IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කෝලි (128*) - රයිනා (58*) ඉන්දීය පිලට ජය ගෙනෙති

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (31‍) පැවැති සිවුවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඉන්දියාව කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය. ඉන්දියාව ලකුණු 252 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 42.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ලකුණු 109 කට කඩුලූ 4 ක් දැවී සිටි ඉන්දීය ඉනිමට දැවැන්ත ශක්තියක් එකතු කරමින් විරාට් කෝලි සහ සුරේෂ් රයිනා පස්වැනි කඩුල්ල ස`දහා ලකුණු 146 ක නොබි`දුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැුගෙන ආහ. විරාට් කෝලි පන්දු 119 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 128 ක් රැස් කළේය. සුරේෂ් රයිනා පන්දු 51 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 58 ලබා ගත්තේය. ශ‍්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 8 ට 251 (උපුල් තරංග 51, තිලකරත්න ඩිල්ෂාන් 42, ළහිරු තිරිමාන්න 47, දිනේෂ් චන්දිමාල් 28, ඇන්ජලෝ මැතිව්ස් 14, ජීවන් මෙන්ඩිස් 17, රංගන හේරත් නොදැවී 17, ලසිත් මාලිංග නොදැවී 15, මනෝජ් තිවාරි 61/4) ඉන්දියාව  ඕවර 42.2 කදී කඩුලූ 4 ට 255 (විරේන්ද්‍ර සෙවැග් 34, විරාට් කෝලි නොදැවී 128, මනෝජ් තිවාරි 21, සුරේෂ් රයිනා නොදැවී 58)



අදහස් (0)

කෝලි (128*) - රයිනා (58*) ඉන්දීය පිලට ජය ගෙනෙති

ශෂිකා Wednesday, 01 August 2012 04:37 PM

අපේ කට්ටිය හොදයි සෙල්ලමට බෝල් දාන්න. (නි)

:       0       0

මධු Tuesday, 31 July 2012 11:36 PM

විස්තර විචාරකයන් කුමාර ධර්මසේන ගැන කිවුව දේවල් ඇහුණා නේද? (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 11:38 PM

අපේ කණ්ඩායම හිතන් හිටියද දන්නේ නැහැ මේක ටෙස්ට් මැච් එකක් කියලා. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 31 July 2012 11:40 PM

මදි මදි හොදටෝම මදි. (නි)

:       0       0

නවීන් Tuesday, 31 July 2012 11:40 PM

මාලිංග තරංග වෙනුවෙන් අලුත් අය ගන්න (දී)

:       0       0

කනිෂ්ක Tuesday, 31 July 2012 11:47 PM

ඕන කමින් ගැහුවේ නැද්ද මන්දා (දී)

:       0       0

ධම්මික Tuesday, 31 July 2012 11:49 PM

මාලිංගට ගැහුවානේ (දී)

:       0       0

අයේෂ් Tuesday, 31 July 2012 11:51 PM

කමක් නැහැ හොද තරගයක් (දී)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 11:51 PM

කතා කරන්න එපා. බැලුවටත් ණයයි (දී)

:       0       0

ලක්මාල් Wednesday, 01 August 2012 12:43 AM

සල්ලිවලට යටවෙලාවත්ද මෙහෙම වුණේ...!! (නි)

:       0       0

රජිනි Wednesday, 01 August 2012 06:32 PM

අපි ඉන්දියා ගමනෙන් ජය ගනීවි. (නි)

:       0       0

සනත් Wednesday, 01 August 2012 02:01 AM

මම මොකටද වචන නාස්ති කරගන්නේ එයාල බෝල නස්තිකල වගේමේ ගැන අදහස් දක්වන්නත් ණයයි !!(නු)

:       0       0

ඉදුනිල් Wednesday, 01 August 2012 07:20 AM

කෝලි එහෙම ගහන්නේ ඉතිං අපිට විතරනේ. (නි)

:       0       0

ඉදුනිල් Wednesday, 01 August 2012 07:18 AM

ලංකාව වෙන ඕනෑම කෟණඩායමකට පැරදුණාට අපිට කමක් නැහැ. ඒත් ඉවසන්න බැරි මේ ඉන්දියන් පිළට පැරදෙන එකයි. (නි)

:       0       0

ධනු Wednesday, 01 August 2012 08:04 AM

නැහැ. කෝලි, රයිනා සහ ධර්මසේන ඉන්දියා පිළට ජය ගෙනේ. (නි)

:       0       0

ජූඩ් Wednesday, 01 August 2012 08:17 AM

සංගා නැතුව මොන ක්‍රිකට්ද? (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 01 August 2012 08:58 AM

සංගා, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. (නි)

:       0       0

චූලා Wednesday, 01 August 2012 09:26 AM

ධර්මසේනගේ උනන්දුව වැඩි වුණ නිසයි මෙහෙම වුණේ. (නි)

:       0       0

චතුරංග Wednesday, 01 August 2012 10:20 AM

මහේල ඇතුළු ලංකා කණ්ඩායමට අ‍පගේ බලවත් කණගාටුව! (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 01 August 2012 10:53 AM

ධර්මසේනගේ තීරණ ගැන අපට සෑහිමකට පත් වෙන්න බැහැ. ඉන් තරගය හුගක් වෙනස් වුණා. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 01 August 2012 12:02 PM

ධර්මසේන අයි.පී.එල්. එකට යන්නවද්ද හදන්නේ? (නි)

:       0       0

ජයනාත් Wednesday, 01 August 2012 12:04 PM

උනන්දුවා මොකද කළේ? (නි)

:       0       0

සුසන්ත Wednesday, 01 August 2012 12:14 PM

ධර්මසේන අයි.පී.පී. යන්න දැන්ම ඉදන්ම උත්සාහ කරනවා වගෙයි. (නි)

:       0       0

නිශා Wednesday, 01 August 2012 12:28 PM

පාලක මණ්ඩලයක් සමග මේ අයගේ නිරන්තර ගැටුම් ඇති බව ආරංචියි. (නි)

:       0       0

නිශා Wednesday, 01 August 2012 12:28 PM

පාලක මණ්ඩලයත් සමග ඇති ගැටුම් වලට අපේ රටම පළි නෑනේ. (නි)

:       0       0

අකිල Wednesday, 01 August 2012 01:25 PM

ධර්මසේන අපේ පිළේ කෙනෙක් නෙමෙයිද? (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 01 August 2012 01:26 PM

අපේ රටට ඇවිල්ලා අපටම ගහලා යනවා. මොනවා කරන්නද ඉතිං??? (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 01 August 2012 01:30 PM

තරගය වෙනස් කළේ අපේ මහේල. (නි)

:       0       0

වසන්ත Wednesday, 01 August 2012 01:33 PM

අපේ අය වුවමනාවට වැඩිය අවංකකම පෙන්නන්න යනවනේ. ධර්මසේනටත් වුණේ ඒකමයි. (නි)

:       0       0

නිපුණ Thursday, 02 August 2012 04:12 PM

කට්ටිය හරියට කතා කරන්නේ අපේ අය හැම තරගයක්ම පැරදුනා වගේනේ. (නි)

:       0       0

කොගානි Wednesday, 01 August 2012 02:20 PM

අපේ කට්ටිය එල්ලේ ගහන්නවත් සුදුසුද මන්දා. (නි)

:       0       0

සිසිර Wednesday, 01 August 2012 03:15 PM

මොනවා කියන්නද අනේ, ඉල්ලගෙන කෑවා නොකියා. (නි)

:       0       0

ඉන්දු Wednesday, 01 August 2012 04:12 PM

මහේලයි ධර්මසේනයි තමයි අපිව පැරැද්දුවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 37 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 106 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 92 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 73 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 293 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 62 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site