IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘කෙල්ලොත් සිගරට් බොති‘

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 13-15 අතර  වයසේ  පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට එකොළහක්   දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් පරිහරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පර්යේෂණ වාර්තාවක සඳහන් කර  ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහ දෙනෙකුගෙන් එක් අයකු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිහරණය කරන බවත් වෛද්‍ය සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව පාසල් ශිෂ්‍යයින් සීයට දහසයක්ද (16%) ශිෂ්‍යාවන් සීයට  පහක් (5%) මොන යම් හෝ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයක් පරිහරණය කරති.  

දුම්වැටි පානය කරන වයස අවුරුදු 13 -15 දරුවන් විසින් ම දුම්වැටි මිල දී ගනී.  

එම වාර්තාවේ මෙසේ ද දක්වා ඇත.

‘දරුවන්ගෙන් සියයට  අසූවක්  දුම්වැටි  සහ දුම්කොළ භාවිතයට  එරෙහි  සහ ඉන්  සිදුවන හානිය ඇතුළත්  දැන්වීම්  දකිති. එහෙත්  එයින් ප්‍රයෝජනයක් ගෙන නැත.

පාසල්වල මේ හා  සම්බන්ධව ලබාදෙන අධ්‍යාපනයෙන්  සැහීමකට  පත්වන්නේ  නැති  බවත්  ඒ පිළිබඳව ලබා  දෙන අධ්‍යාපනය ක්‍රමයෙන්  හීනවෙමින්  පවතින බවත්  දරුවන්ගෙන් අනාවරණය වී ඇත.‍

දරුවන්ට  මේ හා සම්බන්ධ දැනුවත්  කරවන ක්‍රියාකාරකම්  පැවතුන ද එමඟින්  දුම්වැටි විරෝධි දැනුමක්  දුන්නද එහි ප්‍රතිළුල දුර්වල මට්ටමක පවති. ඊට  හේතුව සීයට එකොළහක්ම  ශිෂ්‍ය  ශිෂ්‍යාවන් දුම්වැටි  පානය කරන්නේ  අධ්‍යාපනයක්  ලබමින්  සිටියදීය.

දුම්කොළ දුම්වැටි  විරෝධි  අධ්‍යාපනය ප්‍රබල ශක්තියක් දැනෙන සුළු විය යුතු  බවත්  පවතින ක්‍රමවේද අසාර්ථක බව මෙමගින්  සනාථ වන නිසා නව ක්‍රමවේද වහාම ක්‍රියාවට නැංවිය යුතු  බවත්  වෛද්‍ය  සමරසිංහ මහතා පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ  අංශයක්  පිහිටුවා ඇත. එනිසා අධ්‍යාපන ඇමතිවරයාගේ  අවධානය මෙම වාර්තාව වෙත යොමුවිය යුතු බවත් තතු දත්  ආරංචි  මාර්ග පැවසීය.‘

ලෝක සෞඛ්‍ය  සංවිධානය සෞඛ්‍ය  අමාත්‍යංශය සමඟ එක්ව සිදු කළ පර්යේෂණයකට  අනුව මෙම වාර්තාව එළි  දැක්වුයේ  මැයි  31 ජාත්‍යන්තර  දුම්වැටි විරෝධි  දිනයේදී ය.

මෙම පර්යේෂණ වාර්තාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ , සෞඛ්‍ය  ඇමැති දොස්තර  රාජිත සේනාරත්න මහත්වරුන්ට  ලෝක  සෞඛ්‍ය  සංවිධානය  ඉදිරිපත්  කර ඇත.



අදහස් (0)

‘කෙල්ලොත් සිගරට් බොති‘

සඳුන් Friday, 05 June 2015 07:06 AM

නන්දලාල් - ප්‍රංශය, ඔබ මෙය උපහාසයට ලියා ඇතැයි සිතනවා. දියුණු රටවල දුම්බීම වැඩියි තමයි. ලංකාව දියුණුවෙමින් පවතින රටක් වුණත් දුම්බීම ඉතා අඩුයි. අපි ඒ අතින් ඉහළින් ඉන්නවා. අපේ සෞඛ්‍ය සේවා එතරම් හොඳ නැති නිසා ඒක වඩා වැදගත්. (නි)

:       0       0

වෙනුර Tuesday, 16 June 2015 08:02 AM

සමහර දුම්වැටි සමාගම් අපේ රටේ කෙල්ලන්ව සිගරට් බොන්න හුරුකරගන්න හැදුවා (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Thursday, 04 June 2015 04:43 PM

ඉතින්? ඕකත් මහා කජ්ජක් ද? ලෝකයේ හැම දියුණු රටකම කෙල්ලෝ විතරක් නොවෙයි ගැහැණු අයත් දුම්පානය කරනවා. ඇයි, අපේ මේ ශ්‍රී ලංකාව දැන් දියුණු රටක් නොවෙයි කියලද ඕගොල්ලෝ කියන්න හදන්නේ ? (ර)

:       0       0

රසිත් Thursday, 04 June 2015 07:20 AM

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විතරක් නෙවෙයි, තලතුනා ගැහැණු බොහොමයක් දුම් බොන බවද පේනවා, ටික කාලයකින් පිරිමින්ගේ වාර්තාවත් කඩයි වගේ (ම)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 07:31 AM

වෙනස සහ නිදහස (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 04 June 2015 08:09 AM

අධ්‍යාපනයටම ඔක්කොම බැර කරන්න බැහැ. ඕවා රටේ ව්‍යාප්ත කරන ආයතනවලට ඉස්සෙල්ලම වැට බදින්න ඕනේ මොනයම් හෝ නිති පද්ධතියක් ගෙනල්ලා. (ම)

:       0       0

කටාර් Thursday, 04 June 2015 10:43 AM

කටාර් වල නම් පාසල් ආසන්නයේ ඇති සියලුම කඩවල දුම්වැටි අලෙවිය තහනම්. එවෙන්නක් ක්‍රියාත්මක විය යුතුයි.(ම)

:       0       0

සරත් Thursday, 04 June 2015 11:24 AM

අපේ මුදලාලිලා ඉස්සර වෙලාම අල්ලගන්න හදන්නේ ඉස්කෝලේ යන පොඩි අය. ලැජ්ජාවක් නැහැ කොහොමටවත්. (ර)

:       0       0

පවනි Thursday, 04 June 2015 11:30 AM

ඉතින් ඕක වැඩක්යෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1811 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1153 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2066 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 517 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2957 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site