IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි

ශ්‍රීපාද සමනල රක‍ෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රක‍ෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා රුපියල් හාරලක‍ෂ අසූපන්දහසක දඩ නියම කර, බරපතළ වැඩ සහිත මාස හයක සිර දඩුවම් නියම කර එම සිර දඩුවම දෙවසරකට අත්හිටැවීය.

දඩ නොගෙවන්නේ නම්  වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම විය.  වැරදිකරු වූයේ ගිනිගත්හේන අඹතලාව ඇල්ල උඩ නිශාන්ත කණ්ඩම්බි නම් පුද්ගලයකුය.

වන සත්ව හා වෘක‍ෂලතා ආඥාපනත අනුව ශ්‍රීපාද සමනල ස්වභාව රක‍ෂිතයේ ස්ථාන භාර නිලධාරී චමත් ලක‍ෂමන් පෙරේරා විසින් චෝදනා අටක් මත මෙම නඩු`වේ පැමිණිල්ල  ගොනුකර තිබිණි.

දිවාසැරි හූනන් අල්ලාගැනීම  වනසත්ව හා වෘක‍ෂලතා ආඥා පනත මගින් ආරක‍ෂිත    ස්නෙමස්පිස් විද්‍යාත්මක නාමය හඳුන්වන කුඩා ප්‍රමාණයේ හූනන් විශේෂය අල්ලාගැනීම, අරක‍ෂිත  සත්ව විශේෂයන් වන ලංකාස්කිනියුස් විද්‍යාත්මක නාමය සහිත කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලාග, වනසත්ව හා වෘක‍ෂලතා ආරක‍ෂණ ආඥා පනත මගින් රක‍ෂිත ඉටරොපිස් නම් විද්‍යාත්මක නාමයෙන් යුත් කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලා ගැනීම ද,  හඳුනා නොගත් උරග වර්ග විශේෂවල සත්වයන්ගේ ශරීර කොටස් ළග තබාගැනීමට ද ඔහු වැරදිකරු විය.

 මහ කැලෑ හූනකු , හිකනලූන් වර්ග දෙකක් සහ දිවා සැරි හූනන් හතර දෙනකු තවත් පර්යේෂණ භාණ්ඩද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමජිකයෙකු බව පවසමින් කණඩායම් පරයේෂණ සහායකයෙකු ලෙස සමනල ස්වභාව රක‍ෂිතයට පිවිසි සැකකරු පිළිබඳව එම සංගමය සාමජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශය ආචාර්ය මාධව මීගහකුඹුර මහතාගෙන් කළ විමසුමක් සිදුකළ බව සමනල රක‍ෂිතයේ ස්ථානභාර නිලධාරී චමත් ලක‍ෂමන් පෙරේරා අධිකරණයේදී කියාසිටියේය” 



අදහස් (0)

කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි

අරුණ Saturday, 11 January 2014 01:03 PM

අපේ රටේ අගය ,වටිනාකම , ඉතිහාසය, ප්‍රෟඩත්වය ,සියලු පුරවැසියන් ගේ ඇට මිදුලුවලට සම්බන්දවීමකින් තොරව මේ ගැටලුවට විසදුම් සෙවීම අතිශය දුෂ්කරය. දහම් පාසැල, පාසැල තුලින් මේවා ඉවත්වීමව තුල කෙසේ ජාතික අන්නයතාවයක් ගොඩ නගන්නද? ඈත අතීතයේ අපේ මුතුන් මීත්තෝ ගහ ,කොළ, සතා සීපාවට ඇලට දොලට වන වදුලට , බැස යන දිය කඩිත්තට මොනවට ආදරේ කලාද ? අනේ මගේ සුන්දර ලංකාවට වු වියෝව. පින් ඇති වගකිවයුත්තෝ සිතන්න. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි . මේ සම්පත අපේ මතු පරපුරට. අපි මේ බුක්ති වින්දේ අපේ පැරැන්නෝ දිවි හිමියෙන් අරක්ෂා කල අපේ උරුමය බව මොහොතක් සිතන්න . කරුණාකර සම්පුර්ණ පුවතම පල කරන්න.(නදී)

:       0       0

චින්තක 2 Friday, 10 January 2014 10:01 PM

කැලෑවෙන් අලි පැටියෙක් අල්ලාගෙන ආව නම් කරදරයක් නැතුව ඉන්න තිබුණා. (දිල්)

:       0       0

විරා රත්න Saturday, 11 January 2014 01:00 AM

මේ සත්තු ආරක්ෂා කරන්න මිට වඩා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි (දී)

:       0       0

එදිරිසිංහ Saturday, 11 January 2014 01:17 AM

අපේ දේ අපි රැක ගන්න අපි දැන ගන්න ඕනේ (දී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 11 January 2014 06:22 AM

කාලයක සිට ලංකාවට ආවේනික සත්ව හා ශාඛ පිළිබඳව වෙනත් රටවල සංවිධාන උනන්දුවක් දක්වනවා. නමුත් ඒක ලංකාවේ හොඳක ට නොවේ. ජෛව විවිධත්වය හා පාරිසරික සමතුලිතය තුල ශ්‍රී ලංකාවේ ඉපැරණි සංස්කෘතිය හා මිනිසුන්ගේ දෛනික ක්‍රියා කාරිත්වයන් පදනම් වී තිබුන නිසා මෙසේ රහසින් එකතු කර ගන්න දත්ත අනුසාරයෙන් මේ රටට ආශීර්වාදයක් උන බොහෝ දේවල් විනාශ කර දැමීමට මොවුන්ට හැකියාව තියෙනවා. මුදලට ඕනෙම දෙයක් කරන්න ඉදරිපත් වෙන මිනිස්සු ඉන්න රටක මේ කටයුත්ත බොහොම ලෙහෙසියෙන් කරගන්න පුළුවන් (දී)

:       0       0

සිරිල් Saturday, 11 January 2014 07:04 AM

මේ සිද්ධියේදී ඇත්තටම මොනවා වුනාද දන්නේ නැහැ හරියටම. මට ඇහුණු විදියට පිට රට ඉන්න ලාංකික විද්‍යාඥයෙක් ගෑවිලා තියෙනවා සිද්ධියට. එක්කෝ මොහුව නොමග යවලා ඒ විද්‍යාඥයා විසින්, එහෙම නැතිනම් ඒ විද්‍යාඥයාගේ නම යොදා ගෙන වෙනත් කෙනෙක් වෙනුවෙන් වැඩ කලා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අන්තර්ජාතික සම්බන්ධතා තියෙන්න ඕනි මෙහෙම දේකට. කොහොම වුනත්, මේ රටේ ඉන්න , අපි ආරක්ෂා කර ගන්න ඕනි, වැරදි මාර්ගයට ගිහින් නම් හරි මාර්ගයට ගන්න ඕනි, එන්න දෙන්න ඕනි මට්ටමේ තරුණ උරග විශේෂඥයෙක්. ලංකාවේ ඔනීම් උරගයෙක් හඳුනා ගන්න, සංරක්ෂණය කරන්න උදවු ගන්න පුළුවන් කෙනෙක්. (දිල්)

:       0       0

සත්‍යයා Saturday, 11 January 2014 10:00 PM

අරුණ ඔබගේ අදහස් ඇට මස් මිදුළු හරහා ගිය විකිරණයක් සේ සිතට කා වැදුනා. තව තවත් මේ වගේ අදහස් ලියා අඩු වශයෙන් ලංකාදීපය කියවන උගත් බුද්ධිමත් ජනතාව වත් විඥාණික වශයෙන් සන්නද්ධ කරන්න. අපි සැවොම හෙට දිනය පිළිබඳව සර්ව සුභවාදී වෙමු.(නදී)

:       0       0

විරාජ් ඒකානයක Saturday, 11 January 2014 09:24 AM

මේක ජාවාරමක්. මේ දිනවල මේ ප්‍රදේශයේ කැලේ හුනන් සහ කිරි ඉබ්බන් ජාවාරමක් ක්‍රියාත් මක වනවා ඉබ්බෙක් ලක්ෂ දහයකට ගන්නවා. මේ සිදුවිමත් ඒ ජවාරමේම කොටසක් වන්න පුළුවන් කරුණාකර වගකිවයුතු අය මේ පිලිබඳ අවධානයෙන් සිටින්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 78 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1106 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1819 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 798 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 531 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site