IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම වේ.මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.

මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළහිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.



අදහස් (27)

කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්

nanda Saturday, 15 June 2024 06:26 AM

දැන් වරිපනම් බදු කියලා ලොකු මුදලක් ගෙව්වානේ. මුන්ට හෙන ගහන්න එපැයි... රටේ කර්මාන්ත වැනි ආර්ථික සංවර්ධන ක්‍රියාත්මක නොකර මේ කරන විකාර

:       0       0

ජිනදාස Saturday, 15 June 2024 06:28 AM

රස්සාවත් නැතිවෙලා දැන් ගේ කුලියට දීලා ලැබෙන සොච්චමින් තමයි ජීවත් වෙන්නේ ඒකටත් කෙලින්නද හදන්නේ? හොරකම් කරලා මූල්‍ය අරමුදලේ පදයට නටන්න වෙන තරමට මේ රට බංකොලොත් කල උන්ට ශාප වේවා!

:       0       0

පින්පති Saturday, 15 June 2024 06:42 AM

රජයේ ආදායම් වලින් 78% ක් වෙන් කරන්නේ රනිල් ගත්ත, මහින්ද ගත්ත ණය ගෙවන්න නේද? රටේ මිනිස්සු අමතර ආදායමක් හොයාගන්න පුළුවන් හැමතැනටම බදු ගහලා ජීවත් වෙනඑක අමාරුම කරන එක තමයි පිනා ආපූ දවසේ ඉඳන් කරන්නේ...

:       0       0

Muthu Saturday, 15 June 2024 07:13 AM

අපිට බදු විතරද......අඩු ගානේ විගණකාධිපති තුමා පෙන්නලා තියෙන හොරකම් වංචා වත් අල්ලා ගන්න උනන්දුවක් නැද්ද. එතුමා එක උත්සවේක කිව්වා ජනතා වාදී රජයකින් පමණයි මේ සියල්ල අය කරගන්න පුළුවන් කියලා.....

:       0       0

chandra Saturday, 15 June 2024 07:15 AM

අන්න බලන්න .රට ගොඩගත් අසහාය නායකයා රනිල් නෙමේද කියලා?

:       0       1

Piyarathna Saturday, 15 June 2024 09:26 AM

එතකොට මහාපරිමාණයෙන් ආදායම් උපයන (උදාහරණයක් හැටියට කලකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගත් බොරැල්ලේ ගොඩනැගිල්ල) විශේෂයෙන් නගරාශ්‍රිතව ගොඩනැගිලි විවිධ ව්‍යාපාර සඳහා කුලියට ලබාදීම සිදුකරන නිසා (මේවායේ බදුමුදල් අඩුවෙන් දක්වනවා.. ඒත් මාසිකව ලක්ෂ ගණනක් උපයනවා) ඒවායින් බදු මුදලක් ගන්නේ නැද්ද? ඒවා ගැනත් අවධානය යොමුකරන්න..

:       0       0

පාඨකයෙක් Saturday, 15 June 2024 10:04 AM

දැනටමත් පීඩාවට පත්ව සිටින මහජනතාව තවත් පීඩාවට ලක් නොකර, මෙරට ආදායම වර්ධනය කිරීමට ගත යුතු පියවර 3ක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. එනම්, පාර්ලිමේන්තුවේ වියදම් ඇතුළු රජයේ වියදම් අවම වශෙයන් 50%කින් අඩු කිරීම, රජෙය් සේවකයින්ට වැඩ වර්ජනවල නිරතවීම තහනම් කිරීම සහ රජයේ ආයතනවල සිදුවන මූල්‍ය අක්‍රමිකතා සඳහා අදාළ නිලධාරින්ගෙන් එම මුදල් අයකර ගැනීමයි. රජයේ සේවකයින්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට ඒ-ඒ ආයතනවල පරිපාලන ව්‍යුහය ඒ සඳහා ක්‍රමවේදයක් ස්ථාපනය කළ හැක. එමගින් එම ආයතනවලින් මහජනතාවටත්, රටටත් ඉටුවිය යුතු සේවය අඛණ්ඩව සිදුකරන අතරේම සේවකයින්ට ගෟරවනීයව තම සේවා ප්‍රශ්න විසඳා ගත හැක.

:       0       1

Bandula Saturday, 15 June 2024 10:17 AM

ඔහොම යන් අපිට තව බදු තිබෙනවාද බලන්න. අමතක වුණු ඔය සියළුම බදු එකවර අපිට පටවන්න අපිට හරිම සතුටුයි.

:       0       0

රංබොඩ Saturday, 15 June 2024 10:41 AM

කුම්බලා මාළු කෑවානම්, දුක විඳපං බළලෝ...

:       0       0

Achini Saturday, 15 June 2024 10:51 AM

ලන්දේසි කාලේ තිබ්බාලු නේද ඇඟ බද්ද කියලා එකක්. අන්න ඒකත් පුළුවන් නම් ක්‍රියාත්මක කරයි... හොරුන් හිටියා නම් ඉතින් අපෙන්ම තමයි හූරලා ගන්නේ. නැතිනම් ඔවුන්ට හොරකම් කරන්න බැහැනේ...

:       0       2

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 15 June 2024 11:56 AM

දැන් ඉතින් අරගලකාරයොන්ට රෙද්දක් ඇඳන් පාරට බහින්න බැහැනෙ.මොකද හිටපු ජනාධිපති බදු අඩු කරලා රජයේ ආදායම් නැතිකරා කියලා මැරෙන්න ගියානෙ.

:       25       106

SisilSunday, 16 June 2024 05:59 AM

නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම සිදුකලයුතුවේ. ලංකාවට අලුත් දෙයක් උවද එය ලෝකයේ අ ති බහුතරයක් රටවල ක්‍රියාත්මක වේ

:       6       1

චන්දිම Saturday, 15 June 2024 01:36 PM

මාර කතාවක්නේ මේ කියන්නේ.IMF එක හිතනවා ඇති අපිට මේ ඉඩම් දීලා ගෙවල් හදලා දීලා තියෙන්නේ ඒගොල්ලෝයි කියලා. අපි මේ දුක් මහන්සිවෙලා නොකා නොබී හරි හම්බ කරලා ගෙවල් දොරවල් හදා ගත්තා මිසක් මේ දේසපාලුවෝ රංචුව වගේ රට කාලා විනාශ කරලා දුෂිත ක්‍රියා වලින් හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි මෙහෙම ගෙවල් දොරවල් හදා ගත්තේ. එකෙන් ලැබෙන ආදායමෙන් ඉස්සරහට යන්තම් හරි කාල බිලා ජිවත් වෙන්න. අපි දන්නවා ආණ්ඩුව මේ දවස්වල මේ ගැන සද්ද නොකර ඉන්නේ ඇයි කියලා. මොන ක්‍රමේකින් හරි ඊළඟ ඡන්දෙ දිනා ගත්තොත් අපිට දෙන්න හිතන් ඉන්නවා ඇති ලබන අවුරුද්දේ ඉඳන් මදි නොකියන්න බැටේ. කවදාවත් දෙසපාලුවන්ගෙන් මේ බදු ගන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට තමයි මේ ඔක්කොම බදු බර වැටෙන්නේ. ඊට පස්සේ අපිට වෙන්නේ දේසපාලුවෝ දෙසාබාන වැදි බන අහගෙන නිකම් මෝඩයෝ වගේ කට පියාගෙන ඉන්න. ඊළඟ චන්දෙදි කල්පනාවෙන් වැඩ නොකලොත් අපි හරිම අමාරුවක වැටෙන්නේ කියලා කිව්වයි කියලා මතක තියා ගන්න.

:       6       104

Tharindu Sunday, 16 June 2024 05:58 AM

චන්දිම මට හිතෙන විදිහට මොන ආණ්‌ඩුව ආවත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා.සංශෝධනය ගෙනාවත් එයට තවත් ප්‍රතිසංස්කරණ යෝජනා ඔවුන් ඉදිරිපත් කරනවා.IMF එක එක්ක වැඩ කරනවා කියන්නේ යකා බැඳ ගත්තා වගේ තමයි..ඔවුන් සමඟ සම්බන්ධ වෙලා ආර්ථිකය ස්ථාවර කරගත්තා ඇරෙන්න සංවර්ධනය වෙලා ලෝකේ බැබැළුණු රටක් නැති තරම්

:       0       4

Dickson Saturday, 15 June 2024 01:51 PM

මම කුලියට ඉන්නේ

:       2       49

Sanath KandySunday, 16 June 2024 02:10 AM

ඔබ ජීවත් වෙන්නේ ඔබේම නිවසක උනත් එය කුලී නිවසක් සේ සලකා ඇස්තමේන්තු කළ කුලියකට බද්දක් අය කරන්නයි මේ ලෑස්ති

:       0       3

Prabha Saturday, 15 June 2024 06:07 PM

20% 25% පොලියට බැංකු ණය අරන් ගෙවල් හදලා කුලියට දිලා කියක් හරි හම්බ කරලා ඉවරයි වගේ

:       3       38

Rohana Saturday, 15 June 2024 06:14 PM

අයිඑම්එෆ් එක හිතාගෙන ඉන්නෙ ඒ රටවල වගේ (ඇමරිකාව) ගෙවල් කුලියට දෙන සියග්ලෝම මහා ධනකුවේරයො තියල.සමහරුලැබෙන ගෙවල් කුලියෙන් ජීවිතය ගැටගසාගන්නෙත් අමාරුවෙන්.එහෙනම් මෙවුන් ඒකටත් වැඩක් දෙන්නයි මේ හදන්නේ.

:       6       48

පාඨකයෙක් Saturday, 15 June 2024 08:15 PM

පීඩිතව ජීවත් වන මෙරට මහජනතාව තවත් පීඩාවට ලක් නොකර, රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට ගත යුතු පියවර 3ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු විය යුතුයි. 1.පාර්ලිමේන්තුවේ වියදම් ඇතුළු රජයේ වියදම් අවම වශෙයන් 50%කින් අඩු කිරීම. 2.රජයේ ආයතනවල සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සඳහා අදාළ නිලධාරීන්ගෙන් එම මුදල් අය කරගැනීම. 3.රජයේ සේවකයින්ට වැඩ වර්ජනවල නිරතවීම තහනම් කිරීම. රජයේ සේවකයන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට ඒ-ඒ ආයතනවල පරිපාළන ව්‍යුහය ඒ සඳහා ක්‍රමවේදයක් ස්ථාපනය කළ හැක. එමගින් එම ආයතනවලින් මහජනතාවටත්, රටේ ආර්ථිකයටත් ඉටුවිය යුතු සේවය අඛණ්ඩව කරන අතරම සේවකයන්ටද ගෟරවනීයව තම සේවා ප්‍රශ්න විසඳා ගත හැකිය...

:       0       1

Achini Saturday, 15 June 2024 08:20 PM

ඔක්කොම අපෙන් තමයි ගන්න බලන්නේ කෝ දැන් කට්ටිය එකතු වෙයි රට ගැන හිතලා රනිල් ට විතරයි මේක කරන්න පුළුවන් කියලා රනිල් රටේ සම්පත් ටික කාබාසිනියා කරලා තමයි යන්නේ

:       0       2

shantha Saturday, 15 June 2024 08:52 PM

අද මට ආරංචි වුනා එක ගෙවල් හිමියෙක් එයාගේ ගෙදරක කුලියට ඉන්න අයට කිසිම හේතුවක් නැතිව තව මාස 2 ක් තුල නිවසෙන් යන්න කියලා. මම හිතන්නේ මේ නිතිය නිසාද දන්නේ නැහැ. එහෙම වුනොත් කිසිම කෙනෙක් ගෙවල් කුලියට දෙන්නේ නැතිවෙයි. එහෙම වුනාම ප්‍රශ්න රැසක් මතුවෙයි. ඔය IMF කාරයින්ගේ ලනු කාපු ග්‍රීසිය ,ආර්ජන්ටිනාව වගේ රටවල් නැත්තටම නැතිවුනා.

:       0       1

Perera Sunday, 16 June 2024 01:50 AM

මගෙිග් ගේ කුලියට අරන් ඉන්නේ එවුන් කුලි ගෙවන්නේ නැ උන්ව දොට්ට දාන්න නඩු කියනවා. මම ආදායම් බදුත් ගෙවනවා මරු ආණ්ඩුව

:       0       4

Sanath Kandy Sunday, 16 June 2024 02:09 AM

ඔබ ජීවත් වෙන්නේ ඔබේම නිවසක උනත් එය කුලී නිවසක් සේ සලකා ඇස්තමේන්තු කළ කුලියකට බද්දක් අය කරන්නයි මේ ලෑස්ති

:       0       2

මහින්ද සරත් ගෝටාබය Sunday, 16 June 2024 04:08 AM

රනිල් ආර්ථිකය ගොඩ දැම්මා නෙමෙයි. රාජපක්ෂලා හොරාකාලා ගත්ත ණය හිගමනට වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් අය කරගෙන අයිඑම්එෆ් එකට ලබා දුන්නා කිව්වානම් තමයි හරි.

:       0       3

පින්පති Sunday, 16 June 2024 06:14 AM

කරන්න දෙයක් නැහැ , පිනා හිතු හිතු හැටියට ණය අරන් IMF එකට රට බාරදීලා තියෙන්නේ , මෙච්චර ණය අරබුදයක් තියෙන වෙලාවක මේ අවුරුද්දේ පමණක් දැනට ඩොලර් බිලියන 4,01 ක් ණය අරන් , දැන් ඉතින් හැමෝම IMF පදේට නටන රුකඩ වෙලා

:       0       6

Ashoka Sunday, 16 June 2024 06:18 AM

මේක ගෙනල්ල තියෙන්න කලින් ගෙනෙන්න හිටපු දේපල බද්ද වෙනුවට ලු , එක ගෙනාවොත් රනිල් ලගේ පැලැන්තියේ උදවියට ලොකු බද්දක් ගෙවන්න වෙන හින්ද

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 16 June 2024 09:12 AM

රට බංකොලොත් කළේ මේ රටේ ජනතාව නෙමෙයි.ඒ දේශපාළු හොර දෙටුවන් අසීමිතව පොහොසත් වූ සැටි සොයා බලා ඔවුන් අනීතිකව රැස්කළ ධනය හා දේපළ (පැන්ඩෝරා ඇතුළු) යළි ලබාගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට I M F එකට හැකිවූයේ නම්,එය මේ රටේ ජනතාවට කෙතරම් සහනයක් ද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 739 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 357 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 242 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 748 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 684 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site