අම්බලන්ගොඩ කලාප මලල ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටින බව කියන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු එම ප‍්‍රදේශයේ වෙනත් පාසලක ක‍්‍රීඩක ලැයිස්තුවට නීති විරෝධි ලෙස ඇතුළත්කර ඇතැයි කුලරත්න විදුහලේ විදුහල්පති ජී. ඩබ්ලිව්. ජගත් සේනාරත්න මහතා අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ. චෝදනා එල්ල වී ඇති පාසලේ ක‍්‍රීඩක ලැයිස්තුවට එම ප‍්‍රදේශයේම තවත් පාසලක ක‍්‍රීඩිකාවක් ද ඇතුළත්කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. කලාප ක‍්‍රීඩා උළෙලේදී කුලරත්න විදුහල නියෝජනය කිරීමට නියමිතව සිටින වයස 17 න් පහළ කෙටි දුර ධාවන ක‍්‍රීඩකයන් දෙදෙනකු සහ වයස 19 න් පහළ කෙටි දුර ධාවන ක‍්‍රීඩකයකු මෙලෙස අනවසරයෙන් කලාප තරගාවලියේදී වෙනත් පාසලක ක‍්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්කර ඇති බවට කුලරත්න විදුහල චෝදනා කරයි. මෙසේ නීති විරෝධිව ඇතුළත්කර බව කියන ක‍්‍රීඩකයන් මෙතෙක් සිය පාසලෙන් අස්වීම් සහතික ලබාගෙන නොමැති බවත් මෙම ක‍්‍රියාව සදාචාරාත්මක නොවන නීති විරෝධි ක‍්‍රියාවක් බවත් පැමිණිල්ල මගින් කු-ලරත්න විදුහල අවධාරණය කරයි. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කුලරත්න විදුහලේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා පැවසුවේ මෙම ක‍්‍රියාවෙන් චෝදනා ලබා සිටින පාසලේ දක්‍ෂ ක‍්‍රීඩකයන්ට ද අසාධාරණයක් වන බවය. ‘‘මේක කාලයක සිට කරගෙන යන වැඩක්, දැන් අපිට මේ අයටත් එක්ක ක‍්‍රීඩකයන් හදන්න වෙලා තියෙන්නේ. මේ පාසල අපේ මලල ක‍්‍රීඩකයන්ට අමතරව මීට පෙර දක්‍ෂතා ඇති ක‍්‍රිකට්, පිහිනුම් සහ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ගණනාවක් ද ඇතුළත් කරගැනීම නිසා ප‍්‍රදේශයේ වෙනත් පාසල්වල ක‍්‍රීඩාව කඩා වැටීමට ද මෙම තත්ත්වය හේතු විය හැකියි’’ යැයි විදුහල්පතිවරයා වැඩි දුරටත් පැවසීය. අදාල විදුහල ප‍්‍රදේශයේ වෙනත් පාසල්වල දක්‍ෂ ක‍්‍රීඩකයන් 30 ක් පමණ සිය පාසලට ඇතුළත්කර ගැනීමට මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුලරත්න විදුහලේ මලල ක‍්‍රීඩකයෝ වෙනත් පාසලක ලැයිස්තුවෙන් එති