IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කල්පාන්ත සිහිනයක තනිවූ චන්න - චයිත‍්‍රා

චන්න + ගයත‍්‍රි
එක්තරා කාලයක රසිකයන් අතර කතාබහට ලක්වූ පෙම් යුවලකි.
එහෙත් කලින් කලට පෙම් යුවලේ නම් මාරු විය.
චන්න + යශෝධා
චන්න + චතුරිකා
චන්න + පූජා
මේ සියල්ල වෙනස් වී දැන් පෙම් යුවල චන්න + චයිත‍්‍රා බවට පත්ව තිබේ.

 Channa2 
ච යනු දෙකකින් පටන්ගන්නා නම් දෙකක් ඇති මේ පෙම් යුවළ මේ දවස්වල ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරති. එහෙත් ඔවුන් ඔබට දැකගන්නට ලැබෙන්නේ ළඟම ඇති සිනමා හලට ගියොත් පමණි.


කල්පාන්තයේ සිහිනයක් දකින චන්නත් චයිත‍්‍රාත්, ඔබට එක්ව සිටිනු පෙනුනත් මේ මොහොතේ ඔවුහු දෙපසකට වී සිටිති. චන්න ලංකාවේය. චයිත‍්‍රා යාබද ඉන්දියාවේය.
චන්න කොළඹය.
චයිත‍්‍රා බැංගලෝරයේය.


තෙවසරකට පමණ පෙර ඔවුහු එක්ව මිමිණූ ගීතයක පද මුමුනමින් චන්න අද හුදෙකලාවේ බලා සිටියි. පේ‍්‍රමයේ විරහව හෙවත් විප‍්‍රලම්භ ශෘංගාරය අත්විඳිමින් සිටින චන්න මට හමුවන විට වේලාව රාත‍්‍රී එකොළහටත් ආසන්නය. ඔහු නොනිදා පහන් කළ රාත‍්‍රියේදී මා ඇසුවේ චයිත‍්‍රා හා හා පුරා කියා ඔහුට මුණගැසුණු මොහොත පිළිබඳවය.


‘‘මම ලස්සන කෙල්ලක් හොයාගෙන ඉන්දියාවට ගියා. මුලින්ම ගියේ චෙන්නායි වලට. එහෙ ඉන්න චිත‍්‍රපට ඒජන්තවරු හරහා මම නටන්න ගයන්න රඟන්න පුළුවන්කම තියෙන ගැහැනු ළමයි ගැන හොයා බැලූවා. විසිතිස් ගණනක්ම මට මුණගැහුණා. ඒත් ඒ කිසිම කෙනෙක් මගෙ පෙම්වතිය වෙන්න සුදුසු වුණේ නෑ. පළමු බැල්මෙන්ම පළමු දැක්මෙන්ම මගෙ හිතට කිට්ටු වෙන්න ඒ කාටවත්ම බැරිවුණා.’’


පස්සෙ මං ගියා බැංගලෝරයට. කන්නඩ සිනමාවට සම්බන්ධව සිටිය සුරූපී යුවතියන් තිහක් විතරම මට මුණගැහුණා. මං ඒ අයට කතා කළා ඒ අයගෙ නැටුම් බැලූවා. රංගන හැකියාවන් බැලූවා. ඒත් ඒ කවුරුවත් මගෙ හිත සසල කරන්න සමත් වුණේ නෑ.


අපේක්ෂා භංගත්වයෙන් මං ආපහු එන්න හදද්දී තවත් කෙල්ලක් කලබලෙන් දුවගෙන ආවා. එයා ආපු ගමන්ම මගෙ හිත් ගත්තා. හතිදාගෙන එද්දි මට හිනාගියා. මගෙ හිනාව දැකපු මේ පුංචි කෙල්ලත් හිනාවුණා. ඒ හිනාවත් මගෙ හිත් ගත්තා. මට හිතුණා මේ තමයි මං හොයන කෙල්ල කියලා.
”ඒ වෙලාවෙ ගයත‍්‍රිව, යශෝධව චතුරිකාව, පූජාව මතක් වුණේ නැද්ද?”


මම මොහොතකට ඔහුගේ ආදර සිහින බොඳ කරමින් අසමි.
”නෑ.. ඒ වෙද්දි මං හොයමින් හිටියෙ අලූත් පෙම්වතියක්. ඒ වෙලාවෙ මම චන්න පෙරේරා නෙමේ. වෙනින් කොල්ලෙක්. අන්න ඒ අලූත් කොල්ලටයි මේ කෙල්ල පෙම්වතියක් කරගන්න  ඕනෙ වුණේ...”

6
‘‘පළමු බැල්මෙන්ම ඇය ඔබේ සිත්ගත්තා.’’
මම රහසින් ඔහු දෙස බලමි.
‘‘ඔව් මට හිතුනෙම මෙයා මං කාලෙක ඉඳලා දන්න හුරුපුරුදු කෙනෙක් කියලා. ඒ හුරු පුරුදුකම කියන්නෙ සංසාරේ කොහෙදි හෝ අපි හමුවෙලා තිබුණයි කියන එක.’’


චන්න ”රොමෑන්ටික්” වී සිටියි.
සංසාර හුරුපුරුදුකම්...? මේවා හුදෙක් සාහිත්‍ය කාරයන්ගෙ ගීත රචකයන්ගේ යෙදුම් පමණක් විය නොහැකිද? පේ‍්‍රමය යනු ඇත්තටම සංසාරේ හුරු පුරුදුකමද?
”ඊට පස්සෙ?”
මම චන්න දෙස යටැසින් බලමි.


‘‘මම ආයෙත් හිනාවුණා. ඒ ළමයත් ඇහි පිය ගහන ගමන් මගෙ දිහා බලලා ලාවට වගේ හිනාවුණා... තාමත් හති දානවා. හරියට මුව පැටියෙක් වගේ...
මම මෙයා ගැන හොයලා බැලූවා. බැංගලෝරයේ නිරූපිකාවක්.. උස අඩි පහයි අඟල් නවයක්... බර කිලෝග‍්‍රෑම් හැටක් විතර. ඉපදිලා තිබුණෙ නවසිය අනූවෙ සැප්තැම්බර් නව වෙනිදා.


මට  ඕනෙ වුණා මෙයාගෙ නර්තන හැකියාව කොහොමද කියලා බලන්න. මම කිව්වා නටන්න කියලා. කෙල්ල නැටුවා... හොඳයි.. මගෙ පෙම්වතිය විදිහට මෙයාව තෝරගන්න මං තවත් පමා වුණේ නෑ.’’


චයිත‍්‍රා චන්ද්‍රනාත්, චන්න පෙරේරාගේ අලූත්ම පෙම්වතිය බවට පත්වන්නේ ඔන්න ඔය විදිහටය. චයිත‍්‍රා ලංකාවට එන්නේ රාවණගේ දඬුමොනරය සොයන්නටය. දඹුල්ල, මාතලේ රිවර්ස්ටන් වැනි පෙදෙස්වල සැරිසරන්නේත් ඉන් අනතුරුවය.


”ඇයි මේ රාවණව හදිසියෙ වගේ මතක් වෙන්නෙ.”
මම චන්නගේ අවධානය, චයිත‍්‍රාගෙන් මොහොතකට පැහැරගතිමි.


සමහරු කියනව රාවණ කියන්නෙ මිථ්‍යාවක් කියලා. ප‍්‍රබන්ධයක් කියලා. ඒත් මම නම් හිතන්නෙ රාවණ කියන්නෙ එහෙම එකපාරටම බැහැරකරන්න පුළුවන් චරිතයක් නෙමෙයි කියලයි. රාවණ කියන්නෙ තාක්ෂණයෙන්, ඖෂධවලින් මන්ත‍්‍ර ගුරුකම්වලින් කෙළ පැමිණි පුද්ගලයෙක්. ඔහු තමයි දඬුමොණරයෙ නිර්මාතෘ.. ඔහුගෙ දඬුමොණරය පිළිබඳ තාක්ෂණය වෛමාන ශාස්ත‍්‍රය කියන පොතේ සටහන් වෙලා තියෙනවා. මම යන්නෙ අන්න ඒ පොත හොයාගෙන.


ඔය ගමනේදී තමයි මට මේනකාව (චයිත‍්‍රා)
මුණගැහෙන්නෙ. අන්තිමට අපි දෙන්නම මේ වෛමාන ශාස්ත‍්‍රය කියන පොත හොයන්න යනවා. ඒ ගමනේදී අපි දෙන්නට එක දෙයක් හමුවෙනවා. ඒ හමුවෙන දේ තමයි..?”


චන්න මොහොතකට නිහඬ වී මදෙස බලා සිටියි. ඊළඟට මනමාල හිනාවක් දෙතොලේ රඳවාගත්තේය.
මොකක්ද?


බලා ඉන්නට බැරිම තැන මම නිහඬ බව බිඳිමි.
”පේ‍්‍රමය”


ච යනු දෙකේ හෙවත් චන්න චයිත‍්‍රා පේ‍්‍රමයේ මිහිරි මතක සටහන් රාශියක්ම තිබෙන බව දනිමි. චයිත‍්‍රාගේ අතින් අල්ලාගෙන මල් මාවත් දිගේ ඇවිද ගියහැටි, ඇගේ නලලත කොපුලත හාදු තැවරූ හැටි, ඇය දෝතින් ඔසවාගෙන පේ‍්‍රම කළ හැටි, පෙම්වතෙකුට අමතක කළ නොහැකි මතක සටහන්ය.

බලාසිටින්නවුන්ට ඊර්ෂ්‍යා හිතෙන සිදුවීම්ය. එහෙත් මේ සුවහසක් සිදුවීම් අතරේ ආදරණීයම මතක සටහන මතක් කරන්නැයි මම චන්න ගෙන් ඉල්ලා සිටිමි.
”මගෙ ගෙදර තියෙන්නෙ ගඟක් මැද්දෙ පුංචි දූපතක. ලීයෙන් හදපු මේ ගෙදර හරිම සුන්දර එකක්. හැමදාම වගේම මට මේ ගෙදරම පදිංචිවෙලා ඉන්නත් හිතෙන තරමට ලස්සන පරිසරයක්. ලස්සන ගෙයක්. ඔය ගෙදරට මේ ගෑණු ළමයා එක දවසක් බලහත්කාරයෙන් ඇවිත් නතර වෙනවා. එදා මට සිද්ධවෙනවා එළියට වෙලා මදුරුවො තල තලා නිදාගන්න. හරියට අර කබල්ලෑවගෙ ගෙදරට ඉත්තෑව රිංගගත්ත වගේ වැඩක්. මං අහනවා නාඳුනන කෙනෙකුගෙ ගෙදරකට බලහත්කාරයෙන් ඇතුල්වෙලා නතරවෙන්නෙ ඇයි කියලා.


එතකොට එයා කියනවා කහපාට කාර් එකේ යන මහත්තයා නාඳුනන කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා. ඒ දෙබස මගෙ හිතට හරියට කිට්ටු වුණා.
‘‘ඔයාගෙ මේ පේ‍්‍රම ජවනිකා ගැන ගයත‍්‍රිට දුකක් ඊර්ෂ්‍යාවක් ඇති..’’


මම රහසින් අසමි.
ගයත‍්‍රි දන්නවා මේක මගේ වෘත්තිය බව. ඒ හින්දා එයා මගේ වැඩවලට ඇඟිලි ගහන්නෙ නෑ.
චන්න කියයි.


එහෙත් ඔහුගේ මේ කතා මට සැකසහිතය. වෙබ් අඩවිවල පළවන පුවත් අනුව චන්නත් ගයත‍්‍රිත් මේ වන විට හත් අට වතාවක්ම දික්කසාද වී සිටිය යුතුය.
‘‘එතකොට වෙබ් අඩවි වල යන්නෙ ඔය දෙන්න ඩිවෝස් වෙලා කියලා.’’
මම ඒ ගැනත් අසමි.


‘‘මම ඔය කටකතා ගණන් ගන්නෙ නැහැ.  ඕවට කලබල වුණොත් අපිට අපේ ජීවිත ගෙනියන්න බැහැ ශාන්ත. ලෝකෙ  ඕනෙ කෙනකුට  ඕනෙම දෙයක් හිතාගන්න ඇරල අපි අපේ පාඩුවෙ හොඳට ජීවත්වෙනවා. ඒකනෙ වෙන්න  ඕනෙ නේද?’’


මේ කට කතාවලට හේතුව චන්න තවමත් ආදරවන්තයාගේ චරිතයට සුදුසුවීමම විය යුතුය. අවුරුදු දහඅටේ විස්සේ කෙල්ලකුත් සමග පෙම් චරිත රඟපාන්නට තරම් චන්න තවමත් තරුණය.


‘‘මෙච්චර කාලයක් තිස්සෙ ඔබ පෙම්වතාගේ චරිතය රඟපාද්දි හමුවුණු ප‍්‍රියතම පෙම්වතිය කව්ද කියලා මං අහන්නද?’’
මම චන්නගේ සිතිවිලි යළිත් අවුල් කරමි.


‘‘මම වැඩිපුරම පේ‍්‍රම ජවනිකා රඟපෑවේ යශෝධා විමලධර්මත් එක්ක.’’
ඔහු අතීත මතක සිහිපත් කරයි. එකල ඉරිදා රාත‍්‍රියේ ජාතික රූපවාහිනියෙන් ¥ දරුවෝ ගෙට එනතුරු අප බලාසිටියේ චන්නගේත් යශෝධාගේත් පේ‍්‍රමය රසවිඳින්නටය.


‘‘යශෝධාගේ ආදරය ඔබට දැනුණේ කොහොමද ඇය ඔබට ගැලපෙන පෙම්වතියක්ද?’’
‘‘ඇත්තටම යශෝධයි මායි ඉස්සර හිටම යාලූවො. ක්ෂේත‍්‍රයට ආපු කාලෙමයි අපි දෙන්නා දැන හඳුනගත්තෙ. ඒ නිසාමද මන්දා යශෝධගෙයි මගෙයි පේ‍්‍රමණීය රිද්මය හොඳට ගැලපුණා.’’


‘‘එතකොට පූජා.’’
අංජලිකා චිත‍්‍රපටයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ගත් පූජා ගැන මතකයද මම අවදි කරමි.
‘‘පූජා ආගන්තුක නිළියක්. ඇගේ භාෂාව ආගන්තුකයි. රඟපෑමේ ශෛලියත් ගොඩක් වෙනස්. ඇගේ රංගනය මගේ ශෛලිය සමග ගලපාගන්න මට හුඟාක් වෙහෙසවෙන්න සිද්ධවුණා. නමුත් අන්තිමට අපි දෙන්න ගැලපෙන රිද්මයක් හොයාගත්තා.’’


මම යළිත් චයිත‍්‍රා මතකයට නගමි.
චයිත‍්‍රා අන්තිමට මුණගැහුනෙ කවදද?
අවුරුද්දකට විතර කලින්
චන්න කියන්නේ ඉවත බලාගෙනය.
ඉනික්බිතිව ඔහු කුමක්දෝ මුමුනන්නට පටන්ගත්තේය.
නිල් නෙතු නිලූපුල් රුව රසදුල්
මහදේ ගී පොතේ
මල් සුවදකි මල් පොපියන්නේ
රොන්සුනු මාරුතේ
ඇයි දෝ මා මෙතරම් කළඹාලා
ඉන්නේ බැඳීලා
මල් කඳුලැල්ලේ සිහිලැල්ලේ
හැඟුමන් පාවෙලා...
ඒ කල්පාන්තයේ සිහිනයක් චිත‍්‍රපටයේ එන රස මියුරු ගීතයකි.


 

”නිළියක් වීම මම පුංචි කාලෙදි දැකපු සිහිනයක්” චයිත‍්‍රා චන්ද්‍රනාත් එසේ කීවේ අන්තර්ජාලයේ පළවී තිබූ එක්තරා මාධ්‍ය සාකච්ඡුාවකදීය.
කල්පාන්තයේ සිහිනයක චන්න පෙරේරා සමග කළ ආදරණීය රංගනයෙන් පසු කන්නඩ සිනමාවට එකතු වූ චයිත‍්‍රා පසුව විරාත් චිත‍්‍රපටයේ රංගනයට එකතු වූවාය. ඔබේ අනාගත සිහිනය දිගටම මේ ක්ෂේත‍්‍රයේ රැඳී සිටීමද? මාධ්‍යවේදියා ඇගෙන් ඇසුවේය.

DSC_0014_2
මම මේ ක්ෂේත‍්‍රයේ දිගටම රැඳී ඉන්න කැමතියි. මොකද මේක මං දැකපු සිහිනයක් නිසා. දැනට කන්නඩ සිනමාවට සීමාවුණත් ඉදිරියේදී අනෙකුත් භාෂාවන් යටතේ නිෂ්පාදනය වන චිත‍්‍රපට වලටත් මං එකතුවෙනවා. විශේෂයෙන් බොලිවුඩයට මං කැමතියි. හැබැයි මං පියවරෙන් පියවරයි එතැනට යන්නෙ. එතකොට මගේ පැතුම් බිඳෙන්නෙවත් රසිකයන්ගෙ බලාපොරොත්තු සුන් වෙන්නෙවත් නැතිවෙයි.


ඔබ නිරූපිකාවක් නිසා නිරූපිකාවකගේ චරිතයක් රඟපාන්න කැමැත්තක් නැද්ද?
මම නිරූපිකාවක් ලෙසයි මුලින් කටයුතු කළේ. ඒක හුඟාක් අමාරු කටයුත්තක්. ඒක කිසිසේත්ම රඟපෑමක් නම් නෙමෙයි.
ඔබ ඔබේ විවේක කාලය ගතකරන්නෙ මොන ආකාරයටද කියල කියන්න.
මම කැමතිම ගෙදරට වෙලා ඉන්න. කලාතුරකින් ගිහින් යාළුවෙක් මුණගැහෙනවා.


ඔබ ඔබේ රසිකයන්ට කියන පණිවිඩය කුමක්ද?
ඔවුන් නිරතුරුවම මාව දිරිගන්වනවා. ඒ අයට මම හුඟාක් ආදරෙයි කියලා කියන්න කැමතියි.
ඒ වගේම මේ ක්ෂේත‍්‍රය තුළ හොඳ නමක් ගොඩනගා ගන්න බවත් ඔවුන්ට කියන්න.


m



අදහස් (0)

කල්පාන්ත සිහිනයක තනිවූ චන්න - චයිත‍්‍රා

අකිල Thursday, 13 November 2014 10:37 AM

ඔබ ඇත්තටම දක්ෂයෙක්.ඔබට සුභ පැතුම්.(හේ)

:       0       0

සුමේධ Thursday, 13 November 2014 10:38 AM

මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

කෝසල Thursday, 13 November 2014 10:38 AM

අළුත් නිර්මාණයට මගෙන් සුභ පැතුම්.(හේ)

:       0       0

අසිත Thursday, 13 November 2014 10:38 AM

වයසට ගියත් චන්න තාම අවුරුදු 25 පෙනුමක් තියෙන්නේ.(හේ)

:       0       0

සමීර Thursday, 13 November 2014 10:38 AM

අළුත් චිත්‍රපටිය ලස්සනයි.(හේ)

:       0       0

හරිත Thursday, 13 November 2014 10:38 AM

ඔබට ජය.(හේ)

:       0       0

හේමන්ත Thursday, 13 November 2014 10:38 AM

හරියට පින් කරපු වාසනාවන්ත නළුවෙක්. හැමොටම මෙහෙම ලස්සනක් පිහිටන්නේ නැහැ. ඔබට ජය! (හේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 November 2014 12:34 PM

ඇත්තටම චන්න හරිම පියකරු නළුවෙක්. විජය වගේ ප්‍රසන්නයි.(හේ)

:       0       0

යුවනි Wednesday, 12 November 2014 11:30 PM

චන්න හරිම ලස්සනයි. " ඔබේ සිනා මුව මඬලට මං හරි ආසයි." (නි)

:       0       0

ඉන්ද්‍රා Thursday, 13 November 2014 07:47 AM

චන්න හැමදාමත් ලස්සනයි (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 16 November 2014 10:00 AM

චන්න ඔයාගේ අලුත් ෆිල්ම් එක අපිට බලන්ට අවසර නැහැ දැම්ම. අපි පිට රට ඉන්න හින්දා. නමුත් නෙට් එකෙන් සින්දු දෙක බලනවා. හරිම ලස්සනයි. ඉන්දියාවේ අමීර්කාන් වගේ අපේ සිනමාවේ අලුත් විදිහට දෙයක් කරන්ට ඔබට සුබ පතනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 103 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 83 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 715 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 20 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 73 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 839 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site