දේශීය ප‍්‍රධානතම බොක්සිං තරගාවලියක් වන ‘ක්ලිෆර්ඞ් කුසලාන’ බොක්සිං තරගමාලාව කොළඹින් පිට පළාතකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම තරගාවලිය දෙසැම්බර් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ මාස් හෝල්ඩින් සමුහයට අයත් ලීනියා ආයතනයේදී පැවැත්වේ. 2004 වසරේදී දියතලාවේදී පැවැත්වීමෙන් පසුව කොළඹින් පිටත දී මෙම තරගාවලිය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ. වයස 17 ත් 34 ත් අතර පසුවන කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලිය බර පංති 10 ක් යටතේ (පිරිමි* පැවැත්වේ. කිලෝග‍්‍රෑම් 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 සහ කිලෝග‍්‍රෑම් 91 ට වැඩි බර පංතිවලින් පිරිමි තරගාවලිය සමන්විතය. කිලෝග‍්‍රෑම් 48, 51, 54, 57, 60, 64, 69, 75, 81 සහ කිලෝග‍්‍රෑම් 81 ට වැඩි යන බර පංති 10 කින් කාන්තා තරගාවලිය පැවැත්වේ. ආධුනික, අතරමැදි තරගාවලිවලදී ශූරතාව සහ අනුශූරතාව දිනාගත් සහ ජාතික කනිෂ්ඨ ඇතුළු ජාතික මට්ටමේ තරගවලදී දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අවම හතරකින් යුත් කණ්ඩායමක් බැගින් තරගාවලියට ඉදිරිපත්විය යුතු බව සංවිධායක කමිටුව පවසයි. පසුගිය වසරේ පැවැත්වීමට තිබු තරගාවලිය මෙම වසරේ ජනවාරී මස පැවැති අතර එහිදී වසර 37 කට පසුව නාවික හමුදාව විසින් ක්ලිෆර්ඞ් කුසලාන දිනා ගන්නා ලදී. ස්ලිම් ලයින් ක‍්‍රීඩා සමාජයේ එස්. එන්. හීල්බත්දෙණිය දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. මෙවර තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙතින් අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 5 වැනිදා අවසන්වේ. අයැදුම්පත් ලේකම්, ආධුනික බොක්සිං සංගමය, මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගම, 7 වැනි පටුමග, කඳවල, රත්මලාන යන ලිපිනයට යොමු කළ යුතුය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග 14 දා සිට පල්ලෙකැලේදී