(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල්බදු පහසුකම් යටතේ ගුවන් යානා ලබාදී ඇති සමාගම් එම කල්බදු මුදල අඩුකිරීමට එකඟතාව පළකර ඇත.
කොරෝනා වසංගතය හමුවේ ගුවන් මගීන් ප්‍රවාහනය විශාල ලෙස පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බදු මුදල් අඩු කිරීමට එකඟතාව පළවී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ගුවන් යානා 24ක් ඇති අතර, ඒ සියල්ලම කල් බදු පහසුකම් යටතේ ලබාගත් ගුවන් යානා බව වාර්තා වේ.
මෙම ගුවන් යානා 24 සමාගම් 6කින් කල් බදු පහසුකම් යටතේ ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ගෙවනු ලබන බදු කුලිය ඇමෙරිකානු ඩොලර් කෝටි 108ක් පමණ වන බව පැවැසේ.
එම බදු කුලිය ඇමරිකානු ඩොලර් කෝටි 95ක් පමණ දක්වා, ඩොලර් කෝටි 13කින් පමණ අඩු කිරීමට අදාළ ගුවන් සමාගම් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී නව ගිවිසුම්වලට එළඹෙනු ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්බදු මුදල් අඩුකිරීමට විදෙස් ගුවන් සමාගම් එකඟ වේ