ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියයි.
“ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් දෛනිකව ත්‍රී රෝද රථ හා කුලී වාහන සේවා භාවිතා කරනවා. නමුත් නිතරම ලැබෙන පැමිණල්ලක් තමයි බොහෝ රථවලින් අය කළ යුතු මුදලට වඩා වැඩි මුදලක් අයකරන බව. මේ ගැන අපේ අමාත්‍යාංශය අවධානය යොමු කර සැළැස්මක් සකස් කළා. 2017 වර්ෂයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ඇතුළු සියළුම කුලී වාහන සඳහා නිශ්චිත මුදලක් අය කිරීම සඳහා මීටර සවිකිරීමට
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ කාර්යය සිදුකරගෙන යනවා.“ යැයි ද ඔහු කීවේය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුලී රියට මීටරය නැතුව බැරි වෙයි
තිලක් Thursday, 11 August 2016 11:06 AM
ඉතාම හොද තීරණයක්. (බ)
රණවීර Thursday, 11 August 2016 03:10 PM
ලබන අවුරුද්ද වෙනකම් ඉන්න එපා.දැන්ම ක්‍රියාත්මක කරන්න.මීටර් එකක් හයි කරන්න අවුරුද්දක් බලා ඉන්න ඕනද?(හේ)
ප්‍රනාන්දු Thursday, 11 August 2016 03:59 PM
ඒක නම් බොහොම හොඳ අදහසක් (නි)
යසන්ත Thursday, 11 August 2016 11:56 AM
ඉතාමත් හොඳයි (නි)
ආසිරි Thursday, 11 August 2016 11:50 AM
මේක නම් හොඳම වැඩක් ත්‍රීරෝද වල අසාධාරණ අයකිරීම් වලට (නි)
වික්‍රම Thursday, 11 August 2016 04:08 PM
මීටරයක් සවි කළා කියලත් වැඩක් වෙන්නේ නෑ.(ෆහ්)
පරාක්‍රම Thursday, 11 August 2016 04:06 PM
මේක සාර්ථක වැඩක් නෙමෙයි.(හේ)
ද සිල්වා Thursday, 11 August 2016 04:58 PM
ලෝකයේ තිබෙන බොහෝ රටවල කුලී රථවල මීටර් ඇත. මෙය ලංකාවෙත් ක්‍රියාත්මක කළයුතුය. රියදුරෝ හිතුන හිතුන මුදල් අය කරති. මෙවැනි නීති පැනවීමේදී කිය කියා ඉන්නේ නැතුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන කෙළින්ම නීතිය පනවන්න (නි)
සුමිත් Thursday, 11 August 2016 08:48 AM
ඒකනම් හොඳ දෙයක් මම ළඟදි අනුරාධපුරේ ගිය ශ්‍රී මහ බෝධිය වඳින්න. හරිම අසාධාරණ ගණන් අයකරන්නේ ත්‍රීවීල් වල දුම්රියපළ ළඟ ඉන්න අය ගිනි ගණන් අය කරලා අහිංසක බැතිමතුන් ගසා කන එක වළක්වන්න (බ)
කමනි Thursday, 11 August 2016 08:50 AM
මීටරයක් විතරක් නෙවෙයි. සි්යලු දෙනාගේ ජීවිත අනතුරේ දමමින් මාර්ග අනතුරු අධික ප්‍රමාණයකට දායක වන මොවුන්ට රියැදුරු බලපත්‍රය ලබා දීමේදී සහ ඉන් පසුව ශික්ෂණයක් ඇතිව රිය පැදවීම අනිවාර්ය වන පරිදි ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දැඩි නිර්ණායක පනවන්න. (බ)
නුවන් Thursday, 11 August 2016 08:51 AM
කව්රු හරි මීටර් ගෙන්වන්න ලෑස්ති වෙලා වගේ! (බ)
සුරංග ප්‍රදීප් පෙරේරා Thursday, 11 August 2016 01:19 PM
ඉතා හොඳ ක්‍රියාවක්. එහෙත් ඔවුන්ගේ නවතම උපක්‍රමය වන්නේ ආධුනික රියදුරන් වශයෙන් රඟපා දුර වැඩි පාරවල් වලින් ගෙන ගොස් ගාන කැපීමේ ක්‍රම වේදයි..(හේ)
කරුණාපාල Thursday, 11 August 2016 10:48 AM
ඉතාම හොඳ තීරණයක්. මේ රට තුල විනයක් සහිත ජනතාවක් බිහිකරන්න නම්, රටේ පොදු ජනතාවට හිතකර නීති රීති සම්පාදනය කොට ඒවා වහාම ක්‍රියාත්මක කල යුතුයි.(හේ)