IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කෙල්ලගෙන් ගුටි කෑ කොල්ලගේ කන් ඇහෙන්නේ නැතිලු

වාරියපොළ නගරයේ දී තිලිණි අමල්කා (22)ගෙන් කම්මුල් පහර කෑ එක්දරු පියකු වන පොල් කඩන්නකු (32) වාරියපොළ රෝහලෙන් කුරුණෑගල රෝහලට මාරු කරනු ලැබීය.

අමල්කාගේ කම්මුල් පහර කිහිපයක් කෑ ඔහුගේ කන් නෑසෙන බව රෝහලට කියා ඇත.

මේ අතර හෝමාගම පෞද්ගලික සමාගමක සේවය කරන අමල්කා වෛද්‍යවරයකුට යොමු කැර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාරියපොළ පොලිසිය පවසයි.



අදහස් (0)

කෙල්ලගෙන් ගුටි කෑ කොල්ලගේ කන් ඇහෙන්නේ නැතිලු

කමල් Wednesday, 27 August 2014 10:44 AM

පොල් කඩන්නා යන්න සංශෝධනය කර අළුත් නමක් දැම්මානේද? (අ)

:       0       0

අපොන්සු Wednesday, 27 August 2014 10:46 AM

කන් නෑසෙන කියන්නේ බිහිරි නම් මේ ලෝක පුදුම ගොළු නොවූ බිහිරෙක් විය යුතුයි. මෙතෙන වෙන යමක් තියෙන බව අමුතුවෙන් කියන්න ඕනද? (අ)

:       0       1

අපොන්සු Wednesday, 27 August 2014 10:46 AM

පුබුදු, බැදපු මිනිහ අමාරුවේ තමයි කාන්තාවකට වැදගත් විධියට සලකන්න දන්නේ නැතිනම්, එහෙම මිනිහ මිනිහෙක්ද තිරිසනෙක්ද? (අ)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 27 August 2014 10:48 AM

ගුටි කාල දවස් ගණනක ගියාට පස්සෙද මෙයාගේ කන් ඇහෙන්නේ නැත්තේ? අල්ලපු නීති වේදියා කියන්නට ඇති එහෙම කරන්නට. කොහොම උනත් මග තොට යන ගැහැනුන්ට අනවශ්‍ය දේවල් කියන ලංකාවේ රස්තියාදු කාරයන්ට මෙම කෙල්ල කරපු දෙය නියම පාඩමක් (නදී)

:       0       0

දම්මික Wednesday, 27 August 2014 10:49 AM

මේ මිනිහ අහිංසකයා අපරාදේ ගුටි කෑවේ ආපස්සට පාර දෙකක් නොදීපු එක මෝඩ කමක් ඒකයි මට කණගාටු (නදී)

:       0       0

සත්‍යයා Thursday, 28 August 2014 12:01 AM

මෙතනට අදහස් ලියන සමහර අය "යන්නේ කොහෙද-මල්ලේ පොල්" තාලෙන් ප්‍රශ්නයට උත්තර දීලා තියෙන්නේ. මීට වඩා මානුෂිකව හා සංවේදීව මේ ප්‍රශ්නය දිහා බලන්න බැරිවනසේ ලාංකික ජනතාව අකර්මන්‍ය කර තිබෙන්නේත් මේ සමාජ විෂමතාවය නිසා බව අප අමතක නොකළ යුතුයි. දෙදෙනාම අඩු හෝ වැඩියෙන් මේ දුර්දාන්ත සමාජය විසින්ම අසරණ කරනු ලැබූ දෙදෙනෙක්. (නි)

:       0       0

සාලි Wednesday, 27 August 2014 10:49 AM

අමල්කා වෛද්‍යවරයකුට යොමු කැර ? අනේ දෙයියනේ මේ මොකද. (නදී)

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 27 August 2014 10:56 AM

පුෂ්පේ ලංකාවේ කොල්ලොන්ට ඕන දෙයක් කියන්ඩ නීතියානුකූලව අයිතියක් තියනවා, එක සමාජයට හරිද වැරදිද කියන්ඩ ඔිනේ විනිසුරුවෙක් මිස ගැහැනියක් නොවේ . කොල්ල කෙල්ලව අැල්ලුවනම් අාත්ම ආරක්ෂාවට පහරක් දීල මෙල්ල කරන්ඩ පුලුවන්, හැබැයි විනාඩි 30ක් කනට පහාර දෙන්ඩ බෑ.(අ)

:       0       0

සුභාශි Thursday, 28 August 2014 12:46 AM

දර්ශන කියන්නේ පාරේ තොටේ යන රස්තියාදුකාරයින්ගේ නොහොබිනා කතා ඉවසන එක ගැහැණුන්ගේ යුතුකමක් වගකීමක් කියලද? දරු පවුලකුත් ඉන්දැද්දී පාරේ යන බවලතෙකුට කියපු නොහොබිනා කතා අහගෙන මේ ගෑනු ළමයාගේ සැමියා නැත්නම් පෙම්වතා ළඟ හිටියා නම් ඔය පැලිච්ච කන කොහොමටත් පේන්නවත් ඉතිරිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මන් වීරසිරි Wednesday, 03 September 2014 01:54 AM

පාර අයිනේ අහිංසකයෙක් කියූ වචනයකට කෙල්ලෙක් මේ වගේ පහර දෙනවා නම් තනි පංගලමේ ගැහැණු පාසලක් ළඟින් යනකොට පිරිමි අපිට කෙල්ලෝ කියන දේවල් වලට මෙකක්ද අපි කරන්න ඕනෑ? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 28 August 2014 12:50 AM

අවන්ති,ගැහැණුන්ට ගහලා පව් පුරවාගන්න කැමති කව්ද? (නි)

:       0       0

කුෂාන් චාමර Thursday, 28 August 2014 12:49 AM

කන් දෙක නෙමෙයි, ඇස් දෙකයි නොපෙනෙනවා ඇත්තෙ මෙයාගේ (නි)

:       0       0

කුමාර් Wednesday, 27 August 2014 11:04 AM

මිනිස්සුන්ගේ ජඩ ගති, නීතියට හා පොලීසියට හදන්න බැරිනම්, මේවගේ හිත හා ගත හයිය සහෝදරියන්ගෙන් ගුටිකාලවත් මට්ටු වෙන එක ලොකු දෙයක්. (අ)

:       0       0

ජනක Thursday, 28 August 2014 12:51 AM

තමන් පිරිමියෙක් ලෙස උත්පත්තිය ලැබුවා නම් මොනවාටද මේ ගැහැණුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන කතාකරන්න යන්නේ? තමන්ට නෝනා කෙනෙක් ගෙදර ඉන්නවානේ. (නි)

:       0       0

නුවන් Wednesday, 27 August 2014 11:04 AM

අනවශ්‍ය විහිළුව නිසා දෙන්නගෙම ඇස් රතු වුණා.අනවශ්‍ය ආකාරයට විහිළු කිරීම වරදක් වගේම එයට නීතිය අතට ගෙන දඩුවම් කිරීමට යාමත් වරදකි! විහිළුව කරපු වෙලේ ළමා හා කාන්තා කාර්යංශයට කිව්වා නම් වැඩේ ඉවර කරන්න තිබුණා! (අ)

:       0       0

ප්‍රියන්ත රූපසිංහ Wednesday, 27 August 2014 11:07 AM

වීඩියෝව අනුව බැලීමේදී: ගැහැනියකට මෙහි හිනසනයක් වී ඇතිනම් ඔහු ද කිසියම් විදියකට දඩුවමක් විදිය යුතුයි. මෙතන මොකක් නමුත් සිදුවීමක් ඇති වෙලා තියනවා. නැතිනම් ඒ පිරිමි ළමයා ගුටි කනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ නේ. ඒ වෙලාවේ ලැජ්ජාවට ගුටිකමින් හෙමින් මාරුවෙලා යන්නත් තිබුණා. එහෙම කරලත් නැහැ. ගුටි කමින් ඉන්නවා. ගැහැනියකුගෙන් ගුටි කෑම මිනිහට හරි සැප වගේ. එහෙම නැති නම් එයා තක්බිර්ර් වෙලා කර කියා ගැනීමට දෙයක් සිතට එන්නේ නැතිව අකර්මන්‍ය වෙලා වගේ. ඒ මොක වුණත් වැරද්දක් කරලා හෝ නොකර එම ගැහැණු ළමයට ගහන්නේ නැතිව සිටපු එක ගැන නම් පුදුම වියුතුයි. හැබැයි අපහස කරලා නම් හරි යට සමාජශීලීව හැදුනු ගැහැනියක් නම් කලුතුව තිබුනේ මෙහෙම නොවෙයි කියා කාහටත් පැහැදිලියි. එහෙම නොවුණු නිසා එම තැනැත්තියගේ සමාජ තත්වයත් ලබා ඇති අධ්‍යාපනයත් පැහැදිලිව ප්‍රකට වෙනවා. (අ)

:       0       0

යසිරු Thursday, 28 August 2014 01:06 AM

මේක සමහරුන්ට හිතෙන්නේ ආ ඕක ගණන් ගන්න දෙයක්ද, විහිළුවක්වත් ඉවසන්න බැරිද කියලා. ඒ වුණාට කාන්තාවකට වාචික වශයෙන් ලිංගික බලපෑමක්, නොහොබිනා ආරාධනාවක් කළත් ඒක නීතියට අනුව වරදක්. මම දන්නා නීතිඥ වරියකට රථ ගාලකදී නොහොබිනා කතා සමඟ ආරාධනයක් කළ කෙනෙකුට නීතිමය දඬුවම් ලැබුනා. ඒ නිසා ඔය පාරේදී බවලතුන්ට අනමමනම් කීම නම් ඇඟට ගුණ නැහැ. ඉස්සර කාන්තාවන් ලැජ්ජාවට ඉවසාගෙන ගියත් අද එහෙම නැහැ. (නි)

:       0       0

තිළිණි Thursday, 28 August 2014 01:08 AM

මෙයා ගෙදර ඉන්න නෝනා ගැනවත් හිතලාද පාරේ යන ගැහැණු එක්ක පැටලෙන්න ගියේ. මෙයා මේක පුරුද්දකට කරනවාද දන්නෙ නැහැ. අන්තිමට කෙහෙල් ගහේ හොට පැටලුනා. (නි)

:       0       0

නිෂේන්ද්‍ර Wednesday, 27 August 2014 11:10 AM

මේ මනුස්සයා වැරද්දක් කළා නම් ගැණු ළමයට තිබුනේ පොලිසියේ කාන්තා කාර්යංශයට පැමිණිලි කරන්න. ගැණු ළමයා නිතිය අතට අරගෙන. අන්තිමේදී අර මනුස්සයට කසාදෙත් නැ. දරුවත් නැ , පාරේ බැහැල යන්නත් නැ. මුල් වැරැද්ද පිරිමියා කලා කියා හිතුවොත් , දැන් අවසාන වැරදිකරු ගැණු ළමයා.(අ)

:       0       0

සමන් Wednesday, 27 August 2014 11:13 AM

පොඩි ළමයි දුෂණය කරපු සභාපතිලා , විදේශික කාන්තාවෝ දුෂණය කරන මිනීමරු සභාපතිලා ගැන සද්ද නැත්තේ මොකද?. උන්ට බලය, ධනය තියන නිසානේ. මේ මිනිහත් සල්ලි බාගේ තියන දේශපාලකයෙක් උනානම් ඔය ගැණු ගහන්නෙත් නැහැ, ගැහුවත් සද්ද දාන්නෙත් නැහැ නේද. අනික මේ මිනිහ වචනයක් කිව්වට මේකිව දූෂණය කලේ නැහැනේ. ඔය වගේ අය හොඳයි ගෑනුන්ගේ එන් ජී ඕ වල බෝඩ් උස්සන් ඉන්න දාන්න. (ස)

:       0       0

ජනක Wednesday, 27 August 2014 11:13 AM

අපොන්සු අදහස් දාන්නෙ ජීවිතෙ කවදාවත් ගෑනු ළමයෙක්ට විහිලු කරල නෑ වගේ. (ස)

:       0       0

ජෙහාන් Thursday, 28 August 2014 01:59 AM

ඒකෙන් මේකෙන් අන්තිමට වාරියපොළ පැත්තේ බවලතුන්ට කසාදයක් කරගැනීම නම් ටිකක් දුෂ්කර වේවි. තරුණිය වාරියපොළින් කියූ ගමන් මනමාලයන් කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගනීවි. (නි)

:       0       0

දුෂ්‍යන්ත Wednesday, 27 August 2014 11:28 AM

ඉබාගාතේ යන කොල්ලෙක් නිසා හොඳයි. හරිහමන් පෞර්ෂයක් තිබුණ එකෙක් නම් ඔහොම ඉන්නෙ නැහැ. (අ)

:       0       0

සිසිර Thursday, 28 August 2014 02:02 AM

ඒ ගැහැණු ළමයාගේ මුහුණෙන් මට නම් පෙනෙන්නේ නපුරුකමක් විතරයි (නි)

:       0       0

වරුණ Thursday, 28 August 2014 02:20 AM

කොල්ලා කළ දේ හරි කියන්න බැහැ (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 27 August 2014 11:51 AM

ලංකා පුත්‍ර මහතා මම දන්නා විදියට ලංකාවේ කොල්ලන්ට ඕන දෙයක් ඕනෙම තැනක කියනට නිතයනුකුල අයිතියක් තිබෙන්නේ මොන නීති පොතේද , ,? ඒවා තිබෙනවා දේශපාලකයන්ට වේදිකාවේ කියන්නට ? ඒ හැර මහමග ඕනෙම දෙයක් කියන්නට ගියොත් කන විතරක් නෙමේ . වෙනත් තැනක් වුනත් කඩා ගෙන යන්නට වෙන්නේ. (ස)

:       0       0

කරුණා Wednesday, 27 August 2014 11:53 AM

කොල්ල හොදට ඇඳල අාව නම් ප්‍රතිපලය මේක නෙවෙයි , අපි නොදන්නා නංගිලා. (ස)

:       0       0

අපොන්සු Thursday, 28 August 2014 02:32 AM

මේ මිනිහ මෙතනින් යන එන කනතාවන්ට වචනයෙන් ලිංගික අතවර කිරීම පුරුද්දක් කරගෙන ඇති බවට සැකයක් නැහැ. වැරැද්ද උනේ මේ සැරේ කෙටුවේ කෙසෙල් ගහටයි. කෙල්ලගෙන් කනේ පාර කන කොට විලම්බීත වෙන්න ඇති. එ්කයි ගල් ගැහිලා හිටියේ, නැතුව ඉවසීමේ ගුණය ඇති නිසා නොවෙයි. ඉවසීමේ ගුණය මේ වගේ රස්තියාදු කාරයින්ට පිහිටන ගුණයක් නොවෙයි. මේක ගැන පොලිසිය පස්සෙන් පන්නනේ ප්‍රසිද්ධිය ලබාගන්නයි. (නදී)

:       0       0

අපොන්සු Wednesday, 27 August 2014 11:57 AM

"සමාජශීලීව හැදුනු " කියල. අපිට බන කියන බමුණෝ අදහස් කරන්නේ පිරිමින්ගෙන් ඕනෑම අපහාසයක්, හිරිහැරයක් විඳගෙන කුස්සිය මුල්ලට වෙලා ඉදීමයි මේ ගැණු දරුවා පස්සේ පොලීසය පන්නන්නේ ඇයි අමුතුවෙන් අටුවා ටිකා නැති වුනාට කටත් පැහැදිලියි.(අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 27 August 2014 12:04 PM

දෙදෙනාගේම නොහික්මුණ කම.මේ නංගිත් ඕනාවට වඩා එයාගේ හයි හක්තිය පෙන්නුව එක වැරදියි.(අ)

:       0       0

රුක්ෂි Thursday, 28 August 2014 02:41 AM

මම කියන්නේ පුද්ගලික අත්දැකීමක්. අපේ කාර්යාලයේ ඇතැම් මේස එකට යාකොට තමයි සේවක මණ්ඩලය අසුන් ගන්වා තිබෙන්නේ. මගේ අල්ලපු මේසයේ සිටි පුද්ගලයා අහල පහල කවුරුවත් නැතිවිට මට ඇසෙන්නට ඉතා අසභ්‍ය දේවල් කියවනවා. මම හරිම අසරණ වුනා. කාර්යාලයේ හැමෝම එක්ක හොදින් වැඩකර ගෙන හිටි කෙනෙක් මම. මේ ගැන ප්‍රධානියාට පැමිණිලි කරන්න කියලා හිතවත් මිතුරියක් කිව්වත් සාක්කි නැති නිසා මම තවත් අසරණ වුනා. අර පුද්ගලයා හැමෝගෙම හොඳ පොතේ ඉඳගෙන මේ වැඩේ කාටවත් නොදැනෙන්න කරනවා. කාර්යාලය පිරිසිදු කරන්න ආපු තරුණියත් මොහු අහල පහල ඉන්නවා නම් ඔහු මේසෙන් ඉවත්ව යනකන් ඉන්නවා එතන පිරිසිදු කරන්න. ඒකෙන් මම දැන ගත්ත මේ වැඩේ ඔහු තවත් කාන්තාවන්ට කරන බව. අන්තිමේ මගේ මිතුරියගේ සහෝදරයා හොඳ උපායක් කියලා එව්වා. මම ඔහුට නොදැනෙන්න ජංගම දුරකතනයෙන් ඔහු කියන දේවල් පටිගත් කළා. සාක්කි සහිතව මම ප්‍රධානියාට පැමිණිලි කලාම මීට කලිනුත් එවැනි පැමිණිලි ලැබී ඇති බව දැන ගත්තා. අන්තිමට ඔහුව දුර පළාතකට මාරු කළා. මම මේ ලිව්වේ මෙවැනි තත්ත්වයකට වැටුනාම කාන්තාවකට වෙන මානසික ආපදාව මම අත් දැකීමෙන් දන්නා නිසා. නමුත් පුවතේ සඳහන් මේ සිද්ධිය ගැන මම හරිහැටි කරුණ නොදැන විවේචනය කරන්න යන්නේ නැහැ. (අ)

:       0       0

සුජීවා Thursday, 28 August 2014 02:51 AM

ගැහැනුලමයෙක් පාරේ යනවිට සංවර ලෙස ඇදුම් ඇදගෙන යන්න ඕන නොහොබිනා විදියට ගියාම තමා මේවගේ ගැටලු (අ)

:       0       0

ජේ.ජී.එම්. ඩයස් Wednesday, 27 August 2014 12:22 PM

එක්දරු පියෙක් කෙල්ලකුට විහිලු කරලා ගුටිකාලා. අනෙක් අනංග තාත්තලත් මාධ්‍යයේ පළ නොවුනට කාලා ඈති. ගෑනු දරුවෙකුට තනිව මහපාරේ බැහැලා යන්න නිදහස තිබිය යුතුයි.ඒ දරුවට මල් මිටක් මුලු මහත් ගෑනු දරුවන් වෙනුවෙන් කල යුතුකමක් .ඒ ළමයව මග රැකලා කරදරයක් කලා නම් අද කවුරුත් වැරදි කෝනයකින් ඒදරුවා දිහා බලන්නේ නෑ නේද?දුවේ ඔයා හරි ...මීට පස්සේ අතින් ගහන්න එපා.. කේස් එක දරුණ්යිනේ..ඒක නිසා සෙරප්පුව පාවිච්චි කරන්න පුරුදු වෙන්න්. (අ)

:       0       0

අභය Wednesday, 27 August 2014 12:28 PM

හැබැයි මම වුණත් එක පාරක් ඉවසනවා අර ගහපු ගැහිල්ල මට හෙම වුණා නම් ආය දෙකක් නැහැ මමත් දෙනවා කෙල්ලෙක් කියල බලන්නේ නැහැ දත් නැතුව බත් කන්න අනික මෙතන හොදම චරිතය තමයි වීඩියෝ කරලා අන්තර් ජලයට දාපු කෙනා නියම පොරක් නේ (අ)

:       0       0

සෙන්සාන් Thursday, 28 August 2014 03:16 AM

ගැහැණු ළමයා වැරදියි තමයි. ඒත් දවසින් දවස ප්‍රශ්නය අවුල් කරන්න නොයෙක් උපදෙස් ලබාදෙන අය නිසා වෙනස්ම ආකාරයේ ප්‍රශ්ණයක් නිර්මාණය වේගෙන යන බව පෙනෙනවා.පෞද්ගලිකව මේ ගෑණු ළමයා වැරදි වුණත් කාන්තාවන්ට විවිධ කාමතුරයින්ගෙන් වන අපරාධ වලට මෙය රුකුලක් විය යුතු නැහැ. (නි)

:       0       0

දයා Wednesday, 27 August 2014 12:34 PM

කොහොම වුණත් හරි කොල්ලෙකුට මේ දේ වුණානම් බලන්න තිබුණ (අ)

:       0       0

චාමික Wednesday, 27 August 2014 12:38 PM

මේවගේ පල් හැලි වලට වලට ඕනේ තරම් පාඨක ප්‍රතිචාර තිබීමත් රටේ වැදගත් ප්‍රවෘත්ති වලට පරතිචාර නොමැතිවීමත් පුදුමයි. (අ)

:       0       0

දර්ශන Wednesday, 27 August 2014 12:41 PM

මේ කොල්ල හා කෙල්ලා පින්තුර හා වීඩියෝ එකට අනුව නම්, කොල්ලා මොන රස්සාව කරත් ඉතා ඉවසීමෙන් ඉන්නවා. වෙන කෙනෙක්ට මේ විදියට නෙමේ එකක් හරි ගෙහුවොත් කෙල්ලගේ පතුරක් ඉතුරු වේන්නේ නෑ. කෙල්ලට අකටයුත්තක් වුණා නම් තිබ්බේ නීතියේ පිහිට පතන්න. කොල්ලට සිදුවුන අසදරණයට ලොකු වන්දියක් කටු නැට්ටිච්චිට ගෙවන්න වේවා කියල දෙයන්ගෙන් මා යදිමි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 28 August 2014 03:52 AM

කෙල්ල එක කම්මුල් පාරක් රිදෙන්න ගැහුවනම් කෙල්ල හරි.නමුත් වරද තියෙන්නේ එතනින් නතර නොවී මේක මාධ්‍ය සංදර්ශනයක් කර ගැනීම.කොහොම වුණත් මේක දුර දිග නොයැවීම පොලිසියේ වගකීමක්..මේ සිදුවීම දුරදිග යවන්න කට්ටියක් උත්සහ දරන බව පේනවා..මම හිතන්නේ දෙන්නම පාඩම් ඉගෙන ගන්න ඇති මේකෙන් හොදටම..ඒ ඇති ..තව මොවුන්ට වද දෙන්න අවශ්‍ය නැහැ..මාත් ආයෙ එසැන පුවත් බවලතියන්ට විහිලුනම් කරන්නේ නැහැ. (අ)

:       0       0

අසෝකා Wednesday, 27 August 2014 12:48 PM

බැදලා දරුවෙකුත් ඉන්න පිරිමියෙක්ද මේ කෙල්ලන්ට විහිළු කරන්න ගිහින් ගුටි කෑවේ? එහෙමනම් ඉතින් ඒ මිනිහ ගැන මොනවා කතා කරන්නද? නැගී ඔයාගේ දඩුවම ලිහිල් වැඩියි කියලයි මට හිතෙන්නේ! (අ)

:       0       0

අසෝකා Wednesday, 27 August 2014 12:55 PM

ලංකාපුත්‍ර මහතා පාර්ලිමේන්තුවේ අලුත් යෝජනාවක් ගැනද කිව්වේ? එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ නිතිය ගැනද? (අ)

:       0       0

චින්තක Wednesday, 27 August 2014 01:21 PM

සතෙක් වගේ ඇයි මිනිහෙක් එක්ක පැටලෙන්න ගියේ ? (නදී)

:       0       0

චින්තක Wednesday, 27 August 2014 01:25 PM

පුෂ්පසිරි ,ඉංග්‍රීසි හෝඩියේ පළමු වචනේ වෙනුවට අන්තිම වචනේ කියන්න ගිහිල්ල නා ගත්තා (නදී)

:       0       0

නිමල් Friday, 29 August 2014 07:25 AM

කොහොමද කෑම? නියමයි සර්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 August 2014 04:36 AM

සමන්. ඔබගේ අදහසට මමත් 100% එකඟයි . (අ)

:       0       0

සුගුනවති Wednesday, 27 August 2014 01:29 PM

මේකේ සමහර අය ලියන ඒවා දැක්කම මේවගේ මෝඩයොද ලංකාවේ ඉන්නේ කියල හිතෙනවා (නදී)

:       0       0

හර්ෂණ Wednesday, 27 August 2014 01:32 PM

අපරාදේ, එක දවසක් මමත් ඒ කෙල්ලට විහිලු කරා මට ගහන්න ආවේ නැහැනේ. (නදී)

:       0       0

කමනී Wednesday, 27 August 2014 01:36 PM

ලංකා පුත්‍ර හිතන්නේ බවලතුන්ට අනවශ්‍ය විහිලු තහළු කරන්න ලංකාවේ පිරිමින්ට බලපත්‍ර තියනවා කියලාද ? හෙට එහෙනම් කවුරු හරි ඔබේ ගෙදරටම ඇවිත් ගෙදර සහෝදරීට අම්මට දුවට නැතිනම් නෝනාට ඔය අයිතිය ප්‍රකාශ කරලා යාවි. (නදී)

:       0       0

මොරිස් Wednesday, 27 August 2014 01:49 PM

මේ ගැහැණු ළමය මෙම තැනැත්තා ගැන හරියටම දැන ගෙන තමයි මෙහෙම පහරදුන්නේ [ඔහු නොන්ජල් පෙනුමකින් යුතු නිසා සමහරවිට ඔහු එතරම් ලොකු දෙයක් නොකියන්නත් ඇති ] සාමාන්යෙන් ආරක්ෂක අංශයක පෙනුමක් තිබෙන මිට වැඩිය ටිකක් හොඳට ඇඳගෙන හිටපු කෙනෙකුට නම් තත්වය මෙසේ නොවන්න තිබුනා. (නදී) නිවටයෙකුට එළුවාත් නිකට පනවාලු. මට නම් දෙන්නම ගැන කණගාටුයි.

:       0       0

නුවන් Wednesday, 27 August 2014 02:03 PM

තිළිණි අමල්කා ළඟදිම ඡන්දෙ ඉල්ලනව මෙහෙම ගියොත් බලන්නකෝ. කාන්තා ඡන්ද ලොකු ගාණක් ගන්න පුළුවන්. ලංකාවෙ අය ඡන්දෙ දෙද්දි හිතන්නෙ පොඩි දේවල් ටිකක් විතරයි. (නදී)

:       0       0

රූපාස් පෙරේරා Wednesday, 27 August 2014 02:03 PM

අපේ රටේ දරුවෝ දැන් බන දහම් ඇසුරින් ජීවත් වෙන්නේ නැහැ (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 27 August 2014 02:04 PM

හරි හමන් එකෙකුට ඔය වගේ සද්දේ දැම්මා නම් බලන්න තිබුනා වෙන දේ (නදී)

:       0       0

රූෆාස් පෙරේරා Wednesday, 27 August 2014 02:18 PM

කොල්ලගේ පැත්තට පමණක් අනුකම්පා දැක්වීම හොද දෙයක් කියල සිතන්න එපා. (නදී)

:       0       0

ජානු Wednesday, 27 August 2014 02:23 PM

ලංකාපුත්‍ර අලුත් නීතියක් ගැනද කියවන්නේ. නැත්නම් අලුත් යෝජනාවක් ගැනද.(නදී)

:       0       0

සමන් පැරිස් Wednesday, 27 August 2014 02:28 PM

කාගේ හරි හයියක් අරගෙන මේ පාට් එක දාල තියෙන්නේ. වෙන තැනක උන දේකට මෙතැනදී ගහන්නේ. කියනවනේ බස් එකට නගිනකම් බලාහිටිය කියලත්. එහෙම තදබල අපහාසයක් කලා එතනදීම ගහන්න එපායැ. (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර Wednesday, 27 August 2014 03:06 PM

නම ලංකා පුත්‍ර උනාට එයාගේ ප්‍රතිචාරය නම් වානර පුත්‍රයකුගේ වැනිය. . එයා සිතන්නේ පාරේ තොටේ යන ගැහැනු ළමයින් ඉන්නේ දඩාවතේ යන කොල්ලන්ට විනෝද වීමට කියා. තමාගේ නංගිට තමාගේ බිරියට තමාගේ අම්මට මෙහෙම දෙයක් උනා නම් කියලා සිතන්න (නදී)

:       0       0

රුවන්ති Wednesday, 27 August 2014 04:06 PM

ගැහැණුද පිරිමිද කියන කාරනයට වඩා මනුස්සයෙක් මෙහෙමත් තවත් කෙනෙකුට ගහනවද? (නි)

:       0       0

අනූ Thursday, 28 August 2014 06:39 AM

කොල්ලෝ කෙල්ලන්ට වහිලු කරන්නේ නැතිව අච්චිලට වහිලු කරන්න ද, ලංකාවේ හැම කොල්ලෙක්ම ගුටිකන්න ඕනි හැමෝම විහිළු කරනවනේ (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 August 2014 04:13 PM

මෙම පහරදීමට නියම හේතුව කුමක්ද? (නි)

:       0       0

පාලිත Wednesday, 27 August 2014 04:25 PM

කාන්තාවන්ට විහිළු කරන්න යද්දී ප්‍රවේශම් වන්න (නි)

:       0       0

ඩයස් Tuesday, 02 September 2014 05:14 PM

මේ දේවල් සාමාන්‍ය දේවල්. අපි ලෞකික සමාජයක ජිවත්වෙන විට සමාජය යන විදියට යනවා මිස එක සැරේට ඒවා වෙනස් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙන්න පුළුවන්... (නි)

:       0       0

රසික Thursday, 28 August 2014 07:40 AM

දෙමව්පියන්ගේ වැරදි (අ)

:       0       0

මිනිපෙ Wednesday, 27 August 2014 04:48 PM

බස් පොලේ පැය ගණන් ගැවසෙන කොල්ලෝ හරි වාචාලයෝ. (නදී)

:       0       0

කරුපෙරුම Wednesday, 27 August 2014 09:23 AM

මේ ගැන කට්ටියගේ අදහස් කොහොමද? (නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Wednesday, 27 August 2014 04:52 PM

දෙනෝ දාහක් ඉදිරිපිට කෙල්ලකුට සෙල්ලම් දමලා අනවශ්‍ය කතා කියල පිරිමියෙකු කෙල්ලෙකුගෙන් ගුටි කෙවා කියන්නේ , ඔහු නපුංසකයෙකු බවට පත් වීමයි. එසේ නොවන්නට සදාචාරාත්මක ජිවිතයක් ගෙවිය යුතුය. මෙවෙනි දේවල් අනෙක් පිරිමින්ටත් පාඩමක් විය යුතුයි (නදී)

:       0       0

බර්නාඩ් Wednesday, 27 August 2014 09:29 AM

අමල්ක පොඩිකාලේ සිට දැකල ඇත්තේ අම්ම තාත්තට ඔය විදියට ගහනවා පොඩි කලේ දෙමව්පියන්ගෙන් ලබන දේ (අ)

:       0       0

උත්තරා Wednesday, 27 August 2014 09:37 AM

මෙහි වැරදි දෙකක් සිදුවී ඇත දෙදෙනාගෙන්. ඒවා වෙන වෙනම ගෙන දඬුවම් කල යුතුයි. එකක් නිසා අනික අමතක නොකළ යුතුයි.(අ)

:       0       0

ජොහාන් Wednesday, 27 August 2014 09:39 AM

මේ චන්ඩි නංගිට ලොකු වටයක් යන්න වෙන හැඩය. (අ)

:       0       0

ජගත් Wednesday, 27 August 2014 06:10 PM

මට මේ වෙලාවේ මතක් වෙන්නේ නයි නළඟන. (නි)

:       0       0

ගයාන් Friday, 29 August 2014 12:58 AM

පවු අනේ මේ කෙල්ල... (නි)

:       0       0

අවන්ති Wednesday, 27 August 2014 09:41 AM

සෙල්වට තිබුණේ තිලිනිටත් කන පුරෝලා එකම එකක් දෙන්න (අ)

:       0       0

ඇසළ Wednesday, 27 August 2014 09:49 AM

මේක තමයි මේ අවුරුද්දේ හොදම විහිලුව. (අ)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 27 August 2014 09:51 AM

අැයව වෛද්‍යවරයකුට පෙන්වීම ඉතාම් හොද දෙයක්. සාමාන්‍ය සිහියක් බුද්ධියක් ඇති කෙනෙක් නොකරන අමානූෂික පහරදීමක් සිදූ වුණේ (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 02 September 2014 09:45 PM

ස්ත්‍රීන් ඉදිරියේ ඔවැනි දේවල් කරන්නේ මානසික රෝගයක් නිසා. මොවුන් සමාජයේ අනුකම්පාවට ලක් වියයුතු අය නිසා පිළියම විය යුත්තේ ඔවුන් වෛද්‍යවරුන්ට යොමු කරවීමයි (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 10:02 AM

ගුට් කාලා කන් අඩි පිපුරුවාද ? කන් ඇහෙන්නේ නැති නිසා ගුටි කෑවාද ?යන්නයි ප්‍රශ්නය ! (අ)

:       0       0

දර්ශනි නිමාලි බණ්ඩාර Wednesday, 27 August 2014 10:00 AM

පීනන්න පෙර සිතා බලන්න (අ)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 27 August 2014 09:24 PM

පාරේ යන ගැහැණු ළමයින්ට නොහොබිනා විහිලු කළාම කන පලාගන්න වෙන බව දැන්වත් දැනගත්තා නම් හොඳයි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 02 September 2014 09:54 PM

අමල්කා මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 02 September 2014 10:11 PM

ඇඳුම පුරාම වා කවුළු තියලා සිරුර ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් තරුණයෙකුගෙන් කියවෙන වචනයක් ඉවසන්නත් පුලුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

ලංකා Wednesday, 27 August 2014 10:48 PM

මේ ගැහැණු ළමයාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. බලාගෙන ඉන්න අය ඇය උසිගැන්වුව නිසා ගැහැණු ළමයා විසින් මෙම පහරදීම දිගටම කළ බව තමයි පෙනෙන්නේ (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 27 August 2014 10:29 AM

මේ ගෑනු ළමයට හැමෝම වැරදී කිව්වට , අද කාලයේ ගැහැනු ළමයකුට තියා ළමයින් සිටිනා අම්මලාටවත් , වැදගත් විදියට පාරේ යන්න බැහැ , බස් පොළවල් සහ ජනයා ගෙවසෙන ස්ථාන වල සමහර පිරිමි නිසා , කුමක් හෝ කියා අපහාසයක් අවලාදයක් කීමත් , වාචික ලිංගික අතවර කිරීමත් බොහෝ වෙනවා , එනිසා මෙම වාරියපොළ ගැහැනු ළමයා කරපු දෙයම අනික් ගැහැනු ළමයන් සහ කාන්තවන් මෙසේ පිරිමින්ට කිරීමෙන් අනාගතයේ ඔවුන්ගේ ගති ගුණ වෙනස් වේය මගේ හැඟිමයි (අ)

:       0       0

සිසිර Wednesday, 27 August 2014 10:30 AM

දැන්වත් කෙල්ල ගේ චන්ඩි පාර්ට් නැති වෙයි (අ)

:       0       0

ශ්‍රීමාල් සම්පත් Wednesday, 27 August 2014 10:34 AM

කන් පැලෙන එක අහන්න දෙයක්ද ගහපු පාරවල්වල හැටියට (අ)

:       0       0

පුබුදු Wednesday, 27 August 2014 10:34 AM

බැදපු මිහිහ අමාරු වේ එකයි මට කණගාටු (අ)

:       0       0

මාතොට Wednesday, 27 August 2014 10:33 AM

පොලිසියට ජය වේවා (අ)

:       0       0

සරත් Wednesday, 27 August 2014 10:39 AM

මට සමාජය පෙනෙන හැටි සහ සමාජයට මාව පෙනෙන හැටි අතර වෙනසේ තවත් එක් ප්‍රතිපලයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1436 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 915 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1394 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 989 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site