IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින්

නොයෙක් බාධක ජයගන්නා වීරයන් සහ වීරවරියන් සුරංගනා කතා වලදී අපට හැම විටම හමු වෙනවා. නපුර පරාජය කර යහපත හා සත්‍යය ජයගන්නා මේ බොහෝ කතා අවසානයේදී හෝ කතා නායකයින්ගේ ගමනාන්තයෙදී ඔවුන් ඔවුන්වම සොයා ගැනීමත් මේ කතා වල වැදගත් අංගයක්. යතාර්ථයෙන් දුරස්ව වුවද ජීවිතය පිලිබඳ සියුම් විදසුන් කියා දෙන්නට මේ සුරංගනා කතා වලට පුළුවන්. රුවන්ති ද චිකේරා අධ්‍යක්ෂණය කරන ‘කලුමාලි - වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ නූතන සමාජය තුළ දෙමව්පියන්ගේ භූමිකාව ආලෝකමත් කරනවා. මෙයට සම්බන්ධ වන නළු-නිළි කැළ රංග කලාවේ ප්‍රවීණයන් - ප්‍රේක්ෂක ගෞරවයට අනේකවත් බඳුන් වන අයිරාංගනී සේරසිංහ, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සමග නදී කම්මැල්ලවීර, ලක්මිණි සෙනෙවිරත්න, ගිහාන් ද චිකේරා සහ ධනුෂ්ක ඩයස් ද මේ රංගය හා සම්බන්ධ වෙනවා. ආලෝකකරණයෙන් ජෙරෝම් එල්. ද සිල්වා ද මේ හා එක් වෙනවා.

 

පීටර් ද අල්මේදා

කලකට පසු වේදිකාවට නැවත පැමිණෙන පීටර් ද අල්මේදා පවසන්නේ රංගයේ ක්‍රියාශීලී, නිතරම අලුත් වන රංග වින්‍යාසය චරිත නිරූපණයට අවශ්‍ය නව පණ ලබා දෙන බවයි. තමා අවට ඇති බොහෝ දේ එසේම විය යුතු යයි නිතරම සිතන කතාවේ සැමියා හෙවත් කලණ තුලින් පීටර් දකිනවා. පීටර්ට අනුව “ඒක කාලය තරම්ම පරණයි. පිරිමි මනස සැදී තියෙන්නේ එහෙමයි.”

 

ලක්මිණි සෙනෙවිරත්න

ලක්මිණි සෙනෙවිරත්න වේදිකාවට අවතීර්ණ වුනේ අවුරුදු 15 කට පෙර වුවත් මේ ඇය ඉංග්‍රීසි වේදිකාවට පය තබනා පළමු වාරයයි. අළුත් භාෂා මාධ්‍යකින් මෙන්ම අයිරාංගනී සේරසිංහයන්, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සහ නදී කම්මැල්ලවීර වැනි ප්‍රවීණයන් සමග රඟ පෑමද ඇයට සුවිශේෂී අත්දැකීමක්. “රුවන්තිට නාට්‍ය පිලිබඳ පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ නිසා දෙබස් නිර්මාණයේදී ඇය අපිවත් සම්බන්ධ කර ගන්නවා. රංග ශිල්පිනියක් ලෙස මම එයට ගරු කරනවා.” ලක්මිණි පණ පොවන්නේ දිල් ගේ චරිතයටයි.

 

නදී කම්මැල්ලවීර

දිල් ගේ චරිතයට ම පණ පොවන නදී මේ නාට්‍යයෙන් ප්‍රකාශිත දැක්ම තදින් විශ්වාස කරනවා. දැනට පවතින අධ්‍යාපන, මාධ්‍ය හා සමාජ සංස්ථා විසින් දෙමව්පියන් හා දරුවන් මත පටවන විශාල පීඩනය පිලිබඳ විවිධ මත නිරූපිත කතිකාවක් අවශ්‍ය බවයි ඇගේ හැඟීම.

 

කෞශල්‍යා ප්‍රනාන්දු

ගෙදර ආච්චි ගේ චරිතය රඟන කෞශල්‍යා අගයන්නේ නාට්‍යය පිටුපස ඇති රචනා ක්‍රියාවලියයි. සමාජය පිළිගැනීමට මැලි වන සමහර සත්‍යයන් ප්‍රකාශ කිරීමට මේ ක්‍රියාවලිය ඉඩ සැලසුවා. “ඒ වගේ අභියෝගාත්මක රචනාවලියක් ක්‍රියාශීලී ප්‍රකාශන මාධ්‍යක් වන නාට්‍යක් බවට පරිවර්තනය කිරීම හරිම සුවිශේෂී අත්දැකීමක්.”

 

අයිරාංගනී සේරසිංහ

මේ නාට්‍යයේ තවත් එක් සැමරුමක් නම් කලකට පසු අයිරාංගනී සේරසිංහයන් නැවත වේදිකාවට කැඳවීමයි. මවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව අත්දැකීම් බහුල පරිපූර්ණ ජීවිතයක් ගත කර ඒ දෙස නැවත හැරී බලන ෆිල්ම් ආච්චා ගේ චරිතයට ඇය පණ පොවයි. ස්ටේජස් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන ‘කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ සැප්තැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වීමට නියමිතයි. සිංහල දර්ශන වාරයන් 14වන සිකුරාදා සහ 15වන සෙනසුරාදා ප.ව. 7.15ට. ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 1වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබා ගත හැක. සහයෝගය- සුනේත්‍රා බණ්ඩාරනායක භාරය, සම අනුග්‍රහය - පොන්ඩ්ස්, ඩව් හා ජෝන් කීල්ස් සමාගම, මාධ්‍ය අනුග්‍රහය- විජය ප්‍රකාෂන, සංගීතය හේලියන් https://www.facebook.com/events/116236578522201/  



අදහස් (0)

කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින්

චන්ද්‍රසිරි Monday, 03 September 2012 01:01 PM

හොඳම නඵ නිලියෝ ඉන්න නිසා හොඳ නාට්‍යක් වෙන්න ඇති...(ස)

:       0       0

ශානිකා Monday, 03 September 2012 09:13 PM

අනිවාර්යයෙන්ම බැලිය යුතු නාට්‍යයක්. (නි)

:       0       0

චන්ද්‍රප්‍රේම Monday, 03 September 2012 10:09 PM

කෞශල්‍යාගේ රගපෑම් වලට මම කවදත් කැමතියි. (නි)

:       0       0

චින්තක Thursday, 25 October 2012 08:54 AM

නියමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 182 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 362 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 353 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site