IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක්

 

 

 

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක් ද වාහන ලබා ගැනීමට අට ලක්‍ෂයක මුදලක් ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට හය කෝටියක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.



අදහස් (58)

කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක්

අරැන සෙනරත් Thursday, 07 December 2017 04:40 AM

මේ කරන අපරාද ස්වභාවධර්මයේ යුක්තියට යොමුවේවි. ටිකක් කල්ගියත් වැ⁣⁣⁣⁣⁣ෙඞ්නම් අකුරටම වේවි. එතකොට ගැලවිමක් නැත. මෙය නියතයකි ! කකුලුවා නටයි වතුර පැහෙනකම්,

:       0       398

himal Thursday, 07 December 2017 04:45 AM

මෙහෙම දෙයක් වෙන්න ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂම පටිපාටිත් හේතුවක්. මේ ගොඩනැඟිල්ලට පදිංචියට යාමට තියෙන බාධාව වෙන්නේ ඒකේ කාපට් කරලා, පාටිෂන් කරලා තව ජාලගත කිරීම් වගේ දේවල්. ගොඩනැගිල්ල ගන්න කන් ඒවා ආරම්භ කරන්න ඔය නිලධාරීන් කටයුතු කරලා නෑ. අඩුම තරමේ ගිවිසුම් අත්සන් කරන්න කලින් පිරිවිතර හදලා, තාක්ෂණික ඇගයුම් කමි‍ටු පත් කරලා දැන්වීම දාන්න විතරක් ඉතුරු කර ගත්තා නම් මේ වෙද්දි පදිංචියට යන්නත් තිබ්බා.

:       203       47

SenarathThursday, 07 December 2017 11:12 AM

මේක ලංකාවේ තියෙන එකම ගොඩනැගිල්ල නම් ඔබ කියන හේතුව සාධාරණය කරන්න පුළුවන්.

:       0       99

BamunuarachchiFriday, 08 December 2017 01:50 AM

ඔව්! ඕක තමයි ඇමතිගේ යහළු සබීතාට රාජගිරිය පාරේ තිබෙන ඔයවිදිහට හැදූ කුලියට දීගන්න බැරුව තිබුන එකම ගොඩනැගිල්ල. හැබැයි ඔය ඇමතියා මහින්ද එක්ක හිටයත් ඔයටික කොරනවා.

:       0       0

indika Thursday, 07 December 2017 05:01 AM

වම සාක්කුවෙන් දකුණු සාක්කුවට යන ඩීල් එකක් වගේ. කව්ද මේකට වග කිව යුත්තා. රජයේ ආයතන වල තියෙන දුර්වල කම තමා කව්රුත් වග කියන්න බාර ගන්නේ නැති එක. පුද්ගලික ආයතනයක මීට වඩා වෙනස්.

:       321       706

Raveendra Thursday, 07 December 2017 05:08 AM

මෙය ඉතාමත්ම හොද තීරණයක්....

:       357       105

එර්දි Thursday, 07 December 2017 05:15 AM

ඔච්චර වටිනවද?

:       12       175

dasanayakaThursday, 07 December 2017 05:50 AM

නැතුව නැතුව... නිළියෙක් කියන්නේ කොච්චර වටිනා කෙනෙක්ද?

:       0       79

Old arraclThursday, 07 December 2017 07:10 AM

සමහරු පරණ ක්ලැසික් වාහනවලට කැමැතියි. හැබැයි ගාණ වැඩියි. මේ බිල්ඩිමත් දැන් අයිතිකරු හදපු එකක් නොවෙයි. පරණ එකක්. හරියට රෙපෙයාර් කරලා ගත්තොත් ලස්සනට තියේවි....

:       1       59

Hafeel Thursday, 07 December 2017 05:29 AM

ජනාධිපතිතුමාට මේවා පෙනෙන්නේ නැද්ද? ඇයි දුමින්ද දිසානායක තමන්ගේ සගයා නිසාද? බැදුම්කර වංචාව පිළිබඳව අශ්වයා ගියෙන් පස්ස කොමිසම් පත්කළ වගේද මේකත්? ඇයි මේක ජනාධිපතිතුමාට වහාම නවත්තන්න බැරි?

:       71       841

SiraThursday, 07 December 2017 10:57 AM

තමුන්ගේ රාජකාරිය ගැනවත් දැනුවත් බවක් නැති අයෙක්ද මේ රටේ ජනාධිපති ලෙස පත්ව සිටින්නේ?

:       0       142

pitigalaFriday, 08 December 2017 06:13 AM

ජනාධිපතිට තමන්ගේ ගෝලයෝ කරන වැරදි පෙන්නේ නැහැ, තමන් ජනාධිපති උනේ එජාප ඡන්ද වලින් කියන එකත් දැන් අමතක වෙලා.

:       0       0

Kumari Thursday, 07 December 2017 06:04 AM

දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ලෝකයේ කිසිම රටක තම රටවැසියා මේවගේ කැත විදියට අසරණ කරන්නේ නෑ. මේ සල්ලි අධ්‍යාපනයට වියදම් කරන්න. නිවැරදි අධ්‍යාපනයක් දරුවන්ට දීලා ලෝකයට මුදාහරින්න.

:       0       330

suran Thursday, 07 December 2017 06:12 AM

කතාව පමණක් ඇති වැඩ නැති තීන්දු තීරණ ගන්න බැරි ජනාධිපති කෙනෙක් ඉන්නකන් රටට සුගතියක් නැත.

:       3       605

දිලාන් Thursday, 07 December 2017 06:14 AM

තවත් ළුෑණු බිකක් තමයි...

:       0       209

sunil Thursday, 07 December 2017 06:21 AM

මහා භාණ්ඩාගාරය තොරන් ගහගෙන මග සරසලා පුල පුලා බලාසිටිනවා. මේ අමතර කෝටි හයාමාරේ ඉල්ලීම එනතුරු විනාඩි දෙකෙන් සල්ලි නිකුත් කරන්න. අපි මොනතරම් වාසනාවන්ත රටකද ඉපදිලා තියෙන්නේ? අපි පරිප්පු කනකල් සීනි දාලා තේ බොන කල්, කිරිපිටි දරුවන්ට දෙන්න ගන්න කල් බයවෙන්න එපා... මහත්හොරුනේ. ඒවා ගෙවන්න අපි ඉන්නවා.

:       0       322

rohana kumara mendis Thursday, 07 December 2017 06:22 AM

ඕකේ අයිතිකාරිය නිළියක් නේ... එ්කනේ ඔච්චර වටින්නේ ඇමතිතුමාට ඔය ගොඩනැගිල්ල.... නේද?

:       0       141

sam Thursday, 07 December 2017 06:22 AM

උරුමේ එක්කෙනෙකුටයි, කරුමේ තව එක්කෙනෙකුටයි. මේක කුලියට ගත්ත එක්කෙනාටම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ලැජ්ජයිද?

:       0       263

jayantha Thursday, 07 December 2017 06:46 AM

හෆීස්, අපිට එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවද? මම කියන්නේ ජනාධිපති කියල කෙනෙක්. දන්නේ නැති නිසයි අහන්නේ?

:       0       363

vipula Thursday, 07 December 2017 06:53 AM

ගාලු පාරේ කොල්ලුපිටියට කිට්ටු වෙන්න පාර්ලිමේන්තුවේ දුක්ගන්න රාල හිටපු නිල නිවස සහ විශාල ඉඩම වැඩක් නොගෙන හැප්පුණු වාහන වගයක් දාල තියෙනවා. පොලුයි හාලුයි පිටරටින් ගෙනෙන කාලේ මෙතරම් මුදල් වියදම් කරන්නේ ඇයි? කරුණා කරලා රජයට අයත් දේපල භාවිතා කරන්න පුළුවන්නේ. දුම්රිය දෙපාර්තුමේන්තුවේ භාවිතයට නොගන්න ගොඩනැගිලි කොතරම් තියෙනවාද? ජනතාවගෙන් තලා පෙලා අය කරන බදු සල්ලි තව කාටවත් බෙදා දෙන්නේ ඇයි? මේවට වැහි නැති හෙන වදින්න ඕනේ.

:       26       225

Sha johanThursday, 07 December 2017 09:03 AM

මේ බිල්ඩිම මගේ අගරැජිණි නමින් තියෙන පාර්ලිමේන්තුවේ හිතපු කතානායකගේ සිටි දැනට කෝටිගණනක වාහන කනත්තක් විදිහට පාවිච්චි කරන ඉඩමනේ...

:       89       14

Perera Thursday, 07 December 2017 06:58 AM

ඕවා ඉතින් ඔහොම නොවුනා නම් තමයි පුදුමේ. ලංකාවේ ජනතා මුදල්, දේපල, සම්පත් බලය ඇත්තෝ ගසා කෑම කොයි රජය යටතේත් සාමාන්‍ය දේවල්නේ...

:       1       42

nanayakkara Thursday, 07 December 2017 07:03 AM

වසරක් ලංකාවටම පොහොර සහනාධාරය දෙන්න යන මුදල කීයද?

:       0       72

sanath Thursday, 07 December 2017 07:06 AM

මම ලංකාවේ නොවේ ඉන්නේ... නමුත් යහපාලනයක් ඕනේ කියල මමත් කිව්වා. දැන් මම කිච වෙලා ඉන්නේ. මේ අය කරන්නේ රටත්, ජාතියත් පාවලා දෙන එක විතරයි. කලින් හිටපු අය මේ අයට වඩා දහස් ගුණයක් හොඳයි.

:       21       501

Bandara Kuwait Thursday, 07 December 2017 07:39 AM

රනිල් මහත්තයෝ ඔබට අපේ තිබුණ ගෞරවය අවසන්. දැන් යන කාලය වයස 70 පැන්නම ඇක්ටිව් නැහැ....

:       0       123

GaminiThursday, 07 December 2017 08:10 AM

කුවේට් ඉන්නවිට මෙහෙ ගෙදර අයගේ හැසිරීම ගැනවත් දන්නේ නැති ඔය රනිල් මහත්තයා මේකට සම්බන්ධ නැති බව දන්නේ නැති එක පුදුමයක් නොවෙයි.

:       329       89

China manThursday, 07 December 2017 08:46 AM

ඔබ නොදන්නවට මේ ගොඩනැගිල්ල කුලියට ගන්න කැබිනට් පත්‍රිකාව දැම්මේ රනිල් නැමැති කෙනෙක්. දැන් සල්ලි ඉල්ලන්නේ මාර්ග ඇමති.... දුමින්ද බය නැතුව ඉන්නේ ඒකයි.

:       1       108

Gamarala Thursday, 07 December 2017 09:02 AM

ගාමිණී, 2016-02-17 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක යටතේ මේ ගොඩනැගිල්ල කුලියට ගන්න නියෝග දුන්නේ අගමැතිතුමයි. දුමින්ද බය නැතුව ඉන්නේ මේ රහස නිසා තමයි.

:       0       122

susanthaThursday, 07 December 2017 04:16 PM

මහබැංකු හොරකම වගේ තමයි මේවත් - මිස්ටර් කලීන් කියලා මිනිසුන් අන්ඳලා වටේ ඉන්න උදවියට කන්න දෙන්නේ මෙහෙමයි. අමාත්‍ය පත්‍රිකා දාලා මේ බිල්ඩිම ගන්න අණ දීලයි තියෙන්නේ... ඔය නල්ලමලේ කට්ටිය. ඇත්ත එළිවෙනකොට ඇත්ත කියන මිනිස්සුන්ට මඩ ගහලා පලක් නැහැ ගාමිණී. හොර තක්කඩියට හොර තක්කඩියා කියන්න බය වෙන්න එපා. එහෙම නැතුව දුප්පත් ලංකාවේ දුක් විඳින මිනිස්සුන්ගේ බදු සල්ලි ගසා කන, ඒවා අනිවාර්යයෙන් වියදම් කරලා දාන තක්කඩි දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන්න එපා.

:       0       0

GaminiThursday, 07 December 2017 08:08 PM

මෙවැනි ඇස්තමේන්තු ඉදිරිපත් විය යුත්තේ අගමැති ප්‍රධානත්වය දරන පාර්ලිමේන්තුවේ සභානායක හරහා බව දැනදැනත් මේ පලකරන ද්වේශ සහගත අදහස් ද ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් නොවනු ඇත.

:       0       0

SunilThursday, 07 December 2017 08:54 AM

කුවේට් ඉන්න අයත් දන්නවා මේ රටේ කැබිනට්ටුවේ ලොක්කත්, මහා භාණ්ඩාගාරය තියෙන්නෙත් ඒ අගමැතිම අතේ කියලා. ඔය බිල්ඩිම හදිස්සියේ බදු අරගන්නත්, එක දවසෙන් මිලියන් ගණන් සල්ලි නිකුත් කලත් ඔය භාණ්ඩාගාරයෙන්ම කියලත් ඒ ගොල්ලෝ දන්නවා.

:       0       198

Perakum Thursday, 07 December 2017 07:45 AM

මේ ගොඩනැගිල්ල අයිති කාටද කියලා දන්න අය ඇයි කියන්නේ නැත්තේ? මේ අපේ බදු මුදල් නේද? දන්න කෙනෙක් කියන්නකෝ අපේත් දැනගැනීම පිණිස. අපේත් තිබෙනවා මේ වගේ ලොකු ගොඩනැගිලි ආණ්ඩුවට කුලියට දෙන්න.

:       0       42

SUDU BANDA Thursday, 07 December 2017 07:52 AM

අපිත් මේ දත කට මැදගෙන ඉන්නේ ඕවට උත්තර දෙන්න ඡන්දෙන්...

:       0       147

Rohitha Samarakone Thursday, 07 December 2017 07:52 AM

දුමින්ද දිසානායක "සබීතාට" මෙච්චර ලෙන්ගතු ඇයි ..? හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ ගර්ජනා කරන මෛත්‍රිපාලට මේ අපරාධය පේන්නේ නැද්ද..?

:       0       281

chandana Thursday, 07 December 2017 08:07 AM

අද පෝර මිල කීයද? සෑම ගොවිතැනක්ම විනාශ වෙලා. මේකද රටේ යහපාලනය?

:       0       53

sensa Thursday, 07 December 2017 08:41 AM

උෟරු දළයෙන් මොන ගජමුතුද? මේ අය කරන රට.. අපි තවමත් රැවටෙනවා.

:       0       88

de silva Thursday, 07 December 2017 08:54 AM

දැන් කට පියාගෙන හිටියට හෙට, අනිද්දා ලොකු මහත්මයා කොහේ හරි මගුල් ගෙදරක හෝ මළගෙදරක කතාවක් පවත්වන කොට කියාවි මේකට ගිවිසුම් ගහලා තිබෙන්නේ මහින්දගේ කාලේ... එහෙමත් නැත්නම් මේක එජාපෙ වැඩක්.. මම වහාම කොමිසමක් පත්කරනවා කියලා. කෝටි ගණන් ජනතා මුදල් නිරපරාදේ නාස්ති කරනවා.

:       0       332

Chanak los angeles Thursday, 07 December 2017 08:56 AM

මේවා රාජපක්ෂලාගේ වැඩ තමයිෙ. යහපාලන රජය මේවා නැවැත්වීමට කටයුතු කිරීම ගැන සතුටුයි.

:       341       0

Indika Gamage Thursday, 07 December 2017 09:04 AM

ලබන සැරේ ඔක්කොම ඇතුළට යන්න බලාගෙන ඉන්න.

:       0       35

Darshana Thursday, 07 December 2017 09:25 AM

මෙන්න බලාගන්න, නියම යහපාලනය.

:       0       12

mangala Thursday, 07 December 2017 09:35 AM

මේකට මහින්ද ගාවගන්න බැරි කමක් තියෙනවද? කොහොම හරි එයාව පටලවා ගමු.

:       1       91

janatha anura Thursday, 07 December 2017 09:38 AM

මේවා මහා සහ ගහන අපරාද දුප්පත් ජනයාගේ සල්ලි.

:       0       61

dumi Thursday, 07 December 2017 09:43 AM

අනේ මම නම් මේ ගැන මොකවත් දන්නේ නැහැ.

:       0       1

Mohaad Nisthar - Maligaanda. Thursday, 07 December 2017 10:09 AM

කලබල වෙන්න එපා යාලුවනේ... ඔය තිබුණු ආණ්ඩුවලටත්, එන්න හදන ආණ්ඩුවලටත්, පාඩමක් උගන්නන්න ඡන්දෙ දෙන්න යන්න එපා... ඡන්ද මධ්‍යස්තානය දිහා බලන්නවත් යන්න එපා. අම්මා, තාත්තා ඉල්ලුවත් යන්න නම් එපා.. අපිට කරන්න තියෙන්නේ ඔච්චරයි. අඩුම ගානේ ඡන්ද ගණන් කරන නිලධාරීන්ට අතිකාල ගෙවන එකවත් අඩුකලොත්, ඒ මුදල අපි ඉතුරුකරලා දුන්නා කියලා.. අපිට සතුටු වෙන්න පුළුවනි නේද? මේක හැමදෙනාටම දැනුම්දෙන්න. අපි කඩදාසියක්වත් ඉතුරුකලා නේද කියලා සතුටු වෙන්න...

:       2       307

anilThursday, 07 December 2017 04:20 PM

මෙන්න අලුත් සෙල්ලමක්. යහපාලන බොරුකරයින්ට, වැඩබැරි රූකඩයින්ට ඡන්දේදි අැපත් නැතිවන බව දන්නා නිසා දැන් ගවපාලන ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම ඡන්ද දාන්න යන්න එපා කියලා මතයක් හදන එකයි. අනිවාර්යයෙන් ඡන්දය දාන්න. හැබැයි හොර තක්කඩි, තුප්පහියන්ට නම් නෙවෙයි. උගත්කමක් ඇති, වැදගත්, වැඩක් කළහැකි මිනිස්සුන්ට.

:       0       0

Perakum Thursday, 07 December 2017 10:12 AM

රෝහිත ඇයි මේකට සබීතගේ නම ගාගත්තේ...? ගොඩනැගිල්ල අයිති සබීතා කියන එක්කෙනාටද? ඒ කියන්නේ අර සබීතා කියන නිළියද? නැත්නම් වෙන සබීතා කෙනෙක්ද? දන්න කෙනෙක් මේ ගැන පැහැදිලිකරලා දෙන්නකෝ.

:       35       1

Kumari Thursday, 07 December 2017 10:15 AM

මම බිල්ඩිම දැක්කෙත් පිට අටෝපේ විතරයි ඇතුල හිස්.

:       0       11

de silva Thursday, 07 December 2017 10:23 AM

ඕකට වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිසමක් පත්කරමු , කොමිසමේ සාමාජිකයන් නඩත්තු කරන්න පඩි නඩි වාහන ගෙවල් කුලී දීමන මාසෙකට අඩුම තරමේ ලක්ෂ 20-30 වත් වියදම් කරමු , කොමිසම අව්රුද්දක් දෙකක්විතර ක්‍රියත්මකවේවි එතකම් ඔය ගොඩනැගිල්ල පරිහරණයට නොගෙන මුරකරුවන් දමා වසා තබමු , එතකන් ඔය ගොඩනැගිල්ලේ හිමිකරුට කුලී ගෙවමු , අවරුදු දෙකකන් විතර කොමිසමේ වාර්තාව ලැබුනහම එක කුනුකුඩයට විසිකර නිකන් ඉඳිමු ,

:       0       52

appuva Thursday, 07 December 2017 10:36 AM

අනේ බොලන්ලා මිතුරු මිතුරියන් නඩත්තු කරන්නත් අපිට වෙලා නොවැ කොහාට චන්දෙ දුන්නද කියල මට මතක නැහැ බොලන්ලා.

:       0       9

Rasi Thursday, 07 December 2017 11:13 AM

මෙයාලා දැන් හැසිරෙන්නේ, කාටවත් එයාලට මුකුත් කරන්න බැහැ කියන මතයේ ඉඳලයි. ඒක නිසා නිකන් බඹරු වගේ ඉන්නේ. ඔහොම යනකොට කොයි වෙලේ හරි බඩ සුද්ද වෙලාම යයි!

:       0       61

Gas gemba Thursday, 07 December 2017 12:05 PM

ඕකේ අයිතිකාරිය නිළියක් නේ... එ්කනේ ඔච්චර වටින්නේ ඇමතිතුමාට ඔය ගොඩනැගිල්ල.... නේද? ඇමතිතුමාත් දැන් තනිකඩය නොවැ.. පෙළවහකුත් කරගත්තැහැකි..

:       0       36

athula Thursday, 07 December 2017 02:10 PM

එදා ගොඨභය මහතා ඉන්න කොටත් මෙහෙම තමයි. දෙගොල්ලොම යන්නේ එකම පාරේ...

:       348       353

susanthaThursday, 07 December 2017 04:12 PM

නිකන් යහපාලන තක්කඩිකම්, වැඩ බැරිකම් වහන්න බොරු කෙබර අදාල වැඩක් නෑ මහත්තයා. මේ වගේ දේවල් දුටුවාම විරුද්ධ වෙන්න කඩේ නොයා!

:       0       46

Nimal Thursday, 07 December 2017 02:22 PM

අනේ චානක් මලයෝ.... නොදන්න දේවල් ගැන කතා කරන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නකෝ.

:       0       175

sam Thursday, 07 December 2017 03:04 PM

අපේ රෙටේ දියුණුවට බාධා වෙන්න ප්‍රධාන ප්‍රශ්න හතරක් තිබ්බේ 1) පැවති යුද්ධය 2) වැඩ බැරි, කයිවරුකර, නීතිය නවන, නූගත්, හොරකම් කරන, ජනතාවගේ මුදල් විනාශ කරන, හරියට වැඩ කරන කෙනෙකුට ඉන්න නොදෙන, දුර දැක්මක් නැති දේශපාලකයන් (ලංකාවේ මිලියන 20ක ජනතාවට දේශපාලකයෝ කීයක් ඉන්නවද? ලන්ඩන්වල මිලියන 10කට එක නගරාධිපති කෙනයි) 3) විවෘත්ත ආර්ථිකය සහ නිකමුන් වැඩි වීම 4) මිථ්‍යා විශ්වාස දැඩිව මුල්බැහැගන්න තිබීම... මෙයින් එකක් මහින්ද මහත්තයා ඉවර කළා. මේ යහපාලන නිකමුන් රැල අවුරුදු 3 ක් මොකුත් නොකර රට කෑවා. මේ අය යවලා රටට ආදරේ ඇති වැදගත් කෙනෙකුට රට බර දෙන්න කියලයි කියන්නේ...

:       0       131

susantha Thursday, 07 December 2017 04:10 PM

රටටත් ජනතාවටත් වැඩක් නැති තක්කඩි ඇමැතියන්ගේ ගාය, සුපිරි බිල්ඩින් මේනියාව සනීප කරන්න රටේ අහිංසක මිනිස්සු දුක්විඳගෙන බදු ගෙවන්න ඕනෑ. ඒ ගෙවන බදු ඇමතිවරු, මන්ත්‍රිවරු කිසි හිරිකිතයක් නැතුව උන්දැලාගේ රථගාය පිරිමහගන්න මෙලෝ සිහියක් නැතුව වියදම් කරනවා. රටේ මෝඩ මිනිස්සු උඩ බලන් හූල්ලනවා. මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතියෝෙ, රටේ ගොවියෝ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, මොනවද කරන්නේ? ගොවියන්ගේ ඕන එපාකම් හොයල බලනවද? ගොවීන්ට අවශ්‍ය පහසුකම් සපයලා දෙනවද අඩු ගානේ? එකවත් නැහැනේ.

:       0       1

Maheshika Thursday, 07 December 2017 05:52 PM

පාර්ලිමේන්තුවේ ඉන්න රට හොරු ටිකට මේ ගොඩනැගිල්ල හැර වෙනත් එකක් ඇත්තෙම නැද්ද? භාවිතයට නොගන්න රජයේ ගොඩනැගිලි මොන තරම් තියනවද? මේ අය (රටට ආදරේ නොකරන පිරිසක්) නිලියක් දැක්කම ඔක්කොම අමතක වෙනවා. රටේ මුදල් ඔබලාගේ බූදලේ නොවෙයි. ඔක්කොම මකබෑවිලා ගියත් මීට වඩා හොඳට රට ඉදිරියට යාවි. අගමැතිලා, ජනාධිපතිලා මොකටද? හොරු රොත්තක් පාර්ලිමේන්තුවේ බඩ පිනුම් ගහනවා බලන්නද?

:       0       0

Bamunuarachchi Friday, 08 December 2017 01:57 AM

"මේ අය යවලා රටට ආදරේ ඇති වැදගත් කෙනෙකුට රට බාර දෙන්න කියලයි කියන්නේ..." ඕක හලෝ අපි නොදන්නා දෙයක් නොවෙයි කව්ද ඔය රටට ආදරේ ඇති වැදගතා? එහෙම කෙනෙක් ආවත් අපේ මිනිස්සු පුරුදු ගතානුගතික සිතුවිල්ලෙන් එහාට හිතලා ඡන්දය දේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 461 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site