(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියක ඇතුලු සැකකරුවන් 11දෙනා අද (20) දින අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙස ද පොලිසියට නියෝග කළාය.
එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතුරුගිරිය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අදාළ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇති බවත් මෙහිදී අධිකරණය වෙත කරුණු අනාවරණය කරන ලදි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්