IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිලිනොච්චියේ දැරියක් අතුරුදන්

කිලිනොචිචිය, උරුදිපුරම්, එළුක්කාඩු ප‍්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිලිනොචිචිය පොලිසිය කියයි.

උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරියක් එලෙස අතුරුදහන්ව ඇති අතර අදාළ දැරිය මව සමග නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර, දැරිය නෑවීමෙන් අනතුරුව අසල්වාසියකු සමඟ දැරිය නිවස වෙත පිටත්කොට යවා ඇති අතර තමන් දිය නා නැවත නිවසට පැමිණයද දැරිය නිවසේ නොසිටි බව ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

දැරිය නිවසට රැගෙන පැමිණි අසල්වාසි පුද්ගලයා ඇතුළු පුද්ගලයින් පස් දෙනකුගෙන්  ප‍්‍රශ්න කොට ඇති බවද කිලිනොච්චි පොලිසිය පවසයි.



අදහස් (0)

කිලිනොච්චියේ දැරියක් අතුරුදන්

ආරියසේන Tuesday, 23 June 2015 05:40 AM

දෙමව්පියන් හා වැඩිහිටියන් තම දරුවන් පිළිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. අද කාලයේ තමන්ගේ තාත්තාවත් විශ්වාස නැති කාලයක් බැවින් විශේෂයෙන් අම්මලා දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕන. මගතොටේ යන විට, නිවසේ තනියෙන් සිටින විට, බස් රථයේ යන විට, තම කාමරයේ නිදාගන්න විට, තවත් කවුරුන් හෝ සමග දරුවන් යවන විට, බස් නැවතුමේ ඉන්න විට තම සහොදරයන් හා බීමත්කමට යොමුවූ තාත්තලා සිටින අය, යනාදී වශයෙන් කරුනු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අද කාලයේ ළමයින්ට අනතුරකින් බේරීමට තරම් දැනුමක් නැති බව පෙනනව. පසුගිය දිනක තරුණියක් අපරාධ කාරයකුගේ දිවක් සපාකා තිබන පුවතක් තිබුනා. ඇත්තටම කාන්තාවන් එසේ ශක්තිමත් විය යුතුය. නිවසේ තනියෙන් සිටින විට පිටස්තරයකු පැමිණියහොත් දරුවාගෙන් කවුද ගෙදර ඉන්නේ යයි ඇසුව හොත් දරුවා පිළිතුරු දීමට නොදනී. ඇත්තටම ළමයින්ට උගන්නන්න ඕන එවැනි වෙලාවක අම්මා තාත්තා පල්ලහා ඉන්නවා ඉන්න මම කතාකරන්නම් කීමටවත්. එසේම සමාජයේ සිටින මිනිසුන් ගොඩක් මානසික මට්ටමින් පිරිහුන අය තමා ඉන්නේ. එවැනි අය යමක් කිරීමට පෙර දෙපාරක් තුන් හතර වතාවක් හිතන්නේ නැහැ . අපරාදකාරයොත් දැන ගන්න ඕන යම් අපරාදයක් කලහොත් දිට්ට ධම්මවේදණීය කර්ම පල විපාකය එවේලම ලැබන බව . අනිවාර්යෙන්ම පසු තැවීමට පත්වන්න වෙනවා වෙනවා මයි......ධර්මයට අනුව හැඩ ගැසෙන්න සැමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

සිරිමල් Tuesday, 23 June 2015 06:34 AM

ආරියසේන ඔබගේ කතාව හරි. අපේ මිනිස්සුන්ගේ සමාජීය සංවර්ධනයක් සිදුකල යුතුයි රටේ සංවර්දනය වගේම. (ර)

:       0       0

නාමල් Tuesday, 23 June 2015 07:52 AM

දැන් සමහර මෝඩයින් එයි 'උතුරේ හමුදාව අඩු කිරීමේ විපාක' කියාගෙන. සිවිල් ආරක්ෂාව භාරව ඉන්නේ හමුදාව නෙමේ පොලිසියයි. . දකුනේ සාරුවා සුනිල් දැරියන් 100 දූෂනය කර වෙලාවෙත් දකුනට හමුදා ආරක්ෂාව දැම්මද? වහාම උතුරේ හමුදාව අල්ලාගෙන ඉන්නා ඉඩම් ඒ මිනිස්සුන්ට ලබාදෙන්න. (නදී)

:       0       0

සුබා Tuesday, 23 June 2015 08:02 AM

ආරියසේන මහාතාණෙනි, ඔබගේ හරවත් ලිපි මා ඉතාමත් ආශාවෙන් කියවමි.ඔබතුමා කාරුණික ගුරු පියතුමෙකුට සමානයි.ඉදිරියටත් ඔබගේ අගනා දැනුමෙන් සියල්ලන්ම දැනුවත් කළ මැනවි. (නි)

:       0       0

චමිලා Tuesday, 23 June 2015 10:15 AM

ආරියසේන මහතාගේ අදහස් අච්චු ගහල ලංකාවේ හැම කාන්තාවක් අතටම දෙන්න ඕන . හැබැයි අන්තිම ඡේදය එක්කනම් මම එකඟ වෙන්නේ නැහැ . අපරාදකාරයා පසු තැවෙනවා කියන එක . මම හිතන්නේ අපරාදකාරයන්ට උපරිම දඩුවම් දිය යුතුයි. මේ දේ කලොත් මේ දඬුවම දෙනවා කියල ප්‍රසිද්ද කල යුතුයි . දඬුවම , නඩුකාරයාගෙන් නඩුකාරයට නොවෙනස් විය යුතුයි. පළාතෙන් පළාතට නොවෙනස් වෙන්න ඕන. ලංකාවටම එක නීතියක් විය යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3201 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2327 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3175 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site