IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කැලෑ නීතීයෙන් කණ්ඩලමේ ඉඩම් අල්ලන්න ගිහින්

1995 වර්සරේදී රජයට පවරාගත්  කණ්ඩලම වැව් තාවුල්ලේ  පරණගමේ ඉඩම් බෙදා ගැනීමට ගිය ව්‍යාපාරිකයන් දෙපිරිසක් අතර  මහ වන මැද ගැටුමක් ඇතී වී වාහනයකට පහර දී  වාඩියක ඇති බඩු මුට්ටු  කුඩුකැර පැදුරු කොට්ට ගිනි තබා විනාශ කැර ඇතැයි දඹුල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.

කාළයක සිට ව්‍යාපාරිකයන් දෙපිරිසම දේශපාලන බලය පාවිච්කරමින්  මෙම කැලෑ හෙළිපෙහෙලි කරමින් 1956 වසරේ රජයට පවරා ගැනීමට පෙර  ගම්මුන්ට තිබු  ඉඩම් ඔප්පු රැසක්  උගසට තබාගෙන මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ  උපක්‍රමයක නිරත වී සිටි බව ගැමියෝ කියති.

 මේ සදහා ඇතැම් රජයේ නිලධාරීන් මෙන්ම ගම්මුන්ගේද සහය ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

 කොළඹ ප්‍රදේශයේ පදිංචි දෙපිරිසෙන්  එක්  පාර්ශවයක්  පිටින් පිරිසක් රැගෙනවිත් ගැටුම් ඇතිකර  ගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම ස්ථානයට ගිය දඹුල්ල පොලීසිය පහරදී අලාභහානිකැර ඇති වෑන් රථයක්  සහ දෙපිරිසම පොලීසියට කැදවාගෙන පැමිණ ඇත.

එම කැලෑවට ඇතුළු වු අපට දැක ගත හැකි වුයේ කැලෑව මැද  ඉදිකිරීම්, වැව් තාවුල්ලේ අළුත් කෙසෙල් වගාවන් මෙන්ම වන සතුන්ගේ  ඇටකටු ආදීයයි.මහා ඝණ කැලෑව හෙළිපෙහෙළි කැර මාර්ග කපා ඇති බවද දැක ගත හැකි විය.

 කණ්ඩලම වැව පුළුල් කිරීමේ  වැඩසටහන යටතේ 1956 වසරේ මෙම ගම්මානයේ  පදිංචිකරුවන්ට ගොඩින් අක්කර දෙකයි  මඩින් අක්කර තුනයි වන්දි  ලෙස ලබා දී  නිවාස තනා දී  කණ්ඩලම 40 හා 25 ප්‍රදේශවල පදිංචිකරවා ඇත.

පසුව එම ඉඩම් රජයේ ඉඩම් බවට  ගැසට් පත්‍රයකින් තහවුරු කර නැතැයි පවසමින් කිහිපදෙනකු  එක් වී දේශපාලන හිතවත්කම් මත එම ඉඩම්  වලට තිබුණු  ඔප්පු මගින් ව්‍යාපාරිකයන්ට මේවා අළෙවිකැර හොටල් ඉදිකිරීමට යන බව ගම්මුන් කියති.



අදහස් (0)

කැලෑ නීතීයෙන් කණ්ඩලමේ ඉඩම් අල්ලන්න ගිහින්

උපාලි Thursday, 25 April 2013 03:55 PM

දඹුල්ලේ ඉඩම් ප්‍රශ්න නිතරම මතුවෙනවා. ඉඩම් ඇමැතිත් ඉන්නේ ඒ පැත්තේ නිසා ප්‍රශ්න අඩුවෙයි කියලයි අපි හිතුවේ. (නි)

:       0       0

රන්දි Thursday, 25 April 2013 06:27 PM

කැලෑවල ඉන්න වන සතුන් අලියන් ගමට ඇවිත් මිනිසුන් ගෙන් පළිගන්නේ ඇයි. මේ වගේ ප්‍රතිපල තමයි. පාර්ලිමේන්තුවේ ඇති කව්රුහරි? නැතිනම් කොහෙන්ද ඔච්චර හයියක්. (නදී)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 01:00 PM

මේ තරම් විනාසයක් කරනකල් වනජීවී එකයි, පොලිසියයි, බොදු බල සේනාවයි නිදාගෙනද හිටියේ? දැන් රටේ නීතිය වලපල්ලට ගිහින්. හඅමතඅනම ක්‍රියාත්මක වෙන්නේ කැලේ නීතිය. අපේම උදවියට තිබෙන අධික බල තණ්හාව නිසා රට, ජාතිය ඉක්මනින්ම විනාශය කරා තල්ලු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 544 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 740 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 449 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 938 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1743 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 427 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site