IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කිලිනොච්චි කෝවිලකින් සිරිපතුලක් මතුවේ

(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චිය උරුතිරපුරම ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිල් භූමියෙන් වසර 2400කට වඩා ඉපැරැණි බවට සැලකෙන සිරිපතුලක් ඇතුළු බෞද්ධ පුරාවස්තු රැසක් හමුවී ඇත.

එම ස්ථානයේ තිබී මැටි බඳුන් කිහිපයක් ද මීට වසර හතරකට පමණ පෙර හමුවී ඇති අතර එය කෝවිලට අයත් භාණ්ඩ ලෙස සලකා කෝවිලේ පූජකයන් විසින් ඒවා කෝවිලේම තැන්පත් කරනු ලැබ ඇත.

එසේ හමුවූ සිරිපතුල ඇතුළු බෞද්ධ පුරාවස්තු මහාචාර්ය එස්. පද්මනාදන් මහතා විසින් පරීක්ෂා කරනු ලැබ ඇති අතර, මෙම කෝවිල පිහිටි පුරාවිද්‍යා භූමිය පොලොන්නරු යුගය දක්වා දිව යන බව ඔහු සඳහන් කරයි.

සොයාගනු ලැබූ පුරාවස්තු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට ගෙන ගොස් ඒවා සංරක්ෂණය කළ යුතු බවට ද ඔහු කියයි.

1956 වසරේදී මෙම ස්ථානයෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුව ඇති අතර, මෙම ශිව කෝවිල ඉදිකර ඇත්තේ එම පුරාවස්තු හමුවීමෙන් වසර විස්සකට පමණ පසුව බවට ද තොරතුරු අනාවරණය වේ.

එම ස්ථානයෙන් හමුවූ පුරවස්තු තවමත් කෝවිල් භාරකාර මණ්ඩලය යටතේ පවතී.

එම ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් අවස්ථා කීපයකදී උත්සාහ දැරුවද අන්තවාදී පිරිස් දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධාන කරමින්, පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතුවලට බාධා පමුණුවන බව යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 



අදහස් (4)

කිලිනොච්චි කෝවිලකින් සිරිපතුලක් මතුවේ

G. K. Ekanayake Thursday, 18 May 2023 12:24 AM

මේව රැකගන්න නම් රාජපක්ෂ වරු බලයට එන්නම වෙනවා.

:       12       4

Samitha S. Aluthgamage Thursday, 18 May 2023 06:44 AM

දේශපාලකයන් රකින්න පොලීසිය හමුදාව හා එස්ටීඑෆ් දසදහස් ගනන් යොදවල තියෙනවා.ඇයි මේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා රටේ පෞරාණික ඉතිහාසය ආරක්ෂා කරන්න බැරි ?

:       0       8

rattu Thursday, 18 May 2023 11:04 AM

උබලට අදහස් දුන්නට දාන්නෙ නැහැ. උබලත් අන්තවාදීන්ම තමයි

:       0       3

Dussantha Perera Thursday, 18 May 2023 11:54 AM

ප්‍රදීප් කුමාර මහතාට මෙවැනි විස්තර විස්තර සමාජය වෙත ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 15 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 177 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 103 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 181 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 462 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 503 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 480 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site