IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොල්ලුපිටියේදී දුම්රියට ගල් ගැසූ හතරක් රිමාන්ඩ්

කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.

එම්.එෆ්.එම්.සලීම්, එම්.කේ.එම්.රමීස්, එම්.එන්.එම්.ෆාරුක්, එස්.එච්.එම්.රෆීක් එසේ අත්අඩංගුවට ගත් අය වෙති.

කොල්ලුපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

දිගින් දිගටම දුම්රියට ගල් ගැසීම් වාර්තා වූ බවත් ඒ හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහා සහ එසේ ගල් වැදීමෙන් එක් අයකුට තුවාල සිදුව ඇතැයි දැනට වාර්තාවී තිබීම නිසාත් ඔවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.



අදහස් (0)

කොල්ලුපිටියේදී දුම්රියට ගල් ගැසූ හතරක් රිමාන්ඩ්

සිරි Monday, 15 August 2016 09:26 AM

මෙවන් අයට උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

අරවින්ද Monday, 15 August 2016 09:23 AM

උපරිම දඬුවම් දෙන්න. අනෙක් අයටත් පාඩමක් වෙයි එතකොට (නි)

:       0       0

නුවන් Monday, 15 August 2016 09:28 AM

ඔය වගේ වැඩකරන බොහොමයක් අය ගැන අපිට දැන් හොඳ අවබෝධයක් තිබෙනවා (නි)

:       0       0

චමල් Monday, 15 August 2016 09:32 AM

ගල් ගහනවා වගේ වනචාරී වැඩ අපේ අයට අලුත් දෙයක් නෙමෙයිනේ (නි)

:       0       0

පරාක්‍රම Monday, 15 August 2016 05:49 PM

සුදු පාලකයින් මෙරටට ගෙනා දුම්රිය සඳහා වන මඟ දෙපස ඇති රක්ෂිතය සහ ඊට අදාළ නීතිරීති රෙගුලාසි කෙරෙහි අවධානය යොමුකර එම රක්ෂිත මහජන පරිහරණයෙන් මුදාගැනුනොත් බොහෝ ගැටළු නිරාකරණය කැරගැනීමට හැකිවෙතැයි පෙනේ. දුම්රිය හරස් මාර්ග ඇති තැන් ආවරණය වීම නිසා දුම්රිය ළඟාවීම නොපෙනීමෙන් සිදුවන අනතුරු එමටය. මා මෙසේ සඳහන් කරන්නේ මටද දුම්රියෙන් කොල්ලුපිටිය පසුකර එද්දී මගේ වම් බාහුවට වැදුන ගල් පහරකින් ලත් කටුක අත්දැකීමකිනි (නි)

:       0       0

ගමගේ Monday, 15 August 2016 09:39 AM

දැඩි දඬුවම් දෙන්න. රට පුරා රැල්ලක් වගේ යන එක නවත්වන්න පුළුවන් වන්නේ එතකොට තමා. තාම ගල් යුගයේද අපි ජීවත් වෙන්නේ. අනුන්ට හිරිහැරයක් නොකර ජීවත්වෙන්න බැරි ජාතියක්ද අපි. වසර 2500 සංස්කෘතිය ගැන පුරසාරම් දෙඩුවාට වානර ගති ඇරිලා නැහැනේ අපේ අයගේ (නි)

:       0       0

චන්ද්‍රා Monday, 15 August 2016 11:10 AM

මේ පිරිස මානසික ලෙඩ්ඩු මේ අය අංගොඩ යවන්න.(හේ)

:       0       0

හෆීල් Monday, 15 August 2016 11:25 AM

උපරිම දඬුවම් දියයුතුයි. (ර)

:       0       0

ධම්ම Tuesday, 16 August 2016 02:47 AM

දුම්රිය මාර්ග අසළ අවසර හෝ අනවසර පදිංචිකරුවන්ට වගකීම් පවරන්න මේ ප්‍රදේශයේ දී දුම්රිය නිරුපද්‍රිතව ගමන් කළයුතු බවට. ඔවුන් එය මනාව ඉටුකරාවි. (නි)

:       0       0

සේන Monday, 15 August 2016 01:30 PM

මාර්ග වල අධික තදබදය සහ පුද්ගලික බස් වල යාමට ඇති අකමැත්ත නිසා පසුගිය වකවානුවේ බස් වල සෙනග සැලකිය යුතු ලෙස අඩුවී දුම්රිය වල යාමට වැඩි නැඹුරුවක් පෙනෙන්නට තිබුනා. මේකට එරෙහිව කරන බස් මාෆියාවේ කඩාකප්පල්කාරී වැඩක්ද සැකයි. මොකද ළඟක් ඉන්දලානේ මේ සෙල්ලම පටන් ගත්තේ. අනෙක මේ අවස්ථාවේ දුම්රිය මාර්ග අසල ඇති අනවසර පැල්පත් ඉවත් කිරීමත් කල යුතයි . බොහෝ දුරාචාර වලට මේවා තෝතැන්නක් . (ර)

:       0       0

දිපාල් නිරෝෂ් Monday, 15 August 2016 02:18 PM

මේ තත්වය නම් ඉතා ඉක්මනින් මර්දනය කල යුතුමයි, මිනිසුන්ට හානි වුනාට පස්සේ ගන්න පියවර වලින් වැඩක් නැහැ, එහෙම නොවුනොත් මේක ඊළඟට බෝවෙන්නේ අධිවේගී මාර්ගයට.(හේ)

:       0       0

සම්පත් චතුරංග Tuesday, 16 August 2016 04:06 AM

මෙයාලට ගිය රට (බ)

:       0       0

අසාම් Tuesday, 16 August 2016 05:06 AM

මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි, මානසික වෛද්‍යවරයෙකුට පෙන්නලා අංගොඩ ඉස්පිරිතාලෙට ගිහින් දාන්න තියෙන්නේ (බ)

:       0       0

නිමල් Monday, 15 August 2016 04:21 PM

මේ අයට හොද දඩුවමක් දෙන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 944 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 999 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site