IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


කොල්ලූපිටියේ විදුහලක සිසුහු 50 ක් බොරැල්ලේ බාලිකා විදුහලකට පැනලා

(ඉන්දිකා රාමනායක)

කොල්ලූපිටිය ප‍්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී  විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙහිදී විද්‍යාලයේ ගුරුවරුන් විසින් එක් සිසුවකු අල්ලා පොලිසිය වෙත බාර දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය..

පාසල් කි‍්‍රකට් සමය හේතුවෙන්  සිසුන් 200 දෙනකු පමණ ඊයේ පෙරවරු 11.00 පමණ කිංසි පාරේ පිහිටි මෙම බාලිකා විදුහල ඉදිරියට පැමිණ එම  විදුහලට ඉදිරිපිට සිට ඝෝෂාකාරී ලෙස හැසිරෙමින්  සිට ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සැලවී බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිසක් ගේට්ටුව  අසලට පැමිණ බැලීමේදී සිසුන් 50  දෙනකු පමණ එකවරම ගේට්ටුවට උඩින්  පාසලට කඩාවැදී ඇති බව පොලිසිය පවසයි.

 පාසලට බලෙන් ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් පිරිස ඉවත් කිරීමට එහි ගුරුවර ගුරුවරියන් සහ මුරකරු සුදානම් වු අවස්ථාව් සිසුන් ගුරුවරුන් දෙදෙනකුට  සහ මුරකරුට පහර දී ඇති බවද පොලිසිය කියයි.

මේ අවස්ථාවේ විදුහල්පතිනිය පොලිස් හදිසි ඇමැතුම් අංශයට(119) සිද්ධිය දැනුම් දීමෙන් පසු  පොලිසිය පාසලට පැමිණෙද්දී සිසුන් පිරිස පලාගොස් ඇත.

සිසුන්ගේ පහරදීමෙන් විද්‍යාලයේ මුර කුටියේ සහ ගොඩනැගිලි කිහිපයකට වීදුරුවලට අලාභහානි සිදුව ඇති බව ද පොලිසිය පවසයි.



අදහස් (16)

කොල්ලූපිටියේ විදුහලක සිසුහු 50 ක් බොරැල්ලේ බාලිකා විදුහලකට පැනලා

ලුම්බිණි Wednesday, 22 March 2017 04:02 AM

පසු ගිය වසර කීපය තුලම දැකපු දෙයක් තමයි පාසල් කි‍්‍රකට් සමය තුල මැර වැඩ කරමින් ප්‍රසිද්ධය කියන පාසල් වල සිසුන් කරන කලබල. මේ පාසල් වල ඉන්න විදුහල් පතිවරුන්ට තමන්ගේ ළමයින් මෙල්ල කර ගන්න බැරි නම් ඔවුන් අයින් විය යුතුයි.

:       162       314

hira Wednesday, 22 March 2017 04:15 AM

මේ වැඩේ කරලා තියෙන්නේ කොලබ මහානාම එකේ මදාවි සෙට් එක. මෙතනට 50 ක් නෙමෙයි 150 ක් විතර කඩා පැනලා යකා නටලා ගිහින් තියෙන්නේ. මුන් ඔක්කොම හොදටම බීලා ඉදලා තියෙන්නේ. මගේ දුව යන්නෙත් මේ බාලිකා විදුහලට. ග්‍රේඩ් 7 වල ළමයි ඔක්කොම වගේ කෑ ගගා අඩලා තියෙනවා බයවෙච්ච පාරට.මේ ගොන් පාර්ට් සංස්කෘතිය වහාම පාසල් වලින් බැහැර කරන්න ඕනේ මොකද බිග් මැච් වලට මුවා වෙලා කරන්න ඕන හැම බලු වැඩේම පාරවල් වල එළිපිටම කරනවා. හවසට ගෙවල් වලට යනවා සන්තුවරයෝ වගේ.අනික මේ කට්ටියම musaeus එකටත් පැනලා දෙවනත් කරනවා මුළු පාසලම.

:       517       1200

ruwanWednesday, 22 March 2017 05:18 AM

අයියලා මුස්ලිම් බාලිකාවකට පැන්න නම් නියම වීරකම බලාගන්න තිබ්බා . තනිකරම බොරුව කරන්නේ මුස්ලිම් අය බඩ අල්ලාගෙන හිනාවෙනවා ඇති . පව් අපේ වීර කොල්ලෝ සෙට්‌ එක

:       0       15

ruwanWednesday, 22 March 2017 05:18 AM

අයියලා මුස්ලිම් බාලිකාවකට. පැන්නා නම් නියම වීර කම බලාගන්න තිබ්බා . තනිකරම බොරුව කරන්නේ පව් අපේ වීර කොල්ලෝ සෙට්‌ එක

:       0       0

lalithsjm Wednesday, 22 March 2017 05:02 AM

නැව ගිලුනත් බන් චුන්. මුළු රටම අනාථ වෙලා මුන්ට මගුල්.

:       32       165

kalpa Wednesday, 22 March 2017 05:09 AM

බිග් මැච් නතරකළ යුතුමයි. මැච් තිබෙන්න ඕනෑ පිට්ටනිවල මිස පාරවල්වල නොවේ. විදුහල්පතිවරු වගකියන්න ඕන

:       0       9

රොමේෂ් Wednesday, 22 March 2017 05:14 AM

මේ මෝඩ තකතීරුවෝ පොඩි කාලේ ඉඳන්ම කරන්න පුරුදු වෙන්නේ මුන්ගේ අප්පලාගේ ලොකුකම්, මැරකම් වලට හරවන එක. මේ වගේ ගොබ්බ චන්ඩි මට්ටුකරන්න ඉස්කෝලවලට බැරිනම් වෙනක්‍රම වලින් හරි කරන්න වෙනවා. නැතිනම් මුන් අප්පලා වුණ දවසක මුන්ගෙන් බිහිවන ඒ ගොබ්බ පරම්පරාවත් කරන්නේ මේ ටිකම තමයි. ඔක්කොටම කලින් මුන්ගේ අප්පලාව මට්ටුකරන්න මෙරටේ ඡන්දදායකයෝ පෙළ ගැහුන දවසට මුන්ගේ රැස් ඉබේම බහිනවා.

:       0       11

mohan Wednesday, 22 March 2017 05:55 AM

මේවා සාමාන්‍ය දේවල්. දැන් අවුරුදු 25 කට කලින් අපිත් ඔය වැඩ කළා. එ්ත් අපි මදාවි වුනේ නැහැ. දැන් ඉස්සරට වඩා මේ දේවල් අඩු වෙලා. රටම අනාත වෙලා කියන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ. මේකටත් දේශපාලනය ගාව ගන්න නරුමයෝ ඉන්න රටක් මේක.

:       3       0

abaran Wednesday, 22 March 2017 06:08 AM

ඇර සොයිසා .....ඔය වගේ පොරවල් තමයි අපේ රට අනාගතේදී පාලනය කරන්නේ.....ඔය කොල්ලෝ එකෙක්වත් අහුවෙන්නේ නැහැ....කව්රු හරි කියනවනම් පොලිසියෙන් අල්ලලා දඬුවම් දෙයි කියලා මෙන්න කැට ....මදාවි සංස්කෘතියට ජයවේවා !!!!

:       1       0

dasun Wednesday, 22 March 2017 06:20 AM

කිසිම සමාවක් දෙන්න හොඳ නැ. සියලු දෙනා සති දෙකකටවත් රිමාන්ඩ් කල යුතුය.

:       0       4

ANURA UAE Wednesday, 22 March 2017 06:23 AM

තරුණ පරපුරම මත් පැන් වලට යොමු කරවන සංස්කෘතියට වගකිව යුත්තේ දෙසපාලකයන්ය ඔවුන්ගේ මුලික ඉපයුම මත් පැන් ව්‍යාපාරය වෙනවා එතනෝල් බවුසර් පිටින් ගෙන්වීම එදාටත් වඩා සිදුවෙනවා කිනම් රජයක් පත් කලත් එය එසේමය විනය පාලනය කිරීම විදුහල්පති සිදු කල යුතුය තරුණ වයසේ ළමෝ මදාවිකම් වලට පෙළඹේ නම් එය මහානාමය පමණක් වගකිව යුතු නොවේ ඔවුන්ද කාගේ හෝ දෙමාපියන්ගේ දරුවන්

:       0       1

nimallalitha Wednesday, 22 March 2017 09:47 AM

අහුවෙච්ච එකාගේ කකුලක් හෝ සෑහෙන කලකට විදවීමට කැඩුවා නම් ඉතා අගනේය.

:       0       1

sam Wednesday, 22 March 2017 09:57 AM

මත් පැන් පානය කරලා නම් වගකියන්ඩ ඕනේ රටේ පාලකයෝ මිසක් දරුවෝ නොවේ. මේ වගේ වැඩ කොලු කාලේදී නොකලානම් එකත් වැරැද්දක්. මේවා නැති කරලා තහනම් කරලා ළමයින්ගේ එඩිතර බව මොට කල යුතු නැහැ. වැඩිහිටියන් වශයෙන් අප කල යුත්තේ කිසියම් හානියක් වෙනවානම් එය අවම කරගැනීමයි. නැතිව ළමයින් තුල ඇති එඩිතරබව විනාස කර දැමීම නොවෙයි.

:       3       52

aravindaWednesday, 22 March 2017 10:40 AM

කාන්තා පාසලකට බලෙන් ගොඩ වී, එහි ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම "එඩිතර" කමක් නොව එය "නිවට" කමකි.

:       0       13

aravinda Wednesday, 22 March 2017 10:07 AM

යථාර්තය නම්, මේ වගේ මදාවි පාසලෙන් පිට කරන මේ දේවල් විදුහල්පතිවරුන්ට තනිව පාලනය කල නොහැකිය. මෙවැනි මහජනයාට හිරිහැර කරමින් හැසිරෙන මදාවි මර්ධනය කිරීම රජයේ සහ පොලිසියේ වගකීමයි. මෙවැන්නන් පාලනය කිරීමට රබර් උණ්ඩ සහ බැටන් පොලු භාවිතා කල යුතුයි. නමුත් අද පොලිසිය මේ දේවල් ගැන නිකම් ගොරවමින් ඉන්නා අතර කිසි දෙයක් ක්‍රියාවට නගන්නේ නැහැ. කලකට පෙර පාර්ලිමේන්තුවේ කෙනෙක්, නීතිය සහ සාමය සම්බන්ධ ඇමතිට ඔහුගේ රාජකාරිය පොඩි ළමයෙකුට දෙන මෙන් කිව්වා. ඒ කතාවේ ඇත්තක් ඇති බව අද රටේ සිදු වෙන දේ වලින් පෙනෙනවා.

:       0       1

chaminda Thursday, 23 March 2017 02:29 AM

මේ දරුවන් ඉපදෙනකොට මේ වගේ කලහකාරී වැඩ ගැන දැනගන නෙමෙයි ඉපදෙන්නේ . අපේ සමාජ සංස්කෘතියෙන් ඔවුන්ගේ හිත් වලට විවිධ දේවල් ඇතුළු කරලා , ඒවා කරන්න එපා කියල බල කරනවා , මේ දරුවනුත් දෙමව්පියන්ගේ දරුවෝ , සමාජයේ මතුපිටින් පෙන්නන්න සහ පවත්වාගන යන්න උත්සහ කරන දේ අභ්‍යන්තරයේ නැති වීම මෙතනින් පෙන්නුම් කරනවා , සමාජයේ මතුපිටින් පෙන්වන්න හදන දේ හා අභ්‍යන්තරයේ සාමාන්‍ය මිනිසුන්ගේ පවතින ක්‍රමය අතර පරතරය අඩු කල යුතුයි , රටේ තරුණ ජවය සාර්ථකව රටේ දියුණුවට යොදාගත හැකියි . මේ ගැන තවත් කතා කල හැකියි , ඉතිරිය අදාල පාර්ශව වලට බාරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1115 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 234 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 414 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 439 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 508 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 899 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 438 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 924 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site