IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කිලිනොච්චියේ කඩ සියයක් ඉවරයි

කිලිනොච්චියේ පොදු වෙළඳපලේ කඩ සාප්පු සියයකට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වීය. ඉතිරි වූයේ කඩ දෙක තුනක් පමනි. 

දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව වෙළදසැල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒවායේ තිබූ සියලූ බඩු භාණ්ඩද සමග සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශව ඇත.

ගින්න ඇතිවූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප‍්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.

ගින්න ඇතිව තිබෙන්නේ රාති‍්‍රයේ වීම නිසාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

10 05 06 08 09 10 12 16 (1)

 



අදහස් (0)

කිලිනොච්චියේ කඩ සියයක් ඉවරයි

ජනහිත Saturday, 17 September 2016 03:28 PM

හරි විනාශයක් නේද? අවදානම ගැන කවුරුත් සැළකිල්ලෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

චන්න බුවනක Saturday, 17 September 2016 04:36 PM

දැන් ඔය පොලිසිය, හමුදාව එපා කියපු අයගේ කඩවල් නේද අපේ හමුදාව බේරාගත්තේ? (නි)

:       0       0

සමරේ Saturday, 17 September 2016 06:34 PM

උතුරේ සාමාන්‍ය ජනයාට අවශ්‍ය ෆෙඩරල් හෝ වෙනයම් දෙයක් නොව, රටේ සෙසු සමස්තයේ ප්‍රශ්නයම වන මුලික අවශ්‍යතාය. මුලික අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි ආණ්ඩු කෙසේ හෝ තම බලය රැකගනිති. මිනිස්සු හැමදාම දුක් විඳිති. දුක් විඳින්නේ සිංහලෙන් හෝ දෙමළෙන් නොවේ. මේ ගිනිගන්නා ටකරන් කඩපෙල අපට කියන්නේ ඔය ටිකමය. (නි)

:       0       0

පීරිස් Monday, 19 September 2016 02:57 AM

මොනවා වුණත් මේවා මහා අපරාධ. මේ කඩ ඉබේ ගිනිගන්න නම් විදුලි කාන්දුවක් වෙන්න ඕනෑ, නැත්නම් කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක්. මොකක් හෝ යටි අරමුණක් ඇති. (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 17 September 2016 08:52 PM

කොහොම වුණත් පහුගිය කාලේ වපුරපු බීජ වල හැටියට රටම ගිනිගන්න දවස වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

පුබුදු Sunday, 18 September 2016 12:40 AM

යුධ හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය නැත්නම් ඉතුරු කඩ ටිකත් ඉවරයි නේද? විග්නේශ්වරන්ට මේවා පෙනෙන එකක් නැද්ද? (නි)

:       0       0

ජයවර්ධන Sunday, 18 September 2016 01:27 AM

පවු දෙයියනේ අහිංසක මිනිස්සු! (නි)

:       0       0

අල් හුසෙන් Sunday, 18 September 2016 04:56 AM

මේවා හොඳ කඩ හදාගන්න කරපු උප්පරවැට්ටි. මේවටත් ගෙවන්න වෙන්නේ අපේ සල්ලි තමා. (බ)

:       0       0

රොෂාන් Sunday, 18 September 2016 08:50 AM

පුබුදු ඔබ නිවැරදි.... අපේ යුධ හමුදාව කොච්චර දෙයක් කරනවද කියල දැන් පේනවා නේද? විග්නේෂ්වරන් කොහෙද දන්නේ ? (බ)

:       0       0

රූපවතී Saturday, 17 September 2016 06:13 AM

පව් දුප්පත් මිනිසුන්! එදා වේල හොයාගෙන ජීවත්වෙන්න තිබුන දේපල (නි)

:       0       0

ශාන්ත Saturday, 17 September 2016 06:56 AM

සැලසුමක් නැතුව කඩ සාදා තිබෙන බව පේනවා. තාවකාලික කඩ වෙන්න ඇති. අනෙකුත් කඩහිමියන්ට මෙය අාදර්ශයක් (නි)

:       0       0

දර්ශන Saturday, 17 September 2016 08:01 AM

ලංකා ඉතිහාසයේ කිසිම කාලයක මෙතරම් ගිනිගැනීම් සිදුවෙලා නැහැ. කඩ සාප්පු, ගෙවල්, කර්මාන්ත ශාලා, වනාන්තර අක්කර දහස් ගණනින්, හමුදා කදවුරු, වරාය, විශ්ව විද්‍යාල ,.... එක පිට එක ගිනිගන්නවා. සමහරවිට මෙය යම්කිසි පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වීමටද පුළුවන්. රට ගිනිගන්නවට කැමති කට්ටියක් ඉන්නවනේ (නි)

:       0       0

සංජීව Saturday, 17 September 2016 08:06 AM

මේ අයට ඉතින් කෝකටත් පිහිට වෙන්නේ අපේ වීරෝධාර හමුදා කොල්ලෝ. මේ අයට පෙනෙන්න බැරිත් අපේ කොල්ලෝ (නි)

:       0       0

අසංග Saturday, 17 September 2016 08:12 AM

විග්නේෂ්වරන් දැන් කියයිද දන්නෙ නැහැ හමුදාවේ සම්බන්ධයක් තියනවා කියලා. (නි)

:       0       0

විශ්ව Saturday, 17 September 2016 08:13 AM

සහෝදරයා සහෝදරිය, හරිම කණගාටුයි. අපිටත් ඔය වගේ කරදර වුණා, ගංවතුරෙන්. ගින්නකුත් අාවා සාලාවට. හිතට ධෛර්යය ගන්න මේ වෙලාවේ (නි)

:       0       0

ගාමිණි Saturday, 17 September 2016 08:10 AM

හොඳ වෙලාවට හමුදාවේ අය හිටියේ (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 18 September 2016 02:25 PM

ටකරන් කඩ දමාගෙන ඉන්නේ සුළු වෙළෙන්දෝ. හමුදාවෙන් කොච්චර උදවු කළත් අර විග්නේශ්වරන්ට හොඳක් පේන්නෙම නැහැ. දැන් මේ පින්තූර ලෝකෙට පෙන්නලා මොන බොරුවක් පතුරයිද දන්නේ නැහැ.ඒ වගේම ඔය පැත්තේ කට්ටිය රටවල් වලින් සරණාගත වීසා ඉල්ලන්නත් පටන් ගනියි. අපි නොදන්න කිලිනොච්චිය. (නි)

:       0       0

සංජීව Saturday, 17 September 2016 08:28 AM

හැම එකක්ම වගේ මේකත් අහවල්ලුන්ගේ ගිණුමටද දන්නෙ නැහැ යන්නේ. මේකටත් කොමිසමක් දාලා තීරණයක් ගනියි (නි)

:       0       0

රොකී Saturday, 17 September 2016 08:40 AM

මේක යම් කඩකප්පල්කාරී ක්‍රියාවක්දැයි සෙවිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 September 2016 08:44 AM

ලංකාවේ කවදාවත්ම අහලා තියෙනවද මේතරම් ගිනිගැනීම්? (නි)

:       0       0

ධම්ම Saturday, 17 September 2016 08:58 AM

මේ ටකරන් මඩු වෙනුවට ස්ථිර හොඳ ගොඩනැගිලි සාදා දෙන්න, බිඳුණු හදවත් තුළ සංහිඳියාව කුළුගැන්වෙන්නත් එක්ක. සාලාවේ වැඩ පමාවුණාට කමක් නැහැ. (නි)

:       0       0

රංග Saturday, 17 September 2016 08:59 AM

අනවසර වෙළදාම, ප්‍රමිතියක් නැති ඉදිකිරීම්... අහිංසක මිනිස්සුත් අමාරුවේ...!! (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 17 September 2016 09:12 AM

කොහේ හරි අටවාගන්නවා. කිසිම ප්‍රමිතියක් නැහැ. ගිනිගන්න එක අහන්න දෙයක්ද. (නි)

:       0       0

සුසන්ත Saturday, 17 September 2016 09:21 AM

කබලෙන් ළිපට වැටුනා වගේ වැඩක්. පවු මේ මිනිස්සු. (නි)

:       0       0

වීරසේන Saturday, 17 September 2016 10:03 AM

ඔය දේ නම් හොඳකට නෙමෙයි. මට නම් සැකයි. කොහොමද කඩ සාප්පු 100 ක් එකවර ගිනිගන්නෙ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 17 September 2016 10:37 AM

මේකේ වගකීමත් මහින්ද මහත්තයට ගන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 315 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 794 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 66 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 639 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 303 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 880 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site