IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ  නායයෑම් සහිත ස්ථාණයක බැම්මක්  සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි  ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනයේ  නිළධාරියෙකු පැවසිය.

කලවාන මායිමේ 28-1 බෝක්කුව අසළ ස්ථාණයේ නායයෑම යළිත් සක්‍රිය විම ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනයේ රත්නපුර නිළධාරින් විසින් 29 වනදා නිරික්ෂණය කර තිබේ.

මෙම අවදානම් තත්ත්වයට පිළියම් යෙදිම ගැන ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනය ව්සින් අදාල ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත්කරුට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දි තිබේ.

මෙම ස්ථාණයේ මාර්ගයේ භාගයක්  නායයෑමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ව්සින් රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දි තිබිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් පරික්ෂණ සිදු කරනු ලැබිය.

මාර්ගයේ නායයෑම් අවදානම් තත්ත්වය වැළක්විම සදහා අද (31) බැම්ම ඉදිකිරීම ආරම්භ කර ඇතැයි ද අවදානම් තත්ත්වය මග හරවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිළධාරියෙකු පැවසිය.

මෙම ස්ථාණයේ නායයෑම වැළක්විමට බැම්මක් ඉදිකිරීම පසුගිය 24 වනදා ආරම්භ වු පසු එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙද්දි යළිත් මාර්ගයේ බොක්කුව අසළ කොටසක් නායයෑමට ලක්වු බව  ප්‍රදේශවාසීන් පවසති. 



අදහස් (0)

කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 665 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 342 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 292 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2422 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1580 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32726 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site