IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කැලෑ වැදුණු ගොඩනැගිලි හොයන්න මැතිසභා කමිටුව රට පීරයි

(සුජිත් හේවාජුලිගේ  සහ  ලංකාපුර හෙන්රි ලයනල්)

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් ඉදිකර කිසිදු ප්‍රයෝජනයකට නොගෙන  කැලෑ වැදී ඇති වටිනා ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති හෙයින්  ඒ   සම්බන්ධයෙන් තෝම්බුවක් සකස් කිරීමට කටයුතු කරගෙන යන බව  පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති  ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා  පැවසීය.

අනතුරුව එම ගොඩනැගිලි සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව  පැවසූ මන්ත්‍රීවරයා රට පුරා එවැනි ගොඩනැගිලි අදාළ ප්‍රදේශවලට වරින් වර ගොස්   නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

මේ අතර  කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑ වැදී ඇති  පොළොන්නරුව  නව නගරයේ  මහල් පහකින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට පරිසර, ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරැම  මහතා ඇතුළු එහි නිලධාරීහු කණ්ඩායමක් පෙරේදා (4) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙම ව්‍යාපෘතියට වැයකර ඇතැයි පැවසෙන මුදල රුපියල් කෝටි 150කි.

අද එම ගොඩනැගිල්ල වවුලන් ලගින ස්ථානයක් බවට පත්ව ඇතැයි පවසන එම කාරක සභාව ගොඩනැගිල්ල වහාම ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැති මෙම හමුවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී  කාර්යාලය  නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහුද   සහභාගීවූහ.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ  ඉතා ඉක්මනින් රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීමට දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා  වහාම ක්‍රියාත්මක වන ලෙසට ආංශික කමිටු සභාපතිවරයා  උපදෙස් දුන්නේය.

මෙම කාර්යාලීය  සංකීර්ණයට අදාළ නිල නිවාස පමණක්  භාවිත කර ඇතත් රාජ්‍ය ආයතන පිහිටුවීමට උනන්දුවී නැතැයි කමිටුව කළ විමර්ශනවලදී හෙළිවී ඇත.



අදහස් (6)

කැලෑ වැදුණු ගොඩනැගිලි හොයන්න මැතිසභා කමිටුව රට පීරයි

PATTA hora Friday, 05 July 2024 05:21 PM

යකෝ මුන් පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙන්නේ ගිය මාසේ වගේ කතාව. පිනා එක්ක අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ ලැග්ගද මුන් . පුතානෝ එක්ක මුන් ගහපු ගැහිලි අදාලම නෑ වගේ. අර පිනා කතා කරන්නේත් 2022 ජූලි වල දේශපාලනයට ආවා වගේ. එකතුවෙලා රටේ ජනයාගේ ධනය හොරකම් කරලා , දැන් ඒ හොරකම් හොයනවලු.

:       5       20

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 06:11 PM

පොලොන්නරුවේ කාර්යාලය ගොඩනැගිල්ල හදන්න ආරම්භ කෙරුවේ මොවුන් 2015 දී ආණ්ඩු කරන කාලයේදී. කිසිම සැලැස්මක් හෝ අරමුණක් නැතිව රට රවටන්න හා කොමිස් ගහන්න කරන ව්‍යාපෘති නිසා රටට වන හානිවලට වග කියන්න ඕනෑ එවුන්ම නැවත ඒවා ගැන හොයා බලන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. ඒවා සියල්ලම ඊළඟ ආණ්ඩුව විසින් අරළු බුරුළු ඇතුව හොයා බලයි...

:       0       14

Ariyathilaka Friday, 05 July 2024 07:22 PM

ඉතාමත් ම වටිනා කළයුතුම කටයුත්තක්.. මෙවැනි වැඩ පිළිවලක අවශ්‍යතාවය දකින ලද හා ක්‍රියාත්මක කරන සෑම පිළිබඳව සතුටට කාරණයක්....!

:       5       7

Lalla Friday, 05 July 2024 10:03 PM

අජිත් සර්ට බැරිද අර ගම්පහ ඔරුතොට පාරේ බැසිල් ලොක්ක හදවපු කාර්යාල සංකීර්ණය වැඩකට යොදවන්න. දන්න විදියට ඒක පෞද්ගලික ඉඩමක හදවල නඩුවක් තිබුණා වගේ මතකයි. ඒ සංකීර්ණය රජයට පවරාගෙන සංවර්ධන හෝ සම්මන්ත්‍රණ කටයුතුවලට කැප කරන්න බැරිද?

:       0       0

Malan Saturday, 06 July 2024 09:32 AM

ප්‍රයිවට් කම්පැනි වලට දීලා කෑලැ වෙච්චි තේ වතු ගොඩාක් තියෙනවා. ඒ ගැනත් අදාල විෂය භාර නිලධාරින් හොයලා බලන්න...

:       0       0

Rata Perata Saturday, 06 July 2024 12:47 PM

ඕකට කැලෑ පීරන්න ඕනෑ නෑ. හම්බන්තොට ගිහින් බලන්න. ගුවන් තොටුපළ, වරාය, සම්මන්ත්‍රණ ශාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා. චීනෙන් ණය අරගෙන පිස්සු කරපු පවුලක් හිටියා කියලා මතක නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 195 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 592 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 299 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 650 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1217 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 521 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37634 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24810 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 717 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site