IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ක්ලැරිස් ද සිල්වා දිවි රඟමඩලින් බැස ගියාය

ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති.

1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ ‘‘මාතලන්‘‘ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. එහි ගීයක් ද ගායනා කළ අතර නර්තනයක් ද ඉදිරිපත් කළේ සිංහල සිනමාවට නර්තනය මුලින්ම රැගෙන ආ නිලිය ලෙස වාර්තාවක් ද තබමිනි. 

1952 දී ‘‘උමතු විශ්වාසය‘‘, චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ක්ලැරිස් ‘‘පුදුම ලේලි , අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, මාතලන්, සොහොයුරෝ, පුරුෂ රත්නය, අල්ලපු ගෙදර, සුන්දර බිරිද‘‘ ඇතුළු 50 සහ 60 දශකයේ තිරගත වූ චිත්‍රපට 28කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිතය නිරූපනය කළාය. 

මෑත කාලයේදී ඇය ‘‘මමයි රාජ හා ධවල පවුර‘‘ චිත්‍රපටවලද රඟපෑවේ රංගනයට ඇති ආසාව නිසාය.

අනුරාධපුර හෝලි ෆැමිලි  කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ක්ලැරිය් එවකට පැවැති එස්.එස්.සී. විභාගයෙන් සමත්ව පසුව කලා ක්ෂෙත්‍රයට එකතු වූවාය. ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය. අවිවාහකව සිටි ක්ලැරිස්ගේ අවසන් කටයුතු නාවලදි සිදු කෙරුණේ  ඇගේ අන්තිම කැමැත්ත මතය.

(සමන්ත යහම්පත්)

 



අදහස් (10)

ක්ලැරිස් ද සිල්වා දිවි රඟමඩලින් බැස ගියාය

Gunendra Friday, 27 October 2023 03:09 PM

සාමයේ සැතපේවා...!

:       1       24

Bunny Preena Friday, 27 October 2023 04:36 PM

බොහෝම අපූරු නිළියක්... ඔබතුමියගේ නේත්‍රා යුගලයත් ඔබ සමගම රඟපෑවා... සමාදානයේ සැතපේවා...! 

:       1       26

Bamunuarachchi Friday, 27 October 2023 05:06 PM

මේ නිලියන් තාමත් අපේ මතකයේ රැඳී සිටිනවා. අපෙන් වෙන් වූවත් අපිට ඒ නළු නිළියන් මතකයේ ඉන්නවා. හැබැයි දැනුත් ඉන්නවලු... නළු නිළියෝ ඔවුන් මොක්කුද කියා දන්නේ නැහැ. ඔවුන් ගැන වැඩිපුරම අසන්න ලැබෙන්නේ වෙනත් වෘත්තියක සිට අසුවුණා කියලා.

:       0       24

chinthaka Friday, 27 October 2023 07:51 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!

:       1       17

Chandana Friday, 27 October 2023 09:22 PM

“ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය” මාතලන් තිරගත වුනේ 1955. එතකොට ඇයට අවුරුදු 12 ද ??

:       0       2

Samantha Friday, 27 October 2023 11:30 PM

ආදර්ශමත් නිළියක්... නිවන් සුව ලැබේවා...!

:       0       2

LGP. JATHUNARACHCHI. Saturday, 28 October 2023 06:53 AM

නිවන් සුව ලැබේවා...!

:       0       4

iks chandrasiri Saturday, 28 October 2023 01:05 PM

ඇත්ත, සදා නොමැකෙන නමක්... නිවන් සුබ ලැබේවා...!

:       0       4

තිලකරත්න Saturday, 28 October 2023 02:30 PM

"ඔබට නිවන් සුව"

:       1       3

Upul Nakandala Sunday, 29 October 2023 04:33 PM

ප්‍රසිද්ධ චරිතයක්... සමාදානයේ සැතපේවා..! 

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 142 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 143 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 246 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 426 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 1832 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 870 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39735 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25836 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 51 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site