IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'කැලෑ පාළුවන් අල්ලන් ත්‍රිවිධ හමුදාවක්'

වනාන්තර විනාශ කරන්නේදැයි පරීක්ෂා කිරීම සහ ස්වාභාවික සම්පත් මඟින් සිදුකරන ජාවාරම් මැඩලීම ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුව පළමුවරට ත‍්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බත්තරමුල්ලේදී අද (28) ප‍්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ප‍්‍රාදේශිය පරිසර නිලධාරින්ගේ සංගමයේ 17 වැනි මහ සමුළුව මධ්‍යම අමතමිනි.

පරිසරය රැකීම සම්බන්ධ තනතුරු දරන නිලධාරින්ට උසස්වීම් දීමේදී ඔවුන් පරිසරය විනාශ කරන්නන්ට විරුද්ධ ව කොපමණ නඩු ප‍්‍රමාණයක් පවරා තිබේ දැයි පරික්ෂා කර බැලිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

පරිසරය රකින නිලධාරින් වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කී ය.

DSC_6926 DSC_6903 DSC_6953

       



අදහස් (0)

'කැලෑ පාළුවන් අල්ලන් ත්‍රිවිධ හමුදාවක්'

රජින්ද Tuesday, 28 June 2016 02:28 PM

කිසිම දෙයක් ගැන වගකීමක් බාර නොගන්නා නිලධාරීන් පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික රටේ නායකයා වුනත් මෙයා කියන දේවල් මිනිස්සුන්ට විශ්වාස නැහැ. පුලුවන්නම් කරලා පෙන්වන්න. එදාට අපි විශ්වාස කරන්නම්. (බ)

:       0       0

අතුල Tuesday, 28 June 2016 02:30 PM

නියම පරිසරවේදීන්ට ඔය බලතල දෙන්න , එයාල බොහොම ආදරයෙන් ඔය කර්තව්‍ය කරයි (බ)

:       0       0

නිම්මි Tuesday, 28 June 2016 02:56 PM

කියන විදියට වෙනවද?(හේ).

:       0       0

විපුල Tuesday, 28 June 2016 03:56 PM

මෙතුමා මීට මස 9 කට කලින් මෙයම කරනවා කියල පුවත්පත් වල තිබුණා. මම හිතුවේ කරලා ඉවරයි කියල (බ)

:       0       0

නයන Tuesday, 28 June 2016 04:48 PM

කළ කෙරුවාවක් නම් අදටත් නැත. (නි)

:       0       0

ටෙරාන් Tuesday, 28 June 2016 04:57 PM

අපි බලමු මේ වැඩේවත් හරියයිද කියලා (නි)

:       0       0

සමාධි Thursday, 30 June 2016 12:53 PM

කොපමණ කාලයකටද?(හේ)

:       0       0

ජයම්පති Tuesday, 28 June 2016 09:35 AM

විල්පත්තුවත් මීට අදාල වියයුතුයි. (ර)

:       0       0

සංජීව Tuesday, 28 June 2016 09:59 AM

දැන් විල්පත්තුව ගැන කාටවත් ගානක් නැහැනේ. ඉස්සරවෙලා ඒ ගැන හොයලා බලමු. (ර)

:       0       0

අයිරාංගනී Tuesday, 28 June 2016 09:15 PM

ඔය ගැයුම් වැයුම් අපිට නුපුරුදු දේවල්යෑ? (නි)

:       0       0

අමරා Tuesday, 28 June 2016 10:18 AM

විල්පත්තුව වගේම සංවර්දනය මුවාවෙන් කැපූ ඒවත් මීට අදාල විය යුතුය.(හේ)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 10:33 AM

අලි ඇතුන් පරසරයේ කොටසක් වනවා සේම ජාතිය සතු වස්තුවකි. අලි හොරුන් දැනට තිබෙන නීති රීතිවලින් රිංගන එක වහන්නත් මොනවා හරි කෙරෙන්න ඕන. (ර)

:       0       0

ප්‍රියාන් Wednesday, 29 June 2016 02:51 AM

අවිධිමත් ලෙස වැලි ගොඩදාන ඒවා එහෙමත් මේකට අයිතියි නේද? එතකොට ඒවා නවත්වන්නේ කවදාද? (නි)

:       0       0

සුදේශ් Friday, 01 July 2016 07:09 AM

විල්පත්තුවත් මේකට අයිතියි නේද? (නි)

:       0       0

සන්ද්‍යා Friday, 01 July 2016 07:05 AM

විල්පත්තුව අමතක කරන්න එපා (නි)

:       0       0

ලලිත් Tuesday, 28 June 2016 11:20 AM

එතකොට විල්පත්තුව පරිසරයට අයිති නැද්ද? (නි)

:       0       0

බන්දුල Tuesday, 28 June 2016 11:35 AM

අදත් තිබුන ඇමතිකෙනෙක් මිනිසුන්ගේ ඉඩම් බලෙන් අරගෙන අලිමංකඩ ඒ වෙනුවට වනාන්තරයක් කපල ගෙවල් හදන්න අක්කර ගණනාවක් දේශපාලන බලය මතු කරනවා කියල මේවත් ඔබතුමා සැලකිලිමත් වන්න ගරු ජනාධිපතිතුමනි. (බ)

:       0       0

මහේෂ් Tuesday, 28 June 2016 12:09 PM

කටින්නම් බතල කොළ හිටවනවා. විල්පත්තුව වැනසුවට නඩුදාළ නැවත එම ප්‍රදේශ වල කැලේ වවන්නකෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 179 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 293 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 409 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1044 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1380 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site