IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කාවිංගයි, ආක්ෂායි හාද වෙලා යන ගමන..

කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්නේ ඔහුගේ සැබෑම පෙම්වතිය වීම ඊට හේතුවයි. ආක්ෂා සුදාරි කියන ඇය ගැන බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තෙ ස්වර්ණවාහිනිය නිසයි. ස්වර්ණවාහිනි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් නාට්‍ය සමග කලා ක්ෂේත‍්‍රයට ආ ආක්ෂා ගැන අපට වඩා දැන් නම් කතා කරන්නෙ දමිළ සිනමාව හෙවත් කොලිවුඩයේ අයයි. ඇය කොලිවුඞ් සිනමාවට පිවිස සිටීම ඊට හේතුවයි. ඉතින් අද අපි මේ පේ‍්‍රමාන්විත යුවල සමග පිළිසඳරකට එක්වුණා.

කාවිංග නිළියොත් එක්ක රඟපානකොට මට ඊර්ෂ්‍යා හිතෙනවා - ආක්ෂා-

  කාවිංග ඔබ ගැන මේ දිනවල වැඩිපුර කතාබහ වන්නෙ? සේපාලිකා නාට්‍යයේ පැතුම් සහ පියවි (අකලංක), දම්සාරි (විසල්) යන චරිත සහ රූපවාහිනී නිවේදන කටයුතු නිසා කියලා කියන්න පුළුවනි. මීට අමතරව මේ දිනවල වැහිලිහිණි සහ සතුරු මිතුරු, සඳුපමා යන නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා.   ආක්ෂා ඔබ ගැන කොහොමද කියන්න පුළුවන්? මා ගැන කතා කළොත්, ස්වර්ණවාහිනිය නිසා තමයි මා ගැන වැඩිදෙනා හඳුනා ගත්තෙ. එහි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් කියන නාට්‍ය වෙතින් තමයි ක්ෂේත‍්‍රයට ආවේ.   කාවිංග ඔබ ක්ෂේත‍්‍රයට ආවෙත් නාලිකාවක් හරහා නේද? අනිවාර්යයෙන්ම ඔව්. ජනක රාමනායක මහතා තමයි මැක්ස් ටී.වී. හරහා මාව ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන්නෙ. චමුදිත සමරවික‍්‍රම, ධනුක රාමනායක සහ කෝසල පීරිස්, ශක්ති හෙට්ටිආරච්චි මෙන්ම මහින්ද රාමනායක මහත්වරු තමයි මාව ක්ෂේත‍්‍රයට ගෙනාවෙ. පසුව සන්ධ්‍යා මෙන්ඩිස්, තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්න නිසා මට පුංචි තිරයට එන්න අවකාශය ලැබුණා. ඒ ආ ගමන තමයි මේ.   ආක්ෂා අද ලංකාවේ අයට වඩා ඔබ ගැන කතා වෙන්නෙ දමිළ සිනමාවේ අය නේද? ඇත්තටම කුඩා කාලයේ මට ඉන්දියාවේ ගත කිරීමට ඉඩ කඩ ලැබුණා. නමුත් පසුව ඉන්දීය සිනමාවේ දායකත්වය ලැබේවි කියලා නම් හිතුවෙ නැහැ. ෆ්‍රෙන්ඞ්ස් නාට්‍යය රූගත කළේ ඉන්දියාවේ. එහිදී එහි සිටින අධ්‍යක්ෂවරයකු නිසා දමිළ සිනමාවේ දොර විවර වුණා කිව්වොත් හරි. ඇත්තටම මේ සියල්ලට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ ස්වර්ණවාහිනියටයි. දමිළ සිනමාවේ විශාල මුදලක් වැය කොට තනන චිත‍්‍රපටයක විශේෂිත ගීතමය ජවනිකා පෙළක් සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා. එය විශේෂිත අවස්ථාවක්. ඒ එක්කම දමිළ සිනමාවේ සහ ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධව මම බොහෝ දේ කරාවි.   කාවිංග ඔබ රඟපෑම සහ නිවේදනය කියන දේ අහම්බයකින් තෝරාගත් දෙයක්ද? නැතිනම් අරමුණක් ඇතිව ආ ගමනක්ද? ඇත්තටම මගේ හීනය වුනේ ගුවන් නියමුවකු වීමයි. ඒ හීනය තවමත් මගේ හිතේ තියෙනවා. පාසැල් ජීවිතයෙන් පසුව වැඩිදුර හදාරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවරයකුවීමේ අරමුණ තිබුණේ. ඒත් අම්මා අප්පච්චි ඒ කාලයේ ඒකට කැමති වුණේ නැහැ.   ආක්ෂා ඔබගේ අරමුණ වුනේ? ඇත්තටම මගේ ප‍්‍රධාන අරමුණ මොන දේ කළත් හොඳ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටයි.   කාවිංග සමහරු ඔබ දිහා බලන්නෙ තරමක් සැර පරුෂ චරිතයක් ලෙස නේද? මුලින්ම මාව දකිද්දී එහෙම වුනාට, දන්නා අය දන්නවා මම එහෙම නැහැ කියලා.

 

ආක්ෂා රඟපාන්න ඉන්දියා ගියාට මට තහංචි දාන්න බෑ -කාවිංග-

  ආක්ෂා ඔබට කොහොමද කාවිංග ගැන හිතෙන්නෙ? ඇත්තටම එයා හරි අහිංසක චරිතයක්. නිහතමානී චරිතයක්. ඒත් ඒ වුනාට ඒ අහිංසකකම ඇතුළෙ බොහෝ දේ තියෙනවා (හිනා)   කාවිංග මේ ඔබගෙ අවංක ආදරයද? ඊට පෙර පෙම්වතියන් ඉඳලා නැද්ද? අවංකව ආදරය කරලා තියෙනවා. පැරදිලත් තියෙනවා. නමුත් පෙම්වතියන් මාරු කරලා නැහැ. දැන් තමයි මට හරිම පෙම්වතිය ලැබිලා තියෙන්නෙ. ආක්ෂා මට බොහෝ දේ වටහලා දෙනවා. බොහෝ දේ ගැන කියා දෙනවා.   ආක්ෂා ඔබට ආදරය ගැන ඇති අත්දැකීම් මොන වගේද? පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ. කාවිංග අහිංසක විදියට ඇවිත් මගේ හිත දිනා ගත්තා.   කාවිංග ඔබගෙ පෙම්වතිය ආක්ෂා ඉන්දියාවේ ගිහින් රඟපානවට කැමතිද? චූටි දුකක් තියෙනවා. ඒත් ඇය කරන්නෙ වෘත්තියක්. ඒ නිසා මට තහංචි දාන්න බැහැ. මම අදහන ආගම, දහම, දෙවියන් වගේම ඇය ගැනත් විශ්වාසය තිබෙනවා. ඇයත් මාව තේරුම් අරන් බව මගේ හැඟීමයි.   ආක්ෂා, කාවිංගට රංගනයේදී විවිධ නිළියන් එක්ක රඟපාන්න සිද්ධ වෙනවා. ඔබ ඒකට කැමතිද? ම්ම්.....ම්.... ඇත්තටම මට වෙලාවකට ඊර්ෂ්‍යා හිතෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. සමහර වෙලාවට ඒ නිසා අපි පුංචි පුංචි රණ්ඩු කරගෙනත් තියෙනවා. ආදරයේ හැටි එහෙම තමයි.   වත්මන් තරුණ පරපුර ගැන කාවිංග ඔබ කොහොමද හිතන්නෙ? වත්මන් නව පරපුරට කරන්න දෙයක් තියෙනවද? මම පුද්ගලිකව හිතන විදියට රඟපෑම හෝ නිෂ්පාදනය කියන්නෙ දෙබස් මතකයේ තබාගෙන කැමරාව ඉදරියේ පෙනී සිටින දෙයක් නොවෙයි.  ඕනෑම දෙයක් හරියට කළොත්,  ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වේවි. ඒ හැරත් සියල්ල බදාගෙන කළ යුතු නැහැ. එවිට අසාර්ථක වෙන්න පුළුවනි. තමුන්ට කළ හැකි දේ වටහාගෙන කළොත් අනාගතය පැහැදිලියි.   ආක්ෂා ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ? ඇත්තටම රඟපෑම කියන්නෙ මොහොතින් මොහොත ඉගෙන ගන්න, හදාරන්න තියෙන දෙයක්. ඒ හැදෑරීම ජීවිතයටත් ආලෝකයක්. රංගනය එතරම්ම සංකීර්ණ විෂයයක්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

කාවිංගයි, ආක්ෂායි හාද වෙලා යන ගමන..

ගාමිණීරත්න Monday, 03 December 2012 11:07 PM

මේ අය රගපෑම් ගැන දන්නෙ නැති නිසාද හොදින් දන්න පෞද්ගලික දේවල් ගැන අනුන්ට කියන්නේ..!(නු)

:       0       0

ඉන්දිකා සූරියබණ්ඩාර Tuesday, 27 November 2012 01:46 PM

අන්න හොදයි..!(නු)

:       0       0

සනත් Saturday, 24 November 2012 12:11 AM

කවුද මේ දෙන්නා (ස)

:       0       0

දිසානායක Friday, 30 November 2012 09:32 PM

නියමයි සුභපැතුම් (දී)

:       0       0

දිනක්ෂි Friday, 30 November 2012 09:26 PM

දැං කාලෙ අලුතෙන් මතුවෙන නළු නිලියෝ රගපාන්නත් ඉස්සර තමන්ගේ පෟද්ගලික ජීවිතය නිර්ලැජ්ජිතව ලෝකෙට පේනවා..!(නු)

:       0       0

ගලහිටියාව Thursday, 22 November 2012 07:00 PM

පුවතේ ඇති හැටියට නම් මේ දෙන්නා පෙම්වතුන්. ඒත් ඉතිං අපිට මො‍කෝ? ඇත්තටම මේ දෙන්නා කවුද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 04 December 2012 04:16 AM

සේපාලිකා ඔබට නොගැලපෙන චරිතයක් රගපාන්නේ.. ඉතාමත් අතාත්විකයි..!(නු)

:       0       0

චාමරී Wednesday, 12 December 2012 05:54 AM

ලැජ්ජා නැතුව කියන හැටි විතරක්... (නි)

:       0       0

ඉන්දිරා Tuesday, 27 November 2012 03:07 PM

සුභපතනවා මම

:       0       0

නිමල් Tuesday, 27 November 2012 03:11 PM

අනේ මන්දා

:       0       0

අසංක අබෙසිංහ Sunday, 02 December 2012 10:59 AM

ඔබ දෙපලට සුභ පතනවා...වාසනාවන්ත අනාගතයකට දෙදනාගේම රංගනය විශිෂ්ඨයි .(ස)

:       0       0

සේනක Tuesday, 27 November 2012 04:39 AM

මේ දෙන්නා රගපාන්නෙ ඉන්දියාවෙ නම් අපි කොහොමද එයාලව දන්නේ? (නි)

:       0       0

සංජය Thursday, 22 November 2012 02:09 PM

සේපාලිකා ටෙලි නාට්‍යෙය් ඔබේ රගපාන්නෙ නම් ඉතාමත් දුෂ්කර වූ චරිතයක්.. එම දුෂ්කර වූ රංගනය අවිනිශ්චිත ආදරයක් බලාපොරොත්තුවෙන් නිර්ව්‍යාජ මනසකින් පීඩා විදින චරිතයක්.. ඔබ තාත්විකව ඉටු කරනවා.. මෙහි ඔබ රගපාන ආකාරය දුටු විට නිධානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සිහියට එනවා.. මෙවන් සුවිශේෂී වූ රංගන කෞෂල්‍යයක් හිමි ඔබට අපේ සුභ පැතුම්...!(නු)

:       0       0

හේවගේ Thursday, 22 November 2012 02:18 PM

මේ අය මොන චිත්‍රපටියෙද රඟපෑවේ (ස)

:       0       0

ලාල් Thursday, 22 November 2012 02:19 PM

හ්ම්.............කවුද මේ දෙන්නා (ස)

:       0       0

පනාගොඩ Wednesday, 21 November 2012 02:27 PM

ඇත්තටම මේ තරම් වැදගත් යැයි කියනා මේ අය කවුරුන්ද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 23 November 2012 11:52 AM

මේ දෙන්නා යම් ජාත්‍යන්තර ඇගයීමකට ලක්වෙලාද? මෙතරම් දේවල් පළ කරන්නෙ... මේ අය රගපාන එක චරිතයක නමක් වත් ලියලා නැහැ ඉතිං කවුද මේ ළමයි..?(නු)

:       0       0

ගිම්හානි Tuesday, 27 November 2012 03:47 PM

අතිශය පෞද්ගලික දේවල් පවා ලොවට හඩගා කියන මොවුන් කවුද? (නි)

:       0       0

අජිත් Tuesday, 04 December 2012 07:50 AM

සමහර නිලියෝ පහු වෙනකොට කියන දෙයක් තමයි මහත්තයා සලකන්නේ නෑ කියන එක..මේ අහිංසක කොල්ලට එහෙම කියන්නේ නෑ නේද ආක්ෂා (ස)

:       0       0

රොෂාන් Thursday, 22 November 2012 09:02 PM

මේ වගේ නව පරපුරේ අය තමයි ඉතින් අද ටීවී වල වුණත් ජනප්‍රිය. (නි)

:       0       0

ලෙස්ලි Thursday, 22 November 2012 02:39 PM

පිටුවක්ම තිබුණට කවුද මේ අය කියලා මටනම් වැටහෙන්නේ නෑ (ස)

:       0       0

ගයාන් Thursday, 29 November 2012 10:21 AM

සුබ පැතුම් (ස)

:       0       0

ජයශංඛ Friday, 23 November 2012 05:52 PM

මේ දෙන්නා ජාතික වශයෙන් ඇගයීමකට ලක්වූ දෙන්නෙක්ද? (නි)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 06:29 AM

අනේ ඉතිං අපිට මොකෝ... (නි)

:       0       0

ශේරෙරා Saturday, 15 December 2012 01:16 PM

ඔබට සුභ ගමනක් (දී)

:       0       0

සරසි Sunday, 16 December 2012 02:35 PM

ඔබ හරිම සාර්ථක නලුවෙක්. ඒත් සේපාලිකා නාට්‍යයේ චරිතය ඔබට නොගැළපෙන බවයි මගේ නම් හැගිම වෙන්නේ. (නි)

:       0       0

ජන්තු Monday, 26 November 2012 02:16 PM

මෙතන ඉන්න ගොඩක් අය ගොඩ කාලෙකින් යාවත්කාලීන වෙලා නෑ..(ස)

:       0       0

සිරිමලී උයන්ගොඩ Tuesday, 11 December 2012 02:52 PM

කියවනකොට පෙනෙනවා අලුත් නළු නිලියෝ මොනතරම් බුද්ධිමත්ද කියලා.. මේ අය රගපාන චිත1පටය කුමක්ද?(නු)

:       0       0

වාලුකා Wednesday, 05 December 2012 01:55 PM

මේ දෙන්නා ගැලපෙන්නේ නැහැ.. පිරිමි ලමයාට හොද අහිංසක තැන්පත් හොරබොරු නැති කාන්තාවක්.. (නු)

:       0       0

ධම්මික Tuesday, 20 November 2012 06:49 AM

ලස්සන ජෝඩුවක්, සුභ පැතුම්! (නි)

:       0       0

චමත් Monday, 03 December 2012 11:23 AM

මොනවද මේ කියන්නෙ(දී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 23 November 2012 06:26 PM

මම හිතන්නේ පෞද්ගලික දේවල් පත්තරයකට කියලා ඡායාරූප තත්තරේක දාගන්නවට වඩා හොදයි දක්ෂකම් පෙන්නලා පුවත් පත් තමන් ළගට ආවාම ඒ හරහා සමාජයට පණිවිඩයක් දෙන එක.. මේ අය නළු නිලියොද කවුද?(නු)

:       0       0

ජෙරම් Thursday, 29 November 2012 04:30 PM

ජනප්‍රිය වෙන්නත් කලිින් පෞද්ගලික ජීවිතය ගැන ඔක්කොම කියනවා.. මේ නළුවන් නාට්‍යවල විතරමද ඉන්නෙ..!(නු)

:       0       0

කුෂී Tuesday, 20 November 2012 01:24 PM

කවුද මේ වරුණ??? .. සුබ පැතුම් කාවිංග (ස)

:       0       0

පාලිත Thursday, 22 November 2012 10:23 PM

මොකක්ද මේකෙන් කියන්න හදන්නේ? (නි)

:       0       0

අමාර් Sunday, 09 December 2012 04:35 PM

කවුද මේ දෙන්නා..!(නු)

:       0       0

ශ්‍රිමානි Thursday, 29 November 2012 04:34 PM

සේපාලිකා.. ඔයා ලියලා තියෙන්නේ සේපාලිකා ටෙලිනාට්‍යෙය් ගයාන් වික්‍රමතිලක රගපාන පහන් ගේ චරිතය..!(නු)

:       0       0

කණිෂ්ක Thursday, 22 November 2012 10:39 PM

මෙයාලා රගපෑවේ ‍මොන චිත්‍රපටියේද? (නි)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 21 November 2012 03:38 PM

මේ වගේ හැකියාව තියෙන මේ තරුණ යුවලට මමත් හදවතින්ම සුභ පතනවා..... මේ..., ඔය කුහක කමේන් දාල තියෙන අයටයි මේ කියන්නෙ....., " සාර්ථක කලාකරුවන්ට නිගා කරන්න එපා. මේයාලව අධර්‍ය කරන්න එපා...!" (ස)

:       0       0

හිරන් Thursday, 22 November 2012 11:01 PM

මේ ලිපිය කියෙව්වා.. ඇයි ඔය දෙන්නාගේ පෞද්ගලික දේවල් අපිට කියන්නේ? මානසික වෛද්‍යවරයකුට කියන්න අවශ්‍යම නම්..!(නු)

:       0       0

ජයසිරි Tuesday, 27 November 2012 05:40 PM

නියමයි..නියමයි.. සුභපතනවා දෙන්නාටම (දී)

:       0       0

හිරාන් Thursday, 22 November 2012 11:01 PM

මේ දෙන්නා කවුද? (නි)

:       0       0

සුමිලා Friday, 07 December 2012 03:49 AM

අලුත් නලු නිලියෝ අපූරු ආදර්ශ දෙනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 08:36 AM

අපිනම් මේ දෙන්නා දන්නෙවත් නෑ (ස)

:       0       0

චින්තක Wednesday, 05 December 2012 02:25 PM

සම්මුඛ සාකච්ඡාවකට දුර්ලභ අවස්ථාවක් හිමි වුණහම මේවද කියන්නේ (ස)

:       0       0

සෑම් Saturday, 08 December 2012 11:12 AM

කව්ද මේ? අපිට මොකටද අනුන්ගෙ දේවල්.... (ස)

:       0       0

තනුෂ්ක,අමාලි Tuesday, 20 November 2012 09:19 AM

උණුසුම් සුභ පැතුම් අපි දෙන්නාගෙන්ම (ස)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 09:27 AM

කවුද මේ ?? ලංකාවේ ඉන්න අයද ?(ස)

:       0       0

දුමින්ද Monday, 19 November 2012 07:28 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

චමිල් Tuesday, 20 November 2012 02:05 PM

අපි බොක්කෙන්ම සුබ පතනවා. අපි ඔයාගේ යළුවෝ (ස)

:       0       0

නිරේෂ් Friday, 23 November 2012 08:45 PM

‍මේ දෙන්නා ටෙලි නලුවොද? චිත්‍රපට නලුවොද? (නි)

:       0       0

උජිත් Tuesday, 20 November 2012 02:11 PM

කවුද මේ....? ලංකාවේ රඟපාන අයද ?? (ස)

:       0       0

පංකජ Wednesday, 21 November 2012 11:43 PM

කවුද මේ අය? (නි)

:       0       0

අජිත් Sunday, 16 December 2012 07:51 AM

කේන්දර දෙක එවුවොත් ගැළපෙනවද කියලා බලලා කියන්නම්. (නි)

:       0       0

ප්‍රියන්ති Tuesday, 20 November 2012 10:14 AM

සුබ පැතුම් කාවිංග !!!!!!!!!!. (ස)

:       0       0

ජයන්ත Monday, 10 December 2012 02:37 AM

කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙලා හිටියා කියන උජාරුව විතරක්? (නි)

:       0       0

සෙනෙරත් Saturday, 01 December 2012 03:41 PM

මේ අය නළුවොද ඇත්තටම ?? (ස)

:       0       0

සුරාම් Saturday, 24 November 2012 01:32 PM

මේ අලුත් නළුවෝ දෙන්නෙක් (ස)

:       0       0

පිටිගල Monday, 19 November 2012 07:59 PM

කවුද මේ අය? (නි)

:       0       0

වාසල Saturday, 24 November 2012 01:57 PM

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි..!(නු)

:       0       0

මිලාන් Sunday, 25 November 2012 07:31 AM

කවුද මේ දෙන්නා? (නි)

:       0       0

සමීර Monday, 19 November 2012 08:25 PM

දෙන්නාට දෙන්නා හොදින් තේරුම් ගත් යුවලක් (ස)

:       0       0

සුජිත් Tuesday, 04 December 2012 10:37 PM

මේ අලුත් නළු නිළියෝ මොනවා කියවනවද දන්නේ නෑ (ස)

:       0       0

ජෝසප් Tuesday, 27 November 2012 07:59 PM

නියමයි ....නියමයි .... ඔහොම යං (දී)

:       0       0

රොෂාන් Wednesday, 21 November 2012 01:12 PM

වරුණ ඔයා අවුරුදු 7 කින් විතර රූපවාහිනිය නැරඹුවේ නැද්ද (ස)

:       0       0

කුසල් Thursday, 29 November 2012 03:13 AM

කවුද මේ? (නි)

:       0       0

ගයාන් Monday, 03 December 2012 10:41 PM

මේ නළුවන්ට පෙම් පළහිලව් කිහිපයක් තිබෙනවාලු.. ඒක සාමාන්‍ය දෙයක් වගේ අනිත් අයට කියනවා.. අපූරු නළුවො...!(නු)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 09:26 AM

මම සුභපතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 105 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 217 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 262 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 195 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 137 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 345 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39442 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25706 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site