(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා මර්ධන නිල නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදුකළ කාන්තාවම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.
සොරාගත් බව කියු මුදල් හා රන් භාණ්ඩ සියල්ලම පොලිසිය මගින් සොයාගෙන ඇත
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කල බව පොලිසිය කියයි
මීගොඩ මිනුවන්දෙනිය බෙරුකැටිය ප්‍රදේශයේ සොරකම සිදුවූ නිවස වෙත ගිය පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කිරීමේදී පැමිණිල්ලේ සඳහන්ව තිබූ පැහැරගෙන ගිය බව සඳහන් කර තිබූ නර්තන ඇඳුම් කිහිපයක් ගිනි තබා පුළුස්සා තිබූ ස්ථානයක තිබී කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත් ඒ අනුව පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පැමිණිල්ල සිදුකළ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න සොරකමේ සියලු තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
සැකකාරියගේ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහ හතකට ආසන්න රන්භාණ්ඩ නිවස පිටිපස වල දමා තිබියදී සොයාගත් බවත් රන් බාන්ඩ අසුරන ඊට මදක් ඔබ්බෙන් විසිකර තිබියදී සොයාගත් බවත් පොලිසිය කියයි
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොල්ලයක් ගැන බොරු පැමිණිල්ලක් කළ කතක් මාට්ටු
lal Sunday, 24 October 2021 02:58 PM
ගැහැණු කම පාවිච්චි කර බොරු පැමිණිලි දාලා මිනිසුන්ව අපහසුතාවයට පත්කරන කාන්තාවන් අද බොහෝ සිටියි. බොරු පැමිණිලි දාන අයට එරෙහිව කළ හැක්කේ කුමක්ද?
පැරකුම් Sunday, 24 October 2021 09:48 PM
ශ්‍රීලංකා පොලිසියට තවත් ධන ලකුනක්…!
samadhi Monday, 25 October 2021 04:48 AM
සමාජයේ මානසික වියවුල් තත්වයේ අය බොහෝ සිටිති. සමහර රෝගි තත්ව වලදි එකම දෙය නැවත නැවත කිරිම කරයි. උදා. නිවස 20-30 වතාවක් අතුගෑම. ඒ වගේම පොලිසියට පැමිනිලි කල පසු එයම නැවත නැවත කරන අයත් අද සමාජයේ සිටියි.
rasaika Monday, 25 October 2021 04:49 AM
බොරු පැමිණිලි දාන අයට එරෙහිව කළ හැක්කේ කුමක්ද? නිතිය දන්න අයෙකු පැහිදිලි කර දෙන්න?