(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සොරකමේ යෙදුණු ,මත් කුඩු ජාවාරමේ සහ බරපතල පුද්ගල පහරදීම් ඇතුලු දරුණු අපරාධ රැසකටම සම්බන්ධ යැයි කියන හිටපු යුද හමුදා සෙබලෙක් ,තරුණියක් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
ගිනි අවියක්,කඩුවක් ,කිනිස්සක්,සහ මත් කුඩු ,සොරකම් කරල ලද රන් භාණ්ඩ , යතුරු පැදියක්ද ඔවුන් සමඟ පොලිස්බාරයට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ සැකකරුවන් පස් දෙනා අතරින් හිටපු යුද හමුදා සෙබලා ඇල්පිටිය ප්‍රදේශයේ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු වන බවත් යුද හමුදාවේ රාජකාරී කළ සමයේ සිදුවූ මේ ඝාතනයත් සමග වැඩ තහනම් කොට ඇති බවත් පොලීසිය කියයි.
සැකකරු තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් එමින් සිටියදී ඇල්පිටිය වල්අඹගල පදේශයේදී ඔහු ගමන් ගත් යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී යතුරු පැදියේ තිබී ගිනි අවියක්,කිනිස්සක් සහ ඔවුන් දෙදෙනාම ළග තිබී මත් කුඩු සමග සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොල්ලකෑම්වලට සම්බන්ධ තරුණියක් ඇතුළු 5ක් මාට්ටු
චන්ද්‍රසිරි ගුණසේකර. Sunday, 26 January 2025 11:58 AM
මේ සිද්ධිය සිකුරාදා වෙච්චි එකක්... මම එවලා ඇති ඊයේ රෑ අත්අඩංගුවට ගත්තු එකක්.