IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කැලෑ පාළුවන් සොයන්න ඩ්‍රෝනා යානා

(සුජිත් හේවාජූලිගේ)

ගණ වනාන්තර මැද හොර රහසේ  කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා  ඩ්‍රෝන යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙයට අමතරව නිරීක්ෂණ ගුවන් යානා කීපයක් ද මේ කටයුතු සඳහා යොදවා ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් ගණ වනාන්තර මැද හොර රහසේ සිදු කෙරෙන දැව ජාවාරම් අල්ලාගෙන එම ජාවාරම්කරුවන්  සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලිස්පතිවරයාට  පසුගිය දා උපදෙස් දී ඇති අතර ඉහත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඒ අනුවය.

වනාන්තර මැද සිදු කෙරෙන දැව හෙළීම් පිළිබඳව යුද හමුදාව ප්‍රධාන ත්‍රිවිද හමුදා නිලධාරීන් විසින් සොයාගනු ලැබීමෙන් පසුව පොලිසිය සමග ඒකාබද්ධවී ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
 



අදහස් (7)

කැලෑ පාළුවන් සොයන්න ඩ්‍රෝනා යානා

mihira Monday, 12 April 2021 12:12 PM

යටින් කපන්න දීලා උඩින් ගිහින් බලනවා.. මොන විහිළුද මේ? දෙයියනේ හිනාකාලා මැරෙනවා.

:       8       28

Pradeep Monday, 12 April 2021 12:17 PM

ඩ්‍රෝන තාක්ෂණය නැතුව වුණත් කැලෑ පාලුවන් අල්ලන්න පුලුවන්... හැබැයි ඒකට පක්ෂ, පාට, හිතවත්කම් වලින් තොර දඬුවම් දීමේ ක්‍රම වේදයක් ඕනෑ. එහෙම නැතුව උදැල්ලට මිටක් කපන්න ගිය අහිංසක මිනිහාට දඬුවම් දීලා අක්කර ගණන් කැලේ කපන හිතවතුන්ට ආධාර අනුබල දෙන මේ ක්‍රමය නැති කරන්න බෑ.

:       4       39

පුරවැසියා Monday, 12 April 2021 12:40 PM

මේ තරම් කැලෑ විනාශ කරිලා බැකෝ යන්ත්‍ර ආදි උපකරණත් හමුවෙලා එක්කෙනෙකුටවත් නීතිය ක්‍රියාත්මක කරේ නෑ. අඩු තරමින් උපකරණවත් රාජසන්තක කළේ නැහැ. දැන් ඩ්‍රෝන කැමරා යොදවන්න යනවා... නිකම් විහිළු සපයනවා. මේ සියල්ලෙන්ම රටේ සම්පත්, මුදල් විනාශ වෙලා.. රටට ගිය කලක්..!!! 

:       7       28

mohomed Monday, 12 April 2021 12:56 PM

ඕක මැදමූලන කාල්ටන් නිවස උඩ සෝදිසියට දැම්මා නම් හරි. ඔතන තමයි කැලය කපන අය එකතුවන තැන..

:       10       36

C.K.Lankaputhra. Monday, 12 April 2021 01:36 PM

එතකොට අර කැලෑ කපලා දියපහරවල් අවහිර කරලා බඩ ඉරිඟු කෙහෙල් හිටවලා... ඒ මදිවට හෝටල් හදන්න පරිසරය විනාශ කරපු අයට ඔය ඩ්‍රෝන එකෙන් බලලා දඬුවම් කරනවද සර්...?

:       0       0

Nihal Monday, 12 April 2021 03:03 PM

ඩ්‍රෝන කැමරා ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව කාටද?

:       0       0

Kumara Tuesday, 13 April 2021 04:46 PM

දැන්වත් අපිට සුද්දාට යටත් වෙන්න තියනවා නම් කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 256 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 420 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 215 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1133 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 312 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 659 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 880 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site