IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුලප්පුවාට විලංගු

බලපිටිය මිහිඳු පෙරහරේ අලියකු කුලප්පු වන්නට ගිය නමුත් අලියා පෙරෙහරින් ඉවත් කැර විලංගු දැමීමට ඇත් ගොව්වා සමත් විය.

පිරිසක් ද කලබල වු නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වුයේ නැත.පෙරහර සිරිත් පරිදි වීදී සංචාරය කළේය.

27 වැනි වරටත් පැවැති මෙම පෙරහර අමරසිංහාරාමයේ සිට බලපිටිය වෙළදපොළ ඉදිරිපිටින් ගමන් කරද්දී මේ කලබලය ඇති විය.

බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති දයාරත්න ද සිල්වා මහතා පිරුවානා පොත් වහන්සේ ද මහා සංඝරත්නය සධාතුක කරඩුව ද  හස්තියා පිට තැන්පත් කරවීමෙන් පසු පෙරහර වීදී සංචාරය ඇරැඹිය.  

 

 

 

 



අදහස් (0)

කුලප්පුවාට විලංගු

ෂෙරිෆ් Friday, 13 June 2014 09:09 PM

පැතුම් මල්ලි ගස් බඳින කතාවක් කියන නිසා මට නිකමට හිතුනා කොලුවා කැලණිය පැත්තේ වෙන්න ඇති කියලා (නදී)

:       0       0

ගාමිණී Friday, 13 June 2014 09:22 PM

මේ සතාට හිරි හැර කර කර වේදනාකාරී විලංගු දාල පෙරහැරක ගෙන යාම බෞද්ධ දර්මයට එකඟද ? දන්නේ නැති හින්දයි අහන්නේ. (නදී)

:       0       0

අමරපාලි Friday, 13 June 2014 09:33 PM

හොඳ වෙලාවට ඇත ගොව්වා සිහියෙන් හිටියේ (දී)

:       0       0

ඇසළ Friday, 13 June 2014 09:36 PM

පුරාණ චාරිත්‍ර නිසා තමයි අපේ සිංහල බෞද්ධ බව රැකිලා තියෙන්නේ. අලි නැතුව පෙරහැරවල් වල දැන් නවීන යුගය කියල රෝබෝලව ගෙනෙයන්නද. (නදී)

:       0       0

සිල්වා Friday, 13 June 2014 10:06 PM

බටුවත්ත හිතන්නේ යු එන් පී අලි වගේ කියල ද ඇත්ත අලිත් (නදී)

:       0       0

හංසි Friday, 13 June 2014 10:30 PM

පුෂ්පා, හිතෙන්නේ නැද්ද ප්‍රකාශය බරපතලයි කියලා?මේක ගැන නුවණින් සිතා බැලුවොත් වැටහේවි. සත්ත්ව හිංසනය එක මාතෘකාවක්. පුරාණ චාරිත්‍ර විධික්‍රම හාත්පසින්ම වෙනස් මාතෘකාවක්. පටලවා ගත්තොත් ප්‍රශ්නාවලියක් වේවි. (නි)

:       0       0

මහින්ද Friday, 13 June 2014 11:42 PM

අලියා කුලප්පු වෙන්නේ නැතුව තියෙයිද? බලන්නකෝ, අන්දලා තියෙන්නේ ඇස් වහලනේ (නි)

:       0       0

සිසිර Sunday, 15 June 2014 03:28 PM

මේ සතා ගැටගසා ඇති විදිය දුටුවහම දුකත් හිතෙනවා (නි)

:       0       0

සුමන Sunday, 15 June 2014 03:34 PM

අනේ පවු නේන්නම් කුලප්පුවා! (නි)

:       0       0

කුසුම් Saturday, 14 June 2014 12:26 AM

සමහර මිනිස්සු කුලප්පු වෙනවා මදිවට දැන් අලිත් කුලප්පු වෙන්න පටන් අරගෙන. ඔය කවුරු කවුරුත් කුලප්පු වෙන ඒව දිහා බලල අපිත් කලබල වෙන්න ගියොත් එහෙම, කොහෙන් නතර වෙන්න වෙයිද කියල කියන්න බැහැ. ඔය වගේ කුලප්පු වෙන අය දිහා අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු. (දී)

:       0       0

කුමා Saturday, 14 June 2014 01:50 AM

අනේ අහිංසක සත්තු.... (දී)

:       0       0

ෂාභීන් Saturday, 14 June 2014 02:20 AM

අලි ප්‍රශ්නයක් වගෙයි (නි)

:       0       0

සුනිල් රියාද් සිට Saturday, 14 June 2014 02:33 AM

මීට පස්සේ පෙරහැරවල්වල අලියට අදින්න පුෂ්පටයි අමිලටයි ආරාධනා කරන්න. එතකොට කළු ලෝගුව දාල පුළුන් පුරෝපු හොඩයයි වල්ගෙයි වන වන නිලෙමව කරතියන් යයි. (දී)

:       0       0

සුනිල් රියාද් සිට Saturday, 14 June 2014 02:38 AM

ඔය අලියාගේ දන්වැල ගැන කථාකරන අවිහින්සාවදියෝ සතියකට කුකුල්මස් කිලෝ කීයක් කනවද දන්නේ නෑ. එතැනදී අවිහින්සාව අමතකයි. බහුභූත. කියන්න දෙයක් නැතිවට කියනවා. (දී)

:       0       0

රොෂේන් දී සොයිසා Saturday, 14 June 2014 02:40 AM

බලපිටියනේ ද ? වැලිමිටෙන් අදින්න ඇති. (දී)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Saturday, 14 June 2014 03:09 AM

ලංකාවෙන් අලි ළඟදීම වදවෙලා යනු ඇත. දැනටමත් ඉන්නේ එක්‌ දහස් ගානයි. මේ මහාර්ඝ සම්පන්න සත්වයා මරා දමා ඌව ආරක්ෂා කර ගන්න බැරි ශ්‍රී ලංකාවට අලි සම්පත නොදිය යුතුය යන්න මගේ ගෞරවනීය මතයයි (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 14 June 2014 03:43 PM

අලි පෙරහරේ ගෙනියන්න එපා කියන කට්ටියව අල්ලලා බැඳලා හොඳ වලකුයි වලිගේකුයි සවි කරලා මෙයාලව ගෙනියමු පෙරහරේ එහෙනම් ! මොනවා උනත් අවදානයෙන් අලියව බලාගත්ත සහ තැනට සුදුසු විදියට කටයුතු කරමින් අලියව බැඳලා දාපු ඇත්ගොවුවට මගේ ප්‍රණාමය ! (අ)

:       0       0

සෑම් Saturday, 14 June 2014 04:15 AM

පුරාන චාරිත්‍ර වාරිත්‍ර රැකගත යුතුයි. නමුත් එහෙම කියලා කැලෑවේ ජීවත් වන තිරිසන් සතුන් ඉතාම දරුණු වදහිංසා මගින් හීලෑ කර ඊට පසු ඔව්න්ව පෙරහරේ රැගෙන යාමෙන් කරන්නේ පිනක්ද පවක්ද කියලා තේරුම් ගත යුතුයි. (දී)

:       0       0

පද්මිණි Saturday, 14 June 2014 04:13 PM

වනන්තරේ ඉන්න ඕන කෙනෙක්ව බලෙන් මනුස්ස වාසයට ගෙනාවා මදිවට විලංගු දමා බැඳ දැමීමත් සාධාරණිකරණය කරන්ට බැහැ. (අ)

:       0       0

සමන්ති Saturday, 14 June 2014 07:23 AM

අපිට වගේම සතුන්ටත් ඔවුන්ගේ නිදහස බුක්ති විඳීමට අයිතියක් ඇත. සතුන් අහිංසකය. ඔවුන්ට නිදහස අහිමි කිරීමෙන් ඔවුන් දරුණු වේ (නි)

:       0       0

සමන්ත Saturday, 14 June 2014 07:28 AM

කොහොමත් ඉතින් අද රටේ හැමදාම කවුරුහරි කුලප්පු වුණ ගමන්මයි ඉන්නේ. අලියාට හිතෙන්න ඇති මම විතරක් නිකම් ඉන්නේ මොකද කියලා. (නි)

:       0       0

උමේෂ් Saturday, 14 June 2014 08:34 AM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

පැතුම් Saturday, 14 June 2014 08:36 AM

මේවා අවබෝධ වෙන්න තාම චාමර වයසින් අඩු වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

බුද්ධිමිත්‍ර Saturday, 14 June 2014 08:38 AM

රියාද් වල ඉන්න සුනිල් මහත්තයා මස් වලට ගිජු කෙනෙක් වගෙයි. (නි)

:       0       0

මාලි Saturday, 14 June 2014 08:54 AM

මේ සතුන්ව මෙවන් කටයුතු වලට යොදා නොගෙන ඉන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

අනුපම Saturday, 14 June 2014 08:58 AM

අනේ පවු කුලප්පුවා! (නි)

:       0       0

බටුවත්ත Friday, 13 June 2014 06:14 PM

පවු! මේ අහිංසක සතා යදමින් බැඳලා තිබෙන හැටි (නි)

:       0       0

චාමර Friday, 13 June 2014 06:33 PM

කුලප්පු අලියා යදමින් බඳින්නේ නැතිව මොකද කරන්නේ. නැතිව මිනිස්සු මරන්න ඉඩ දෙන්නද (අ)

:       0       0

පැතුම් Friday, 13 June 2014 06:52 PM

මට හිතෙනවා චාමරවත් ගස් බඳින්න (අ)

:       0       0

සුසන්ත Saturday, 14 June 2014 09:33 AM

ඇත්තටම පෙරහැරවල අලි ගෙනයන්න කලින් යම් ප්‍රමිතියක් තිබිය යුතුයි. මොකද අපේ සංස්කෘතිය රැක ගන්න ගමන් නිර්මල බුදු දහමේ එක සංකේතයක් වන අහින්සකත්වයට ඉඩ දිය යුතුයි. මද කිපුණ අලියෙක්ව කෘර ලෙස බැඳගෙන පෙරහරේ ගෙන යාම කොහෙත්ම සුදුසු නැහැ. එයාව කොහේහරි ගාල්කර තැබිය යුතුයි. මම දැක්ක වල්පොල පොසොන් පෙරහරේ ( ගිය 11 වැනිදා ) මද කිපුණ අලියෙක්ව ඉතා කුරිරු විදියට බැඳගෙන පෙරහරේ ගෙනියනවා. එයට කකුල්දෙක අඩියක්වත් තියන්න බැහැ. ඒක දැකපු හැමෝම අලි අයිතිකරයින්ටත් පෙරහැර සංවිධයකයින්ටත් දොසාරෝපනය කළා. ඇත්තටම මද කිපුණ සතෙක්ව ඒ අවස්ථාවේ පෙරහරේ ගෙනයාම කොහෙත්ම සුදුසු නැහැ. ඒක අපේ නිර්මල බුදු දහමටත් පටහැනියි. පාරිලේයිය ඇතා බුදුන් වහන්සේට ඇප උපස්ථාන කරලා තියෙන හැටි බුද්ධාගමේ අය අහල ඇතිනේ.වල්පොල පෙරහරේ අර මම කිව්වා විදියට ගෙනිච්ච එක අලියෙක් මෙයා වගේ ගොඩක් උසයි. (දී)

:       0       0

චාමර Friday, 13 June 2014 06:54 PM

මට හිතෙනවා පැතුම්ව කුලප්පු අලියා ඉස්සරහට යවල බලන්න මොකද වෙන්නේ කියල.(අ)

:       0       0

පුෂ්පා Friday, 13 June 2014 07:08 PM

ඇත්තටම මේ පෙරහැරවල් වල අලි ඇත්තු ගෙනයන්න ඕනමද? මේක පුරාණ චාරිත්‍රයක් තමයි. නමුත් අහිංසක අලි ඇතුන් ගැන හිතලවත් මේ පුරුද්ද ටිකක ලිහිල් කරන්න බැරිද ? පුරාණ චාරිත්‍ර කොයිතරම් දැන් වෙනස් වෙලා තියෙනවද? (අ)

:       0       0

රංජි කුමාරසිංහ Saturday, 14 June 2014 09:19 PM

සත්තු කියන්නේ අහිංසක ජාතියක් අපි ආදරෙන් රැකබලා ගන්න ඕනේ (දී)

:       0       0

චම්මික කුමාර Friday, 13 June 2014 07:39 PM

කනගාටුදයකි .සතුන් බලාගන්න අයගේ වැරදි තමා (අ)

:       0       0

සාරංග Saturday, 14 June 2014 10:22 AM

සුසන්ත මේවා වල් සංස්කෘති විසිකරලා දාල හොඳ එකක් ගැන හිතන්න කාලේ හරි ලංකාවේ වෙන්නේ ඔක්කොම සත පහකට කාටවත් ප්‍රයෝජනයක් නැති වැඩ (දී)

:       0       0

රන්ජිත් Saturday, 14 June 2014 09:24 PM

සත්තු ගැන මිට වඩා හිතමු (දී)

:       0       0

රංජිත් Saturday, 14 June 2014 09:27 PM

අපි අලින්ව රැකබලා ගනිමු (දී)

:       0       0

අමිල Friday, 13 June 2014 07:57 PM

අලින්ට මාංචු දාල පෙරහරවල් ප්‍රදර්ශනයට ගෙනියන් එකට විරුදවෙමු සතකුට හිරිහැර කරන එක හොඳ නෑ

:       0       0

ආනන්ද ආර් Saturday, 14 June 2014 10:36 AM

කුසුම් අලි කුලප්පු වෙන බව දැනගත්ත පලවෙනි වතාව වගෙයි. (දී)

:       0       0

ප්‍රවීන් Friday, 13 June 2014 08:13 PM

පව් මේ සද්දන්තයව මේ වීදීහට මාංඡු දාලා හිරිහැර කරන එක. කැලේ සත්තු ඉන්න ඕනි කැලේ (නදී)

:       0       0

පියල් Saturday, 14 June 2014 10:45 AM

ඒ අහිංසක සතා පව් (දී)

:       0       0

චාමර Friday, 13 June 2014 08:19 PM

පුෂ්ප , කොහෙද අලි අහිංසක? කොච්චර අහිංසක මිනිස්සු මුන් මරල තියෙනෙවද? මම එක දවසක් දැක්කා ලංකාවේ ලිදකට වැටිච්ච අලියෙක්ව මිනිස්සු ගොඩගන්නවා. ඊට පස්සේ ඒ අලියා ළඟ හිටපු මිනිහෙක්ව මරනවා. (නදී)

:       0       0

චාමර Friday, 13 June 2014 08:27 PM

අමිල සතුන්ට හිරිහැර කරන එකට විරුද්දයි. එතාකොට මිනිස්සුන්ට හිරිහැර කරන එක හොදද ? (නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 13 June 2014 08:32 PM

බටුවත්ත, එයා කවුරුත් බැඳලා නෙමෙයි. එයාම දම්වැලක් අරගෙන බැඳගෙන. (නදී)

:       0       0

ශාන්ත Friday, 13 June 2014 09:01 PM

අලි ඇතුන්ට හිංසා කිරීම හොඳ නැහැ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1319 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 810 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1881 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 482 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2774 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site