IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කල්පිටිය වෛද්‍යවරයකුගේ නිවසට පොලිස් ආරක්ෂාව

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පවුල් සැලසුම් එන්නතක් විදගත් මවක සිහිසුන් වී රෝහල් ගත කිරීමේන් පසු මිය ගියැයි කියන සිද්ධියක් නිසා ප්‍රදේශවාසීන් කැළඹී ඇතැයි ද, එම වෛද්‍යවරයාගේ නිල නිවසට හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කල්පිටි පොලිසිය කියයි.



අදහස් (0)

කල්පිටිය වෛද්‍යවරයකුගේ නිවසට පොලිස් ආරක්ෂාව

චාමික Tuesday, 24 December 2013 02:29 PM

ප්‍රමුඛ, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී ආණ්ඩුවෙන් ගෙන්වපු බාල බෙහෙත් විදින්නේ නැනේ. මේ බෙහෙත් බාල නම් ඒවා පුද්ගලික සමාගම් වලින් ගෙනාපුවා. කොහොම වුනත් අසාත්මිකතාවයන් තිබෙන අයට එන්නත් ලබාදෙන්න ඕනේ අවශ්‍යතාවයක් වුනොත් හදිසි ප්‍රතිකාර ලබා දීමේ සුදානම ඇතිව. වෛද්‍යවරු සිදුකරන නොසැලකිලිමත් ක්‍රියාවන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ . ලංකාවේ හැමවෙලේම මේ කට්ටිය ලිස්සලා යනවා. ඒවගේම මට විශ්වාසයි මේක අල්ලාගෙන උපත් පාලන ඖෂධ එපා කියල කෑගහන්න පටන් ගනීවි හෙට අනිද්දම. (නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 03:00 PM

රංජිත් සිල්වා, සංස්කෘතිය මොකක් වුනත් දොස්තර දෙන්නේ තමන්ට වැඩියෙන්ම සලකන ඖෂධ සමාගමේ බෙහෙත්. ඒවා ප්‍රමිතියෙන් අඩුද වැඩිද කියන එක දොස්තරට ප්‍රශ්නයක් නොවේ. (නදී)

:       0       0

අල්විස් (පැරිස්) Tuesday, 24 December 2013 03:04 AM

අපේ රටේ පවුල් සැලසුම් ක්‍රම සහ ලිංගිකතාව ගැන තරුණ තරුණියන් මීට වැඩ දැනුවත් කළයුතුයි. (අ)

:       0       0

ජානි Tuesday, 24 December 2013 05:35 AM

මේකත් ජනගහන පාලනයට සම්බන්දද? (අ)

:       0       0

මහේ Tuesday, 24 December 2013 05:57 AM

වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් (අ)

:       0       0

ඉන්දු Tuesday, 24 December 2013 04:52 PM

ඩී. ආර් නානායක්කාරගේ චිත්‍රපටියක තිබුනා සිංහල ජාතියේ විතරක් දරු උපත් වලක්වන එකට ලස්සන කතාවක්. තාම යු ටියුබ් එකේ තියෙනවා. බලන්න පුළුවන්. මේකේ තව විස්ස්තර ඇති හෙළි නොවුන. නම නොදාන එක නම් හරිම දුර්වල තත්වයක්. මිනිස්සු දැන ගන්න ඕනේ ඇත්ත.(නදී)

:       0       0

මලිත Tuesday, 24 December 2013 07:19 AM

වැරදි වැඩක් (ත)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:43 AM

දැන් ඉතින් ටික කාලයකට ඔය එන්නත තහනම් කරලා වැඩක් නෑ. මෙහේ ගොඩක් පාවිච්චි කරන ඔය එන්නත නිසා මරණ 2ක් දෙකක් පමණ වාර්තා වෙලා තියෙනවා. අසාද්මිකතාවයක් මත ඔය මරණ සිදු උනා වෙන්න පුළුවන්. එන්නත ලබාදීමට පෙර අනුගමනය කල යුතු සුදුසු ක්‍රමයක් ගැන හිතන්න.(නදී)

:       0       0

සමිල Tuesday, 24 December 2013 07:57 AM

මෙහි සම්පුර්ණ වරද රෝගියාගේ. රෝගියා මිය යාමට විරුද්දව වැඩ වර්ජනයක් කරන්න. එතකොට අදත් කියක් හරි හොයා ගන්න පුළුවන්.(නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 24 December 2013 08:37 AM

ගැටුමක් ඇතිවෙන්න කලින් ආරක්ෂාවක් දීපු එක නම් හොදයි. ඒත් හැමෝටම මෙහෙම ආරක්ෂාවක් දෙනවා නම් අවශ්‍ය වෙලාවේදී ඒක වටිනවා. වෛද්‍යවරයා වැරදි නම් ඔහුට එරෙහි නිතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔහුව ආරක්ෂා කිරීම නොවටී. අත මිට තියෙන උදවියට එක විදියක් සාමාන්‍ය මිනිහට එක නීතියක් නොවිය යුතුයි.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 09:01 AM

මේ වගේ වැරදි කරන දොස්තරලගේ නම් ප්‍රසිද්ධ කරන එකයි ජනමාධ්‍යයේ වගකීම. මාතරදී නීති ශිෂ්‍යාවගේ අත කපන්න සිද්ධ කරපු දොස්තර කව්ද?  එයාට කල වරදට දඬුවම් ලැබුනද කියල අද වනතුරු ආරංචියක් නෑ. මේකෙන් වෙන්නේ දොස්තර හරියට ප්‍රතිකාර කරන්න දන්නේ නැති බව නොදැන තවත් ලෙඩ්ඩු ඒ දොස්තර ගාවට ගිහින් අතපය හා ජීවිතය අහිමි කර ගැනීමයි. (නදී)

:       0       0

සුමිත් Tuesday, 24 December 2013 09:03 AM

දැන් මෙවැනි මරණ කියක් සිදු උනාද ? බලදාරින් මේ ගැන නිහඩය. හැමදාම වරද රෝගියාගේය. පොලිසිය හැමදාම කලේ පොඩි මිනිහා පාගා දමා ලොකු මිනිසුන් රැකගැනීමය. (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 December 2013 09:15 AM

ආරක්ෂාව දුන්න එක හොඳයි. නැති නම් කරවල කරයි.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහගේ Tuesday, 24 December 2013 09:16 AM

පළමුව මෙම දොස්තර සුදුසුකම් ලත් අයෙක්ද සොයා බලන්න. හොර දොස්තරලා බොහොමයක් රට පුරා ඉන්නවා. එම්.බී.බී.එස් උපාධිය තියෙන දොස්තරලාම සොයා යන්න. පෙනිසිලින් වැනි එන්නත් දීමට කලින් අසාත්මිකද නැත්ද කියා බලන ටෙස්ට් එක කරන ලෙස ඉල්ලා සිටින්න. හොර දොස්තරලා සමග ආයුර්වේද දොස්තරලත් බටහිර බෙහෙත් දීම ලංකාවේ බෙහෙවින් සිදුවෙනවා. එන්නතක් දීමට සැරසෙන විට එය ගැන ඇසීමට බිය වෙන්න එපා. එය ඔබට ඇති අයිතියක් .(නදී)

:       0       0

මෝරලා Tuesday, 24 December 2013 10:16 AM

කෝ ඕවට විරුද්දව කතාකරපු උදවිය? (නදී)

:       0       0

සමන් Tuesday, 24 December 2013 10:18 AM

මගේ වැරදීමකින් ඔහේගේ අම්ම මැරුණත් සමාව දෙනවද. රෝහල්වල වැඩ කරන අයගේ නොසැලකිල්ල නිසා මරණ කියක් වෙනවද? වැරදීමකින් මිනිසකු මියයාම සමාව දියහැකි දෙයක් නොවේ. නමුත් ලංකාවේ මෙසේ මිනිමරන්නන් හැමදාමත් නීතියෙන් ගැලවී යයි.(නදී)

:       0       0

බමුණු Tuesday, 24 December 2013 11:46 AM

"වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්" හරි හරි හරි ඔහොම වරදින්න ගියොත් හොඳට හිටී. (නදී)

:       0       0

බමුණු Tuesday, 24 December 2013 11:49 AM

"අසාද්මිකතාවයක් මත ඔය මරණ සිදු උනා වෙන්න පුළුවන්." එහෙම නම් අසාද්මිකද කියල බලන්න ටෙස් කරන්න තිබුනා. මේක නොසැලකිල්ල. (නදී)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 24 December 2013 12:03 PM

වෛද්‍යවරයා කුමක් කරන්නද ? බාල බෙහෙත් වල වැරැද්දෙන් රෝගියා මිය ගියේ නම්. කොමිස් මුදල් බලාගෙන ගෙන්වන බෙහෙත් වල නිතරම කෙස් ගස්,වීදුරු ,ප්ලාස්ටික් කැබලි,හැමදාම පෙන්වනවා. ප්‍රමිතියෙන් උසස් බෙහෙත් ගෙන්වන්න කියන විට බලධාරීන් කියන්නේ මේවා කඩාකප්පල්කාරී ක්‍රියා කියලයි. අවසානේ පහර කෑමට ලක් වෙන්නේ මේවා පාවිච්චි කරන දොස්තරවරුයි.(නදී)

:       0       0

නිරංජලා. Tuesday, 24 December 2013 12:21 PM

බාල බෙහෙත්,බාල ඉන්ධන,බාල කිරිපිටි,බාල විභාග,බාල විදුලිබලාගාර,මේ සියල්ලේම ප්‍රතිවිපාක දුක් විඳින ජනතාවටයි. (නදී)

:       0       0

විමුක්ති. Tuesday, 24 December 2013 12:39 PM

සෞඛ්‍ය සඳහා අය වැයෙන් වෙන් කලේ කුඩා ප්‍රතිශතයක්. ප්‍රමිතියෙන් උසස් බෙහෙත් ආනයනය කරන්නේ නැහැ. සමහර බෙහෙත්වල වීදුරු කටු,ප්ලාස්ටික් කැබලි,හිස කෙස් ,තිබෙන බව පසුගිය දිනවල දිගින් දිගටම මාද්‍ය මගින් අනාවරණය කළා. වගකිවයුත්තන් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒ වැරදි නිවැරදි කරන්නේ නැහැ. අවසානේ අහිංසක මිනිසුන් ජීවිත වලින් වන්දි ගෙවනවා.(නදී)

:       0       0

සරත් Tuesday, 24 December 2013 12:44 PM

සියල්ල බාල වී ඇත.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 24 December 2013 01:07 PM

කිසිම දිනක වෛද්‍යවරයා හිතා මතම වැරදි බෙහෙතක් දීම අපේ රටේ සංස්කෘතිය නොවේ. මොකක් හරි ලොකු වැරදීමක් වෙලා ඇති. කෙනෙක් මිය ගිය විට දරා ගන්න අමාරු තමා. හොඳට හොයා බලා කටයුතු කිරිමයි ඉතාමත් අවශ්‍ය. බෙහෙත් වල බාල බවක් ගැන සොයා බලන්න. අපේ වෛද්‍යවරයාට යහපතක් ම වේවා. මියගිය දුවට නිවන් සුව පතමි. ජීවත් ඉන්න සැමට යහපත් සිතිවිලි පහල වේවා. (නදී)

:       0       0

ජානී-යූ.එස්. Wednesday, 25 December 2013 03:58 AM

සමහරවිට කල් ඉකුත් වූවක් විය හැක. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 598 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 579 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 127 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 828 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 185 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1067 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site