IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කිලෝමීටරයක්වත් නැති පාරක් හදන්න මාස 18 ක් යනවා

(නිමල කොඩිතුවක්කු)

 

 

කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් සකස් කිරීමට  වසර එකහාමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදුනොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසිමට සිදුවන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදි අද(21) පැවසීය.

 

ව්‍යාපෘතිවල වැඩ නිසි කාලයට නිම කිරීමට නොහැකි නම් එම ව්‍යාපෘති  මාර්ග සංවර්ධන අධිකාරියට බාර දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

 

මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේ දී නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.

 

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

 

මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කළ හැකි ඉදිකිරිම් සමාගම් වලට පමණක් කොන්ත්‍රාත් පවරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට  උපදෙස් ලබා දී ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.

 

නැගෙනහිර පළාතේ පමා වූ සියලුම මාර්ග ව්‍යාපෘත කඩිනමින් අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේය.

 



අදහස් (5)

කිලෝමීටරයක්වත් නැති පාරක් හදන්න මාස 18 ක් යනවා

chanaka prabath deeptha Thursday, 21 January 2021 09:30 AM

අන්න එහෙම තමයි ඉන්න ඕනෑ...

:       4       4

ara Thursday, 21 January 2021 10:03 AM

අනේ යන්න... මෙයා ඔයාලා කවද්ද විවෘත ටෙන්ඩර් කළේ? ඔය සේරම ඔයාගේ යාළුවෝ...

:       0       21

banda Thursday, 21 January 2021 11:17 AM

බොරුව එපා .... ඔය පාරවල් හදන ටෙන්ඩර් ඔක්කොම දෙන්නේ ඔයාලගේ හිතවතුන්ට නේද? ඒවායින් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙනවා නේද?

:       0       22

sharm warn Friday, 22 January 2021 04:32 AM

ඔන්න කට්ටියට හොඳ ගණන් පාඩමකට අවස්ථාවක්... කිලෝමීටර් ගණනින් මෙයාගේ කොමිස් කුට්ටිය ගණනය කරලා හරියටම කියන හපනාට කිලෝමීටර 5ක පාරක නඩත්තුව දෙනවා. අවුරුදු 04ට...

:       0       2

nimal Friday, 22 January 2021 08:22 AM

ඇමැතිතුමෝ, හැඳල ඇලකන්දේ සිට දික්ඕවිට මාර්ගයේ බෝක්කුවේ වැඩ ඉවරකරලා දෙන්න. කොච්චර නම් කල්ද? නැති අවහිර ඇති කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 276 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2025 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 65 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1306 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 2063 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3333 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1403 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site