(නිමල් ජයරත්න)
මනම්පිටිය ඉන්ධනහලට ලැබෙන ඉන්ධන රියදුරු සංගමය, ත්‍රීරෝද සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් එක්ව පොලිසියේද මැදිහත්වීම මත සියලු දෙනාට සාධාරණව ඉන්ධන බෙදා හැරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි.
ම්නම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා සහ එම පොලිස් නිලධාරීන් එක්ව 25 වෙනිදා රාත්‍රි 9:30 ට මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ලීටර් හයදාස් හයසියක ප්‍රමාණයක් ලැබුණු අතර අඛණ්ඩව, අදාළ පෝලිමේ සිටි සියලු යතුරු පැදි, ත්‍රීරෝද රථ මෙන්ම කාර් රථවල්ට ලබාදීම අතර මෙහිදී ගැබිනි මව්වරුන්ට. විවිධ රෝගීන් රැගෙන යන පෙට්ටල් වාහනවලට සහ විශේෂ අත්‍යවශ්‍ය ආයතනවලට මෙන්ම පුද්ගලයන්ට පෝලිමේ නොසිට පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි.
මනම්පිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට යකඩ ගේට්ටු වැටක්ද සවිකර තිබෙන අතර ඉන් එක් වාරයකදී යතුරු පැදී පහක්. ත්‍රීරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් ඉන්ධන පිරවුම්හලට ඇතුළත් කරගෙන ඉන් ලබාදීම සිදු කෙරේ.
දෛනිකව පැමිණෙනෙ ඩීසල් සහ පෙට්රල් තොගය ඉන්ධන පෝලිම අවසන් වනතුරු ලබාදීමට මනම්පිටිය පොලිසිය ඉන්ධන හලේ සේවකයන් මෙන්ම ලොරි රථ රියදුරු සංගමයත්, සිදු කරන කැපකිරීම් පෝලිමේ නිරත පිරිස් අගය කරති.
කිව්.ආර්.කේත ක්‍රමය අනුව මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ 25 වෙනිදා සිට ඉන්ධන ලබා දුන්නද මධ්‍යම රාත්‍රි 12 න් පසු පැයකට පමණ ආසන්න කාලයක් කිව්.ආර්. ක්‍රමයේ ඇති වූ දෝෂයක් නිසා ඉන්ධන බෙදාහැරීම්ට බාධා ඇති වූ අතර එහිදී ඉන්ධන හලේ සේවකයින් මෙන්ම පොලිසිය මැදිහත්වී පෝලිමේ නිරත පිරිස්ට අපහසුවක් නොවන අයුරින් උදෑසන 7:00 දක්වාම අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
මනම්පිටිය සහ සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල අසල සහ ඉදිරිපිට දිවා, මෙන්ම, රාත්‍රී කාලයේ සැරිසරන බීමත්ව පුද්ගලයන් ඉන්ධන බෙදා හැරීමට පෙර පොලිසිය, ලොරි රථ රියදුරන් එක්ව ඉවත් කර අනතුරුව ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාර්ථක කර ගැනීමට එක් අවස්ථාවක් බවද සංගමය සංගමය සඳහන් කරයි.
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්ට, පොලොන්නරුව අධිකරණයේ නීතීඥවරුන්, මනම්පිටිය වනජීවි කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට මෙන්ම විශේෂ ආරක්ෂක අංශවලටත්, විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු පිරිස විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් පෝලිමේ නොතියා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමද මනම්පිටිය පොලිසිය මගින් සිදු කිරීම එම රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පැසසීමට ලක් ව තිබේ.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලබලයක් නැතිව ඉන්ධන බෙදන තැනක්
Pradeep Kumara Tuesday, 26 July 2022 04:50 PM
බඩල්ගම පොලිසියේ නිලධාරීන්ට සහ ප්‍රදේශයේ "අයියලාට" මේ පුවත පෙනේවා..!
Ruwanthie Wednesday, 27 July 2022 06:18 AM
අපි මීගමුවේ සති 3ක් තිස්සේ රස්තියාදු වෙනවා තාම තෙල් ලැබුණේ නෑ හොරු සහ පොලිසියේ නින්දා සහගත ක්‍රියා කලාපය නිසා අපේ ගම් පළාත් වලට මේ වගේ හොඳ දෙයක් කියන්නේ හිනයක්!! එච්චරටම දූෂිත නගරයක් අසරණ මිනිස්සු තවත් පීඩාවට පත් වෙලා! තෙල් ආපු ගමන් පුළුවන් අයයි පොලිසියේ බහුතරයකුයි ඉක්මනින් තෙල් ටික ගන්නවා ඇත්තටම ගොඩක් වටිනවා
Bunny Preena Wednesday, 27 July 2022 08:57 AM
විනය ගරුකව සහ හොද හික්මීමකින් යුක්තව කටයුතු කරන මනම්පිටිය ජනතාව, පොලිසිය සහ සෙසු නිලදරින්ගෙ මෙම ක්‍රියා කලාපයන් අනෙකුත් පෙදෙේවල කලහකරි ලෙස හෙසිරෙන ජනතාවට ආදර්ශයක්ම වෙවා වෙවා !!
Prasheen Wednesday, 27 July 2022 11:37 AM
රැල්ලක් විය යුතු දෙයක්....