ හොඳද කියනවා නම් මේ එකක්වත් හමුවුනේ නැහැ. මේවා යුද්දෙ කාලේ වලලපු ඒවාද හම්බ ත්‍රස්තයින් වළලපු ඒවාද? ඒ ගැනත් සොයා බලන්න.