IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි ) 

සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්‍රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද  (26)  කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .

කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ.

මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ .

අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා .

මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි .

"සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය .

මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි .

ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි .



අදහස් (10)

කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ

Lalla is Sunday, 26 May 2024 07:26 PM

දැනුම් තේරුම් නැති කිරිසප්පයින් මහණ කිරීම නවත්තන්න. දරුවන්ට ලමා කාලය ගතකිරීමට අයිතිය තිබිය යුතුයි....

:       7       23

දිසානායක Sunday, 26 May 2024 08:43 PM

මහණ වෙන්න ඕන ජීවිතයේ යථාර්තය අවබෝධ කරගත්ත මිනිස්සු. අම්මල තාත්තලාගේ ආදරේ ලබන්න ඕන මේ පොඩි උන් මහණ කරලා ඇති වැඩක් තියෙනවද?

:       6       17

සමන් Sunday, 26 May 2024 08:57 PM

ඩොලර් කාක්කොයි එන්ජිඕ කාරයොයි මැරෙන්න හදන්නේ දරුවොන්ට ආදරේටද?. බුදු දහම පාගන්නද?. අනික් ආගම් ගැන මෙහෙම දැගලිලි නැහැ නෙ.

:       2       2

සුනිල් Sunday, 26 May 2024 09:06 PM

දරුවන් ගැන තියෙන අනුකම්පාවත් හරියට අර වෙන ආගම් වල බෙලි කපල සත්තු මරද්දි නොදන්න විදියට ඉදල පෙරහරේ යන අලි ඇතුන් ගැන කදුලු හෙලනවා වගෙයි., බෞද්ධ ආගමට අකුල් හෙලීම තමයි උවමනාව.

:       3       3

නිහාල් Sunday, 26 May 2024 09:09 PM

මාගල්කන්දලා කොයි තරම් සතුටු වෙයි ද?

:       0       2

Nilantha Monday, 27 May 2024 09:21 AM

මුලින්ම අදහස් දක්වා තියෙන දෙදෙනාම බුදු දහම නොපිළිගන්නා මාලිමාගේ දෙන්නෙක්ද කියලා සැකයක් ඇතිවුණා නාකිවෙලා මහන වුණාම ධර්මය ඉගෙනුම ලබන්න කාලයක් නැහැ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 ක් දේශනා කල ධර්මය අවුරුදු තිහේදි හතලිහේදි නැත්නම් විශ්‍රාම ගියාට පස්සෙ මහනවෙලා ඉගෙන ගන්න කොහොමවත් බැහැ දැන් පාසලේ දී දහම් අධ්‍යාපනය ලැබෙන්නේ සතියකට වැඩිම වුනොත් පැය එකක් තමයි උපකාරක පංති නිසා දරුවෝ දහම් පාසල් යන්නෙත් නැහැ ඒ හින්දා ආගම රැකෙන්න නම් දරුවො අඩු වයසේදි මහන කරන්න ඕන .

:       4       7

ChandanarachchiMonday, 27 May 2024 09:41 AM

ඉතින් ඔහේගෙ පුතත් දුන්නද?

:       0       4

සොරීසේන Monday, 27 May 2024 12:08 PM

ඉස්සෙල්ලාම කියන්න, ඔබේ පුතාවත් මහණ කරාද?

:       0       1

Gurusinha Monday, 27 May 2024 10:21 AM

ලවුඩ්ස්පීකර් බෆල් කන් පැලෙන සද්දෙට දාලා අහල පහළ ගෙවල්වල මිනිස්සුන්ට කරදර නම් කරන්න එපා..

:       3       3

සෙල්ලයියාMonday, 27 May 2024 02:26 PM

නුඹලාට උදේ හවස සෙත් පිරිත් කියද්දී අහගෙන ඉන්න බැරිවුණාට දවසට හතර පස් වතාවක් පිරිසක් ලවුඩ්ස් පීකර් වලින් ලතෝනි දීම ගැන කිසිම හැඟීමක් නැහැ නේද ගුරෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 92 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 287 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 145 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4016 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2119 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site