IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කලබල වූ අලියා ගස් බදී

මහනුවර ඓතිහාසික ප්‍රථම දළදා පෙරහැර මංගල්‍ය යේ  ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරමින් සිටියදී අලියෙකු කලබල වූ විගස පෙරහැරෙන් ඉවත් කරගැනීමට පශු වෛද්‍යවරු සහ ඇත් ගොව්වෝ සමත් වූහ.

පෙරහැර  බැලීමට ආ කිසිවෙකුටත් කරදරයක් සිදු වූයේ නැත.

කලබල වූ අලියා පහසුවෙන් බැද දැමු බව පෙරහැර සංවිධායකයෝ  කියති.



අදහස් (0)

කලබල වූ අලියා ගස් බදී

නෙත්මල් Monday, 12 August 2013 02:39 AM

මේ දවස්වල කොහොමත් අලි කුලප්පු වෙලානේ.(නදී)

:       0       0

සේනානායක Monday, 12 August 2013 01:03 PM

මේ දවස්වල අලි කොහොමටත් කලබල වෙලා ඉන්නේ (නි)

:       0       0

සඳරුවන් Monday, 12 August 2013 04:28 AM

දයාසිරිගේ යාලුවෙක්ද? (නදී)

:       0       0

සඳරුවන් Monday, 12 August 2013 04:30 AM

දයාසිරිගේ යාලුවෙක්ද?(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 12 August 2013 06:49 AM

දැන් කොහොමත් රටේ ඉන්නේ ගස් බඳින ලොක්කොනේ.(නදී)

:       0       0

සංජීව Monday, 12 August 2013 07:33 AM

අලි කැලේ ඉන්න ඕන සත්ව විශේෂයක්. මෙවැනි පෙරහැර සඳහා අලින්ව යොදා ගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. මම දකින්නේ මෙය සත්ව හිංසාවක් ලෙස. කැලේ නිස්කලංකව සිටිය යුතු අලින්ව , උන්ට නුහුරු නුපුරුදු නගරෙට ගෙනල්ලා මෙවැනි දේ සඳහා දම්වැල් වලින් විලංගු දමා යොදා ගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. පෙරහැර සඳහා බලහත් කාරයෙන් අලින්ව යොදා ගැනීම දැන්වත් නතර කල යුතුයි. සත්ව හිංසනය නැවතීමට කටයුතු කල යුතුයි.(නදී)

:       0       0

අනුර Monday, 12 August 2013 07:49 AM

මේ අලියා බුලත් කොලයක් දැකලාද දන්නේ නැහැ කලබල උනේ.(නදී)

:       0       0

විජේ Monday, 12 August 2013 01:34 PM

ෂුවර් එකටම අර බෝගහ ගැන කියපු දේ අලියට ඇහෙන්න ඇති. (නි)

:       0       0

renuka Monday, 12 August 2013 08:26 AM

අලි පෙරහරේ එක්ක ගියා ට නෙමේ ප්‍රශ්නේ.අලි බලා ගන්න අය අලින්ට ගහන එක බලන් ඉන්න බැ. උන්ට අඩියක් තියල අඩියක් ගන්න බැ.දම්වැල් දාලා බෙර සද්දෙට නටන්න බෑ. හෙණ්ඩුවෙන් අනිනවා. අලි කලබල වෙනවානම් ඒ වෙන්නේ මිනිස්සු හින්දා නෙමෙයි. අලියා අහිංසක සතෙක්. (ස) . .

:       0       0

රණසිංහ Monday, 12 August 2013 08:39 AM

ඔය අලියා හැම පෙරහැරකදිම කුලප්පු වෙනවා නේද.එයට මල්වෙඩි ,හෙම පෙනෙන්න බැරිලු. මිනිස්සුත් මරල තියෙනවලු. මේවා කියන්නේ පශුවෛද්‍යවරයාමයි . ඔය අලියා නැතිව පෙරහැර කරන්නකෝ. (ස)

:       0       0

ටිරෝන් Monday, 12 August 2013 01:57 PM

හොයලා බලන්න අලියාගේ නම මොකක්ද කියලා (නි)

:       0       0

බුද්ධී Monday, 12 August 2013 09:18 AM

සජීවගේ සහ රණසිංහගේ අදහස් අනුමත කරමි. මේ වෙලාවට අලි මන්තර භාවිතා කරන්න බැරිද? නොදන්නා නිසයි අහන්නේ?(නදී)

:       0       0

මොහමඩ් Monday, 12 August 2013 02:11 PM

මේ අලියා මැතිවරණ කටයුතු වලට එහෙම සම්බන්ධ නැහැ නේද? (නි)

:       0       0

සකු Monday, 12 August 2013 10:08 AM

අලි ඔහොමතමයි( කකුල් හතරේ ) (දී)

:       0       0

රුචිර Monday, 12 August 2013 02:41 PM

අජිත් ගෙදරකට ආපු ගැරඩියාගේ කතාව අහල තියෙනවාද ? (ත)

:       0       0

නීල්-රානා Monday, 12 August 2013 10:38 AM

ආනා රූනා රූං කටුස්සා වානා රිංගා හොඬේ අවුස්සා පානා දස්කම් මහ අලි දෙස්සා ඕනා ජගතෙක් බිම දණ ගස්සා.(නදී)

:       0       0

අජිත් Monday, 12 August 2013 11:09 AM

බුද්ධි, අලි මන්තර ගැන අහපු නිසා මේ කතාව කියන්නේ. මේක සිද්ධ උනේ පුත්තලම අනුරාධපුර පාරේ පහරිය කියන ගම්මානයේ රාජකාරියකට ගිය දිනයක. මමයි, නානායක්කාරයි, රත්නායකයි, ලයනලුයි තමයි මෙම ප්‍රදේශයේ සංචාරයට ගියේ. වෙලාව සවස 5.00 ට විතර ඇති. අපි වන නිලධාරීන් නිසා අනවසර දැව කැපීම ගැන සෙවිල්ලෙන් ඉන්නේ. මම ජීප් එක ප්‍රධාන පාරේ තියාගෙන අර තුන් දෙනා ගම්මානය පැත්තට යැව්වා. පැයක් හමාරක් ගියා. ගිය තුන්දෙනා ආවේ නැති නිසා මදක් විපරම් කළා. මම හෙමෙන් හෙමෙන් ගම්මානය පාර දිගේ පයින් ගමන් කළා. ටික දුරක් යනවිට මට ඇහුනා, නානායක්කාරගේ කටහඬ."මෙහෙට එන්න එපෝ - තනිය ගහ යට ඉන්නවා" කටහඬ ඇහුනේ කැලේ පැත්තෙන්. වගේම ඉහල තැනක ඉන්න විදියට. වෙලා තියෙන දේ මට තේරුණා. මම ආපසු ගිහින් ජීප් රිය අරගෙන එම පාර දිගේ ආවා. එනකොට රත්නායකයි, ලයනලුයි පාර අයිනේ බෝක්කුවක් උඩ ඉඳගෙන හති අරිනවා. "මම කොහෙද කියල ඇහුවම ලයනල් කැලේට අත දික් කළා. දුවල හති නිසා කතා කරගන්නත් බැහැ දෙන්නටම,.මම නානායක්කාරගේ නම කියලා හයියෙන් කතා කළා. එතකොට නානායක්කාර කිව්වා, ආර්.එෆ්.ඕ මහත්තයෝ මම පලු ගහට නැග ගත්තා. අරුන් දෙන්න දිව්වා. ගහ ළඟ යාළුවා ඉන්නවා එන්න එපා කියලා. පස්සේ මම නානටත් කියල අනිත් දෙන්නව නංවාගෙන කරුවලගස්වැව වන සත්ව කාර්යාලයේ නිලධාරීන් සොයාගෙන ආවා. පස්සේ ඒ ගොල්ලන්ගේ උදවු ඇතිව අලියව එලවල දාලා නානායක්කාරව ගහෙන් බස්සගෙන පාරට ආවා. එතකොට කරුවලත් වැටිලා. අපේ රත්නායක මහත්තයා මන්තර ගුරුකම් දන්නා කෙනා. එයා අලි මන්තරත් දන්නවා. මට ඒක මතක් වෙලා මැතුරුවේ නැද්ද කියල රත්නායකගෙන් ඇහුවා. එතකොට ලයනල් කියනවා මොන මැතිරිල්ලක්ද බොස් මේ යකා මටත් කලින් දිව්වා කියලා. ඇයි රත්නායක එහෙම කළේ කියල මම ඇහුවම. මිනිහ කියනවා " මැතුරුව මැතුරුව ඇහුවේ නැහැ බැලින්නම් මම හිටියේ සපත්තු දාලනේ. මන්තරේ හරියට අහන්න නම් පොළොවට (අර්ත්)වෙන්න ඕන" කිවුව විතරයි නාන කිව්වා - ඒක මෙතන ලියන්න බැහැ.(නදී)

:       0       0

සෙනෙවිරත්න Sunday, 11 August 2013 09:47 PM

අපට පශුවෛද්‍යවරයා සහ ඇත්ගොව්වා ගැන සතුටුයි. මේ වගේ සීරුවෙන් ඉන්නවනම්, අනතුරු වලක්වා ගන්න පුළුවන්නේ‍‍. (ස)

:       0       0

පිටගල Sunday, 11 August 2013 10:23 PM

ඇයි ඔය අලියට බැරිවුනේ තමන්ම ගස් බැඳ ගන්න. අනුන්ට කරදර නොකර?(නදී)

:       0       0

හිරාන් Sunday, 11 August 2013 10:42 PM

මේ දවස්වල අලියෝ ටික කුලප්පුවෙලා එන්නේ.(නදී)

:       0       0

සජිත් Tuesday, 13 August 2013 10:51 AM

මේකා සින්දු කියන අලියෙක්ද ? (ස)

:       0       0

නීල් Sunday, 11 August 2013 11:18 PM

මන්තරෙන් අලි නැතොත් සංසුන්.. යන්තරෙන් බැඳි අංකුශෙන්.. ගංතෙරෙන් මහවැලි ගඟින්.. වෙයි, බඹුන් දෙවියන් අනුහසින්.. (ස)

:       0       0

ගමගේ Monday, 12 August 2013 12:19 PM

වෙන මොනවා කරන්නද (දී)

:       0       0

නීල්-රානා Sunday, 11 August 2013 11:35 PM

මංතරෙන් අලි නැතොත් සංසුන්.. යංතරෙන් බැඳි අංකුශෙන්.. ගංතෙරෙන් මහවැලි ගඟින්.. වෙයි,බඹුන් දෙවියන් අනුහසින්..(නදී)

:       0       0

මානගේ Sunday, 11 August 2013 11:38 PM

පෙරහැර පටන් ගත්තු ගමන්ම අලියා කුලප්පු වෙලා පෙරහරෙන් අයින් වුනා වගේ, වයඹ අලියටත් පටන් ගත්තු ගමන් අයින් වෙන්න සිද්ද වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ධම්ම Sunday, 11 August 2013 11:58 PM

කළබල අලි පෙරහැරෙන් ඉවත් කරණ එක ලොකු දෙයක්. නැත්නම් මහා විනාසයක් කරනවා.(නදී)

:       0       0

මංජු Monday, 12 August 2013 12:21 AM

යන විදිය හරි නැ‍. මොනවහරි කරන්ඩ වෙයි ඉක්මනටම........ (ස)​

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9324 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4848 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6734 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4570 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24189 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site