IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කල්පිටියෙන් රත්‍රන් කිලෝ 10 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්‍රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කුඩාව , පුදුකුඩුරිප්පු , කුරිඤඤංපිටිය ඇතුළු ප්‍රදේශවල පදිංචි සිංහල සැකකරුවන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයකු බව කියයි.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබිණි.

අත්අඩංගුවට ගත් රත්‍රන් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නැති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(ඡායාරූප - පද්මා කුමාරි කංකානම්ගේ)

 

 



අදහස් (16)

කල්පිටියෙන් රත්‍රන් කිලෝ 10 ක් අත්අඩංගුවට

Labdeen Tuesday, 10 December 2019 07:17 AM

ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට රත්‍රන් වලට කරන්න දෙයක් නැහැ

:       15       6

AmaraTuesday, 10 December 2019 09:59 AM

ඇයි ලංකාවේ විකුණන්න බැරිද ?

:       0       6

Mahee Tuesday, 10 December 2019 07:38 AM

ඔය ටික රාජ සන්තක කරලා ජනතාවට පිරිසිදු වතුර ලබාදෙනව වගේ පොදු වැඩකට යොදන්න. ඉස්සර වගේ ඕවයින් කොත් පළඳන්න බලාගෙන ඉන්නවනම් ඒ අදහස වෙනස් කරගන්න.

:       623       321

Dil PereraTuesday, 10 December 2019 11:43 AM

මහී, ඔයා ඔයාටම ඡන්ද දමනවා පමණක් නොවෙයි ඔයාගේ මතයට විරුද්ධ අදහස් වලට විරුද්ධව ඡන්දත් දානවා. හොර චන්ද දාන දේශපාලකයන්ටත් වඩා හපනෙක් ඔයා. අනේ ගිය කලක්.

:       1       14

MaheeTuesday, 10 December 2019 12:41 PM

ඔබේ දැනගනීම සඳහා මේ කියන්නේ. මම කිසිම දවසක මගේම අදහස්වලට පක්ෂව හෝ විරුද්ධ අදහස්වලට විපක්ෂව හෝ ඡන්ද දමලා නැහැ. මොකක්ද ඇති වැඩේ? මම කැමතියි මගේ අදහසට සැබෑවටම කැමති කවුද අකමැති කවුද කියලා දැනගන්න.

:       0       0

Dil Perera Tuesday, 10 December 2019 09:24 AM

මහී, ඔයාට අමතක වී ඇති කරුණනම් 1. ඔය කොතෙන් තමා රටට 30 වසරක සාපය නිමවී සාමය උදා වුනේ. 2. ඔය කොතෙන් තමා වසර 4 1/2 ක දුර්වල පාලනයක් අවසාන වුනේ. ඔයා කොයි රටේ ජිවත්වනවාදැයි අපි නොදනිමු. නමුත් රටේ ජිවත්වන අප මෙය ලියන්නේ අපගේ දුෂ්කර අතීතයත්, කටුක අත්දැකීම් ඔබට මතක් කරදෙන්නයි.

:       1212       1348

MaheeTuesday, 10 December 2019 11:56 AM

පෙරේරා මහතා, ඔබ මේ කියන්නේ මහින්ද වර්ණනාවක් නම් ඒක පට්ට ගගහ ඡන්දෙ වෙනුවෙන් සෑහෙන්න පාවිච්චි කරලා දිරාගිය පරණ කතාවක්. මහින්ද ජනපති කාලේ යුද්දේ දිනුවහම (තනියෙම කියලා කියාගත්ත වුනාට) මමත් ඔහුට 'මහා රජාණෙනි' කිව්වේ මුළු හදවතින්මයි. මහා භක්තියකිනුයි. ඒ ස්වර්ණමය අවස්ථාව සමහරවිට දුටුගැමුණු මහා රජතුමන්ට ලැබුණා වගේ අවස්ථාවක්. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළා පමණක් නොව ප්‍රතිවාදී එළාරට ඉහලම ගෞරවය දුන්නා. සියලුම සිංහල රජ දරුවන්ට පවා නියම කළා එළාර සොහොන අබියසින් පා ගමනින් යන්න කියලා. ද්‍රවිඩ සෙන්පතිවරු දුටුගැමුණු රජු යටතේ සේවය කළා. රට සෞභාග්‍යයෙන් බැබළුණා. මහින්දට ඒ මොකුත් බැරිවුනා යුද්ධය දිනීම හැර. ඒ ශූරත්වය ඕනෑම කෙනෙක් ඔහුටත් සියලුම රණවිරුවන්ටත් දෙනවා. දුටුගැමුණු මහරජතුමා රජයේ දේපල පුද්ගලික කීර්තිය ගොඩ නගා ගැනීම නොව ජනතාව වෙනුවෙනුයි යෙදෙව්වේ. වෙනස ඒකයි.

:       123       344

Dil PereraTuesday, 10 December 2019 03:34 PM

මහී, මට මහින්ද සහ දාගැබ් කොතක් අතර කිසිම සම්බන්දයක් නැත. මහින්ද යනු දේශපාලකයෙක්. එයාට කොතත් එක්ක තියන සම්බන්දයක් මම දන්නේ නැත. ඔබට සහ බුදුදහම අමතකවූ අයට බෞද්ධ පන්සලෙන් - අප රටට, අප සමාජයට, අප සංස්කෘතියට සිද්ධ වුත්, වර්තමානයේදී සිදුවන්නාවුත් සේවය අගයකිරීමක් සිදුවන්නේ නැත. නමුත් අමිල බුදු දහමේම කියවෙන පරිදි ඔවුන්ට මේ ආත්මයේදීම "දිට්ට ධම්ම වේදනීය කම්ම" අනුව කර්ම පල ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස, නොවැම්බර් 16 ජනාදිපති මැතිවරණයේ ප්‍රතිපල බලන්න. කොතට දේශපාලනයක් නැත. නමුත් දේශපාලනයටත් කර්ම පල ඇති බව තේරුම් ගන්න.

:       0       0

ChampaTuesday, 10 December 2019 04:35 PM

මහී, මහින්ද ගැන ඡන්දෙ කාලේ විතරක් නෙමෙයි හැමදාම කතා කරන්න වටිනවා. මහින්ද කියල නැහැ යුද්දේ දිනුවේ තනියම කියලා. හැබැයි යුද්ධය දිනන්න පුළුවන් වුනේ මහින්ද රාජපක්ෂ රටේ නායකයා වෙලා හිටපු හින්දා. මහින්දගේ පෞරුෂය සහ එඩිතරකම ඉස්සරහ ප්‍රභාකරන් නිකම්ම නිකම් කෙනෙක් වුනා. හමුදාවේ කොල්ලෝ බය නැතුව සටන් බිමට ගියේ මහින්ද අනිත් ජනාධිපතිවරු වගේ තමන්ව පාවලා දෙන්නේ නැති බව දන්නා නිසා. අසේල රජ්ජුරුවන්ව මරල අනුරාධපුරය අල්ලගෙන අවුරුදු 44ක් රජකම් කරපු එළාරට දුටුගැමුණු රජ්ජුරුවෝ සොහොනක් හැදුවේ ඇයි කියල දන්නේ නැත්ද? ඉතිහාසය ඉගෙන ගන්න. දෙපැත්තේම මිනිස්සු මැරෙන එක ගැන කම්පා වෙලා දුටුගැමුණු රජ්ජුරුවෝ එළාරට කිව්වා ද්වන්ධ සටනකට එන්න කියල. එළාරව මැරුවට දුටුගැමුණු රජ්ජුරුවෝ ඔහුට ගෞරව කරන්න කිව්වේ ද්වන්ධ සටනකට ඇවිල්ල, මැරෙන්න තිබ්බ දහස් ගණන් මිනිස් ජීවිත එළාර බේරලා දුන්නු නිසා. මහින්දත් ප්‍රභාකරන්ට යටත් වෙන්න කියල කිව්වා. ඒවගේම ප්‍රභාකරන් මැරුණට පස්සේ යුද්ධෙ නැවැත්තුව. ඉතුරු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළා. ඊටත් පස්සේ මහින්ද රට හදන්න පටන් ගන්නකොට තොපි මහින්දව ගෙදර යැව්වා. දැන් කියනවා මහින්ද මුකුත් කළේ නැහැ කියලා.

:       0       1

nimal007 Tuesday, 10 December 2019 10:02 AM

කුඩු විකුණන මුදල් රත්‍රන් බවට පරිවර්තනය කිරීම හොඳම මුදල් විශුද්ධි කිරීමේ මාර්ගයයි.

:       0       172

beau Tuesday, 10 December 2019 10:21 AM

ලංකාව බොහොම පොහොසත් වගේ මට පෙනෙන්නේ. හාපෝ මෙපමණ රත්රන් තොගයක්..........

:       0       31

සත්‍යපාල Tuesday, 10 December 2019 02:13 PM

මේ වගේ අල්ලගත්තු හුඟක් දේවල් ගැන පහුගිය කාලවල අහන්න ලැබුනා. ඇත්තටම එව්වට මොකද වුනේ. සමහරවිට බහිරවයා ගිලිනවද කියලා දන්නැ.

:       0       1

AnandaR Tuesday, 10 December 2019 02:19 PM

"සිංහල සැකකරුවන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයෙකු" ??

:       0       0

Champa Tuesday, 10 December 2019 03:51 PM

සේරුවිලනුත් රත්තරන් හම්බ වුනා නේද ඡන්ද කාලෙදි? පොහොට්ටුවේ තවත් එක "ස්වභාවික" වික්‍රමයක්. ඇත්තටම ඒ රත්තරන් වලට මොකද වුනේ?

:       0       0

jagath Tuesday, 10 December 2019 04:30 PM

ලංකාවේ රත්රන් ගැන කතාකරද්දී එක්තරා මැඩම් කෙනෙක් ව මට මතක් වුනා.

:       0       0

විජිත්Wednesday, 11 December 2019 04:01 PM

රන්..!!! හා හා..මම හරිද? හරි නම් ඒ රත්තරන් කෑල්ල මුලින්ම කන්න ඉන්න මහා භයානක සතෙකුගේ නමේ මුල් අකුරු 2 එන්න ඕනෑ. සතාගේ නමටම තියෙන්නේ අකුරු 3 යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2174 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 417 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 711 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1070 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 187 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 654 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site