(යොහාන් භාසුර)
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, "ක්ලීන් ශ්‍රී ලංකා" සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැවති අතර, වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද එක්වූහ.
එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළේය.
වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් නොකර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය බවත් ඔවුහු පැවසූහ.
රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය
Nihal Monday, 13 January 2025 08:02 PM
ආයෙමත් සමහර දුෂ්ටයන් අපවිත්‍ර කරන නිසා සිංගප්පූරුව හදාගත්තා වගේ දැඩි නීතී පනවා ක්‍රියාත්මක කරන්න, සිංගප්පූරුවේ බිමට කොලයක් දැම්මොත් දවස් තුනක් නගර සභාවේ වැඩකල යුතුයි
pakeer Monday, 13 January 2025 09:01 PM
"මේ වැඩ සැටහන් පටන් ගන්න තිබුණේ 1948 ඉඳලා... සුද්දෝ මේක දාලා ගිය දවසේ ඉඳලා... දැන් හරි, මේක කරපල්ලා. කාලකන්නි නූගත් හැත්තව අමතක කරලා. අඩු ගානේ තව 20න් වත් මේක මනුස්ස වාසයක් වෙයි."
Bandara Tuesday, 14 January 2025 08:01 AM
කෙහොමත් මෙයාට අනාදිමත් කාලයක සිට එන්ජිඕ සහය ඉහළින්ම ලැබුනා