IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කලාවට සමුදෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ

සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ඇය නිරූපණ ශිල්පය පිළිබඳ හැදෑරීම් සිදුකරමින් කලා ක්‍ෂේත්‍රයට පැමිණ තිබේ. වෙළෙඳ දැන්වීම් හා රූප රචනා කිහිපයකටම දායකත්වය ලබාදී ඇති ඇය නමින් අලෝරා පෙරේරාය. ඇගේ ඉදිරි කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ‘සාරවිට’ අප සමගින් මෙලෙස දොඩමළු වූවාය.

 

20161130Allora-1ඔබේ නම කිව්වොත්?

මගේ නම අලෝරා පෙරේරා.

 

ඉගෙන ගන්නවාද? නැත්නම් රැකියාවක් කරනවාද?

ඇත්තටම මම ඉගෙන ගන්න ගමන් නිරූපණ කටයුතු කරනවා.

 

ඉගෙන ගන්න ගමන් නිරූපණය කරන එකට ගෙදරින් බාධාවක් නැද්ද?

මෙහෙමයි. බාධාවක් වෙන්නේ නැහැ. මොකද මම මේ විෂයන් දෙකම බැලන්ස් කරන නිසා මට ගෙදර අය උදවු කරනවා. එයාලගේ ආශීර්වාදයත් තියෙනවා.

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

දැනට අවුරුද්දක් කාලයක් වෙනවා.

 

නිරූපණයෙන් දායක වුණ වැඩ ගැන කිව්වොත්?

බ්‍රයිඩල් ෂෝ, ඉවෙන්ට්ස්, ටීවී කෝමර්ෂල් සහ මියුසික් වීඩියෝ මේ හැමදෙයකටම දායක වුණා.

 

වෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ මොනාද කියලා කිව්වොත්?

වෙළෙඳ දැන්වීම හා මියුසික් වීඩියෝ දැනට ගොඩක් කරලා තියෙනවා. මට මතක ඒවා කියන්නම්, එටිසලාට්, ලංවා කම්බි දැන්වීම් කරලා තියෙනවා. මියුසික් වීඩියෝ නම් මතක නැහැ.

 

නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණය කියන්නෙත් එක් කලාවක්. මම හිතන්නෙ ඒ කලාව තුළ තේරුම් අරන් වැඩ කළොත් ඉස්සරහට යන්න පුළුවන් කියලා. වැරැද්දක් දකින්නේ නැහැ. හරි විදිහට කරනවානම් නිරූපණය හොඳයි.

 

නිරූපිකාවක්ට අද පිළිගැනීමක් ලැබෙනවාද?

ඇත්තටම පිළිගැනීමක් නැත්තෙත් නැහැ. සීමිත ප්‍රමාණයකට පමණක් මම හිතන්නෙ ඔය පිළිගැනීම තියෙනවා. අපි සමාජයේ ඉස්සරා කරන දේවල් මිනිස්සුන්ට පේනවා. ඉතිං ඒ අනුව තමයි පිළිගැනීමක් තියෙනවද? නැද්ද යන්න තීරණය වෙන්නේ.

 

ඉදිරි බලාපොරොත්තු කිව්වොත්?

මම බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මගේ පළවෙනි දේ තමා ඉගෙනීම් කටයුතු. ඊට පස්සේ තමයි නිරූපණය. ඒ වගේම  රංගනයට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

එතකොට රැකියාවක් වශයෙන් තෝරගන්නේ මොකක්ද?

මෙහෙමයි මං තාම ඉගෙන ගන්නවා. මම දැනට හෙද අධ්‍යාපනය හදාරනවා. ඒ අංශයෙන් ඉදිරියට යන්න තමා මගේ අරමුණ.

 

එතකොට කලාව සමුදෙනවාද?

මෙහෙමයි. වැඩිදුර අධ්‍යාපනය සඳහා මට විදේශ ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ කාලේ මං අයින් වුණත් කලාවට සමුදෙන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. කොහොම හරි ඉතිං මට කරන්න පුළුවන් දේවල් මම කරනවා.

 

ඔයාගේ ගමනට උදව්කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

ගොඩක් අය උදවු කළා. නම් වශයෙන් කියන්න අමාරුයි මොකද ලොකු පිරිසක් මට උදවු කරපු නිසා. නම් වශයෙන් මතක් කරන්න ඕනේ මහේෂ් මධුසංඛ අයියාව සහ ඩිලාන් මධුසංඛ අයියාව. ඒ වගේම මගේ ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

ඒ මට මේ තැනට එන්න උදවු කරපු හැමෝම මේ වෙලාවේ මං මතක් කරනවා. එයාලට ගොඩක් ස්තූති කරනවා. මොකද එයාලා නිසයි මම අද මෙතන ඉන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පසන් සෙනවිරත්න

20161130Allora-2 20161130Allora-3



අදහස් (0)

කලාවට සමුදෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 252 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5749 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1198 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2132 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2078 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site