(ඉන්දිකා රාමනායක)
වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පුද්ගලයකු නිවැසියන්ගේ පහරකෑමට ලක්ව මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ (32) හැවිරිදි පුද්ගලයෙකි. කිසියම් කොල්ලයක් සඳහා මොහු මෙම නිවසට ඇතුළු වී ඇතැයි පොලිසිය සැකකරයි
බලය පාවිච්චි කිරීමක් හේතුවෙන් පහර කා මෙම මරණය සිදුව ඇති බවත් , දණ්ඩ නීති සංග්‍රහයේ 96 වගන්තිය අනුව රාත්‍රී කාලයේ ගෙවල් බිදුමකට පැමිණි පුද්ගලයකුට මරණය දක්වා බලය පාවිච්චි කළ හැකි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොල්ල කෑමට ඇවිත් නොඑන ගමන් යයි
CHANDA Saturday, 10 July 2021 09:28 AM
දණ්ඩ නීති සංග්‍රහයේ 96 වගන්තිය අනුව රාත්‍රී කාලයේ ගෙවල් පිදුමකට පැමිණි පුද්ගලයෙකුට මරණය දක්වා බලය පාවිච්චි කළ හැකි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මරු කතාව...
BamunuarachchiSaturday, 10 July 2021 04:54 PM
ඇයි මොකද බය වුණාද? කරන දෙයක් දවල් කරන්න. ඔන්න රෑ ගියොත් ගෙදර එනවා ෂුවර් නැහැ.
Nihal Saturday, 10 July 2021 03:02 PM
එළියෙන් මරලා ගෙට ගේනවා. මිනී මරලා බේරෙන්න නියම ක්‍රමයක්... ලෝකෙටම එකයි.
BamunuarachchiSaturday, 10 July 2021 04:56 PM
රහස් පරීක්ෂකවරු මැට්ටන් නම් අන්න පුළුවන්...!!!
මුණසිංහ Saturday, 10 July 2021 04:02 PM
ඇත්තටම මේ නීතිය ගැන ජනතාව දැනුවත් නැහැ. ඒ බව දැනුවත් කළාට ඔබතුමාට ස්තුතිය..! වරෙල්ලකෝ රෑට ගෙට රිංගන්න. ආයේ දෙකක් නෑ....
BamunuarachchiSaturday, 10 July 2021 04:58 PM
ඇයි දාලා යන්නේ? මේ ටිකත් අරන් යන්න පුතා කියලා දෙනවා නේද..?
AselaSaturday, 10 July 2021 06:16 PM
මුණසිංහට අන්ලයික් කරලා තියෙන්නේ හොරු සෙට් එකක්...
rocky Saturday, 10 July 2021 06:53 PM
බුදු සන්තෝ, අපේ බමුණු ආරච්චි මහත්තයා තවම ඉන්න බව දැනගන්න ලැබීම මාර සතුටක්... ඉතින් කොහොමද මහත්තයෝ...? මෙච්චර කල් හිරේටවත් කොටුවෙලා හිටියද?
BamunuarachchiSunday, 11 July 2021 11:24 AM
බරපතල වැඩ ඇතිව හිරේට කොටු වෙලා දැන් අවුරුදු 50ක් වෙනවා.
BamunuarachchiSunday, 11 July 2021 05:06 PM
දණ්ඩ නීති සංග්‍රහයේ 92 සිට 96 වගන්තිය කියවලා බලන්න මොනවද කියවෙන්නේ කියලා...
සංජීව Saturday, 10 July 2021 07:24 PM
දණ්ඩනීති සංග්‍රහයේ රාත්‍රී කාලයේ ගෙවල් බිඳීම දිවා කාලයේ එම වරද කිරීමට වඩා බලවත් වරදක් ලෙස දක්වා තිබෙනවා. එයට හේතුවක් විය හැක්කේ අද මෙන් නොව මෙම නීතිය සම්පාදනය කල එක්දහස් අටසිය ගණන් වලදී ලංකාවේ විදුලිය ප්‍රචලිතව නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලයේ මිනිසුන්ට ඉතා අනාරක්ෂිතව සිටීමට සිදුවීම විය හැකිය... මෙම නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතුයි. මන්ද එකම වරද සිදුකළ විට දිවා රාත්‍රීය අනුව දඬුවම වෙනස් විය යුතු නැති බැවින්...!!
සමන්ත Saturday, 10 July 2021 08:12 PM
අජිත් රෝහණ නීතිඥයෙකු වුනේ නාමල් රාජපක්‍ෂ ගිය පාරේ ගොස් දැයි මට බරපතල සැකයක් තිබේ. නීතියේ මූලධර්ම අනුව යල් පැන ගිය අධිරාජ්‍යවාදීන් හඳුන්වාදුන් නීති අද ලෝකයේ භාවිතා නොකරයි. දණ්ඩ නීති සංග්‍රහයේ පවතින සියල්ල යුක්තියේ මූලධර්ම නොවේ. යම් යම් නීති පවත්නා වාතාවරණය සමග සමපාත විය යුතුයි. අයුතු ලෙස පුද්ගලික දේපලකට ඇතුල්වීම වරදක් වුවත් ඔහුව ආරක්‍ෂා කිරීමට සහ හානි නොකිරීමට දේපල හිමිකරුවා බැඳී සිටියි. එය හොරෙකුටද අදාලය. මරණය හෝ මරණීය තුවාල සිදුකිරීම මගින් ඔවුන් වරදක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන වල මතයයි. මොවුන් මිනී මැරුම් චෝදනාවක් සඳහා වරදකරුවන් ය.
නිමල් Saturday, 10 July 2021 09:12 PM
මුට්ටිය දාල බැලුවා නම් ඔහොම වෙන්නේ නෑ.