IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කුවේට් ගොස් වකුගඩුවත් අහිමි වෙයි

කුවේට් හි රැකියාව කරමින් සිට රෝගාතුරවී මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණි තිදරු මවකගේ (41) වකුගඩුවක් ඉවත් කරගෙන ඇතැයි බුලත්සිංහල මිල්ලකන්ද අක්කර පනහ පදිංචි ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර ඇත.

ඇගේ වකුගඩුවක් නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු පැවසූ බව ඔහු පොලිසියට කියා ඇත.

සැමියා සහන පියසේ ආධාරයෙන් ඇය ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ ඇති අතර ස්නායු ද අක්‍රියවීම හේතුවෙන් ඇගේ ජීවිතාරක්ෂාව සඳහා පාද දෙකද ඉවත් කර ඇත.

FormatFactoryDSC00224 FormatFactoryDSC00225 FormatFactoryDSC00226 kuwait-(23) kuwait-(24) vlcsnap-2016-09-09-18h47m53s47



අදහස් (0)

කුවේට් ගොස් වකුගඩුවත් අහිමි වෙයි

ධම්ම Sunday, 11 September 2016 02:38 AM

සමන්තිලා ගැන හොයනවා වෙන්න පුළුවන්. ඒත් තිලක්ෂිකාගේ වකුගඩුවත් ගළවනතුරු එතුමලා මොකද කළේ? (නි)

:       0       0

සරත් Friday, 09 September 2016 02:21 PM

අනේ තලතා මහත්මියනි තව කෙල්ලෝ ටිකක් පටවමුද අරාබියට ? (අ)

:       0       0

කමලානි Sunday, 11 September 2016 02:43 AM

නලින්ගේ යෝජනාව ඉතා හොඳයි. අපේ රටේ කාන්තාවන්ගේ සේවය ලබාගන්නවා නම් ඒ අය ගැන හාම්පුතුන්/ඒජන්සිකරුවන් වගකිව යුතුයි. එහෙම කරන්න බැරි නම් අපේ කාන්තාවන් නොයැවිය යුතුයි. (නි)

:       0       0

තරිඳු Sunday, 11 September 2016 02:37 AM

රන්ජන් රාමනායක මහතාගේ හෙළිදරව්ව වැඩසටහන් සාකච්ඡාව බැලියයුතුම එකක් (නි)

:       0       0

සජී Saturday, 10 September 2016 07:26 AM

චතුරි හොයනවා ඇති මේ කාන්තාව රට ගියේ මහින්දගේ කාලෙද ඊටපස්සෙද කියලා (නි)

:       0       0

සමන්ති Sunday, 11 September 2016 02:47 AM

ධම්ම, ඒක අහන්න ඕනෑ අපේ දුක්විදින සල්ලි විලන් පඩි ගන්න, වෙනත් වරප්‍රසාද ගන්න සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු විසදිම හා සම්බන්ධවම පිහිටුවා ඇති කාර්යාංශයෙන් මිස වෙන අයවලුන්ගෙන් නොවෙයි. (නි)

:       0       0

කාන්ති Sunday, 11 September 2016 02:48 AM

නලින්ගේ යෝජනාව ඉතා හොඳයි (නි)

:       0       0

නිමල් Sunday, 11 September 2016 02:49 AM

වකුගඩුවක් ගළවනතුරුම විදේශ කටයුතු සම්බන්ධ අමාත්‍යාංශ/කාර්යාංශ/ඒජන්සිකරුවන් මොකද කළේ? (නි)

:       0       0

රංජන් Friday, 09 September 2016 02:42 PM

අපේ රටේ සිටින සීමිත කොටසකට පමණක් විදේශීය විනිමයෙන් සැප වාහන ඇතුළු අනිකුත් රජ සැප විදින්න ලංකවෙන පිටරට යන අයට මේ දක්වා රජය මගින් කර ඇති සේවය කුමක් ද?(බ)

:       0       0

චන්දන Saturday, 10 September 2016 07:33 AM

පාලකයන්ට මේ වගේ පොඩි මිනිසුන්ට වෙන අපරාධ බලන්න වෙලාවක් නැහැ. අර මහින්ද පස්සේ එළවන්න තියනවනේ (නි)

:       0       0

හසන්ත Sunday, 11 September 2016 02:45 AM

විදෙස්ගත වෙන්න කලින් සල්ලි අරන් පුහුණුවක් කියලා එකක් දෙනවා. රක්ෂණයක් කියලා එ්කටත් සල්ලි ගන්නවා. නමුත් ප්‍රශ්නයක් වුණාම කවුරුත් නැහැ. (නි)

:       0       0

සුදේශ් Friday, 09 September 2016 02:38 PM

කොන්ද පණ නැත්ද අපේ රජයට රටේ පුරවැසියන්ව මේ පාපතර රටවල්වල ඉන්න යක්සයන්ගෙන් ගලවගන්න? (බ)

:       0       0

පහන් Saturday, 10 September 2016 07:52 AM

පිටිබද්දර ජයා, රට යන කෙනාද වැරදි, ඒ සම්පත් රටේ රඳවාගන්න බැරි රජයද? අනික කෝ පිරිමින්ට රට රස්සා? (නි)

:       0       0

ෆ්‍රෙඩී Sunday, 11 September 2016 02:52 AM

වකුගඩුවක් ගළවනතුරු අරයා මොකද කළේ මෙයා මොකද කළේ කියන එක නෙමෙයි ගැටළුව. මෙවැනි ප්‍රශ්න ඇති නොවිමට හා ඇති වුණොත් සේවකයාට උපරිම සාධාරණයක් වනලෙස නීතිරීති සකසා තිබිය යුතුයි. එය කළයුත්තේ රාජතාන්ත්‍රික මට්ටමෙන්. ඒ නීති අද වෙනකම් හදලා තිබිලා නැහැ. දැන් හදමින් පවතිනවා කියලා අපි හිතනවා. (නි)

:       0       0

කමල් Sunday, 11 September 2016 02:55 AM

ධම්ම කොතරම් පටු විදියටද ප්‍රශ්නයක් දිහා බලන්නේ? හරිම කණගාටුයි (නි)

:       0       0

කෝනාර Sunday, 11 September 2016 03:05 AM

රක්ෂණයක් කියන්නේ එකම අවදානම ඇති අයගෙන් කල්තියා මුදල් එකතුකර ආයෝජනය කර ඉන් අනතුරකට පත්වෙන අයට එයින් උදව් කිරිමක්. හැමෝම අනතුරු වලට ලක්නොවන නිසා ලක්වන කිහිප දෙනාට ඉන් සෑහෙන දෙයක් කළහැකියි, හරියට කරනවා නම්. (නි)

:       0       0

උදාර Sunday, 11 September 2016 03:34 AM

“හාම්පුතාගෙ හිතේ තියෙන දේ අපි දන්නෙ නැහැ. ප්‍රශ්නයක් ආවට පස්සෙලු විසදන්න පුළුවන්“ කියලා එක් නිලධාරියෙක් කලකට පෙර කියනවා මම දැක්කා. රටවල නීතිරීති ගැන, පෙර සුදානම් වීම ගැන කිසිම දෙයක් දන්නේ නැති බවයි තේරුනේ. (නි)

:       0       0

රජින්ද Friday, 09 September 2016 03:13 PM

නම්බුවක් නැති ජාතියක ඉපදීම සහා අඳබාල පාලකයින් නිසා නිහඬවම වැනසෙන රටක විලාපය අසනු මැනවි..!! (බ)

:       0       0

චන්න බුවනක Sunday, 11 September 2016 01:27 PM

තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කර මෙම විදේශවල් වලට යන ශ්‍රමය නතර කර ගත්තනම් කොච්චර හොඳද. මේතාක් කල් ඒ වැඩේ කරන්න පුළුවන් වුනු එකම නායකයා ප්‍රේමදාස මහත්තයා විතරයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 September 2016 03:38 PM

බිරිඳ රට යවල බිරිඳගෙන් යැපෙන කොන්ද පණ නැති පිරිමින් ඉන්න කාලකන්නි සමාජෙක ඉපදීමේ පාපයට වන්දි ගෙවන නුඹ වන් ගැහැණු ගැන කණගාටු වෙනවා හැර කුමක් කරන්නද ? මහපොළොව එක්ක ඔට්ටුවෙලා හරි තමන්ගේ දරු පවුල වෙනුවෙන් කළයුතු සියලු යුතුකම් ඉටුකළ අපේ පැරණි වැඩිහිටි පිරිමින් දේවත්වයන් සැලකිය යුතුයි (බ)

:       0       0

ජයන්ත Friday, 09 September 2016 03:44 PM

මුන්ට ඕනේ කොහොම හරි අහිංසක කාන්තාවන් රට යවල ඒ සල්ලි වලින් වැජබෙන්න. දේශපාලුවන්ට හෙණම ගහනවා (බ)

:       0       0

ජයන්ත Friday, 09 September 2016 03:50 PM

පව් අප්පා හරිම දුක හිතෙනවා. පාපකාරී රටක පාපකාරී රජයන් වල පව් ගෙවන්නේ අහිංසක ජනතාව. (අ)

:       0       0

පද්මිණි Friday, 09 September 2016 07:28 PM

මෙහෙම ගෝත්‍රික වනචාරී රටවලට අපේ කාන්තාවෝ පටවන ලෝකෙන් උතුම් රට කියාගන්න අපේ රටේ අයට මඩුවලිගෙන් තලලත් මදි. අනේ, අහිංසක සොයුරියනි, ඔබ වෙනුවෙන් කඳුළක් හෙළනවා හැර වෙනත් යමක් නොකර සිටීම ගැන මේ අපට සමාව දෙන්න. (නි)

:       0       0

යසන්ත Friday, 09 September 2016 09:50 PM

මේ මිනිසුන්ගෙ වකුගඩුයි, කකුලුයි නැහැ. නමුත් මොවුන් එවන විදේශ විනිමයෙන් කාර්යාංශයේ මහා ලොකු ලොක්කෝ සැප වාහන වල යනවා. ලක්ෂ ගණන් පඩි ගන්නවා. ප්‍රශ්න හොයන්නයි කියලා පිටරට ගිහින් එනවා. අද වෙනකම්ම අහිංසක මිනිසුන්ගෙ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගෙන නැහැ. මෙච්චරකල් මොනවද කළේ මෙයාලා? දැන්වත් කරයිද යමක්? (නි)

:       0       0

දේවසිරි Friday, 09 September 2016 09:52 PM

අතපයයි වකුගඩුවයි නැතිවුණාට මොකද රටවිරුවා කියලා නැටෙව්වෙ පහුගිය කාලේ. ඒ මදැයි. අහිංසකයන්ගෙ සල්ලි කොල්ලකාපු අයට නම් හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

ගයන්ත Friday, 09 September 2016 10:02 PM

රට යවන්න කලින් තිස්දහක් විතර අරගෙන නේවාසික පුහුණුවකුත් දුන්නා නේද කාර්යාංශයෙන්? ඒකෙදි අඩුගානේ වකුගඩුව බේරගෙන ඉන්න හැටිවත් කියලා දෙන්නේ නැද්ද? හැමතැනම අහිංසකයින්නව රවටට්නවා විතරයි. නමුත් රට, කාර්යාංශය දුවන්නෙත් මේ මිනිසුන්ගෙ සල්ලි වලින් (නි)

:       0       0

ප්‍රදීප් Friday, 09 September 2016 10:05 PM

රට ගිහින් එයාට තිබුනදේත් නැතිවෙලා. අඩුමගානේ අතපයවත් නැහැ. දැන් එයාව බලාගන්නත් කවුරුහරි ඕනෑ. මේ පවුලට වෙලා තියන පාඩුව මිල කළහැකිද?සොච්චම් වැටුපක් වෙනුවෙන් අපේ රටේ කාන්තාවන් රට රට වල මෙහෙකාරකම් කරමින් විදින අපාදුක නතරවෙන්නේ කවදාද? ලංකාවේම නිවාස වල සේවය කළා නම් මෙහෙම කරදර විඳින්න වෙන්නේ නැහැ (නි)

:       0       0

නිශාන්ත Friday, 09 September 2016 11:12 PM

උඩ ඉන්න දෙවියොම මේ අවනඩු බලාගන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 09 September 2016 11:14 PM

මේ අසරණ අය මෙවන් විපත් සිදුකරගෙන උපයා එවන විදෙස් විනිමය හොරාකන අයට හොඳක් සිදුවේද ඉතින්? (නි)

:       0       0

බර්ටි Friday, 09 September 2016 11:21 PM

අනේ! රටවිරුවොයි කියලා ස්ටාර් තරඟ තියලා සල්ලි කාබාසිනියා කළේ, මැයි දින වලට ලක්ෂ ගණන් වියදම්කළේ මේ වගේ අසරණයින්ගේ සල්ලි නේද? (නි)

:       0       0

ප්‍රියාන් Friday, 09 September 2016 11:23 PM

60% ඡන්දය පාවිච්චි කිරීමට දේශීය සහා විදේශීය දේශපාලන දැනුම අල්ප මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටිනතුරු මෙවන් සිද්ධීන් ඉදිරියටත් සිදුවෙනවා ඇත. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 10 September 2016 10:14 AM

ඉස්සර රන්ජන් රාමනායක මැතිතුමා ගල්ෆ් රටවල දුක්විඳින කාන්තාවන් ගැන හඬක් නැඟුවා. දැන් බලේට අාවාට පස්සේ එතුමාටත් මේ ගැන හොයා බලන්න වෙලාවක් නැතුව ඇති (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 09 September 2016 11:27 PM

මෙතන අදහස් දක්වන චතුරි, අද ඔබ කොහෙද? (නි)

:       0       0

සමන්ත Saturday, 10 September 2016 01:37 AM

හැමදාම තියෙන්නේ එකම ප්‍රශ්න ටික. නමුත් මහා ලොකු නිලධාරින් අපේ සල්ලි වලින් වැටුප්, වාහන, ඉන්ධන, සියළු සැප ගන්න ගමන් අද වෙනකම් මේ ප්‍රහ්න වළක්වා ගන්න විසඳුමක් හොයලා නැහැ. ඒ අය මේ ප්‍රශ්න නැති වෙනවට කැමතිත් නැහැ. ප්‍රශ්න තියෙනකොටනේ ඒවා හොයන්න කියලා රට රටවල යන්න පුළුවන් අපේම සල්ලි වලින්. (නි)

:       0       0

කිත්සිරි Saturday, 10 September 2016 01:39 AM

මේ වගේ රටවලට යන්නේ අධ්‍යාපනය අඩු දිළිුඳු අය නිසා ඒ ගැන කිසිම සැළකිල්ලක් ඒ මිනිසුන්ගෙ දහදියෙන් සැප විදින නිලධාරින්ට නැහැ. මොකක්හරි මහප්‍රාණයක් කියලා ඒ අයටම වරද පටවපු එකයි අද වෙනතුරු කළේ. (නි)

:       0       0

කෝනාර Saturday, 10 September 2016 01:58 AM

ලංකාවේ රු.20000 ටවත් උදව්වට කෙනෙක් හොයාගන්න බැහැ. නමුත් දහදුක් විඳිමින් රු.40000 ට විතර මරුකතරට යනවා. සියළු රජයන් වලිනුත් මෙය වැඩි කරන්න උදව් දෙනවා (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 10 September 2016 02:27 PM

දිසානායක වකුගඩුව ගලවන්නේ සිහිනැතිකරලා සුළු අසනීපෙකට රෝහල් ගතකරලා මේවා කරන්නේ. සල්ලි පොකෙට් එක වගේ කබර්ඩ් එකේ දාලා ලොක්කරන්න බෑ. මම හිතන්නේ ඔයාගෙත් බුද්දිය හොරකම් කරලා වගේ.(අ)

:       0       0

රමණි Saturday, 10 September 2016 02:17 AM

වයස අවුරුදු 41 ක් වුණාට වයසට වඩා වයසට ගිහින්. අනේ පව් මේ අසරණයන්. රට යනවා කියලා යනවා අතේ තියෙන සල්ලි ටිකත් පූජාකරලා. ඒවායින් ප්‍රයෝජන ගන්නේ එ්ජන්සිකාරයොයි, ඒ අයගෙන් කොමිස් ගන්න අයයි. (නි)

:       0       0

දිසානායක Saturday, 10 September 2016 02:19 AM

රට යවන්න කලින් අඩුගානේ අතපය වකුගඩුව බේරගෙන ඉන්න විදිය නේද කියලා දෙන්න ඕනෑ. මොනවද සල්ලිත් අරගෙන පුහුණු කරනවයි කියලා කරලා තියෙන්නේ? (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Saturday, 10 September 2016 03:19 PM

කුවේට් කියන්නේ මැදපෙරදිග තෙල් රටවල් අතර ඉතාම නරක රටක්. දුප්පත් රටවලින් එන කම්කරුවන්ට සළකන්නේ වහලුන්ට වගේ. මේ රටට කම්කරු කාන්තාවන් යැවිම වහා යහපාලන රජයෙන් නතර කළයුතුයි. මේවාට ඉස්සර කෑගහපු රන්ජන් රාමනායක මේවට දැන් සද්දයක් නැහැ වාගේ (නි)

:       0       0

කින් බෙනට් Saturday, 10 September 2016 03:32 PM

තමන්ගෙ වෙලාව නරක නම් කරදර කොහේ හිටියත් හොයාගෙන එනවා. නැත්නම් කරදර තියෙන තැනකට හරි හොයාගෙන යනවා. තමන් වාසනාවන්ත නම් ඒකත් එහෙමයි වෙන්නේ (නි)

:       0       0

අබරන් Sunday, 11 September 2016 07:25 AM

අතීතයේදී තමයි තේ, පොල්, රබර් අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග උනේ. දැන් අපේ ශ්‍රමය විකුනලා තමයි පාලකයෝ රජ කරන්නේ. අපිට පිටරටවලට නොගිහින් හැමෝටම රජවරු වගේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පිට රට ගිය අය තමයි යන්තම් ඉඩමක් අරගෙන යන්තමට ගෙයක් අටවා ගන්නේ. (ර)

:       0       0

ඉෂාන් Saturday, 10 September 2016 04:31 AM

දියුණු රටවල අය තමන්ගෙ වැඩ තමන්ම කරගන්නවා. මොළේ නැති සල්ලි විතරක් ඇති අය වැඩට මිනිස්සු ගන්නවා. අපේ අය ආයතන එහෙම හදලා ඒවාට මිනිස්සු පටවන්න ක්‍රියා කරනවා. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 10 September 2016 05:10 AM

ලස්සන තැනැත්තියක්. අනේ මේ මොකද දෙයියනේ වෙලා තියෙන්නේ.මේකද ජිවිතයේ අනිත්‍ය ස්වභාවය? (නි)

:       0       0

සංජීව Saturday, 10 September 2016 05:21 AM

කුවේට් වල මේ වගේ වැඩ ගොඩක් වෙනවා. නමුත් රටවල් වල විදේශ සේවා නිහඩයි (නි)

:       0       0

ද සිල්වාබෙර්ලින් Tuesday, 13 September 2016 07:56 AM

සෞදියේ දවසකට පැය 16ක් වැඩකරලා ගන්න වැටුපට සමාන වැටුපකට දවසකට පැය 8ක් වැඩකරන මගේ ලංකාවේ තිබෙන හෝටලයේ වැඩට සේවකයන්ට ගෙවුවත් ඔවුන් කැමති පිටරට යන්න. ලංකාවේ ශ්‍රමිකයන්ට ඕනෑ‍තරම් රක්ෂා තිබෙනවා (නි)

:       0       0

සම්පත් Saturday, 10 September 2016 06:10 AM

පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙකුටවත් රටේ ජනතාව ගැන කැක්කුමක් නැහැ. ඔවුන්ට ඕනෑ අහිසංක මිනිස්සු වහල්කමෙන් හොයන විදේශ විනිමයෙන් බඩ පුරවාගන්න. එක අතකට පිරිමින්ගෙත් වැරදි. (නි)

:       0       0

නදීක Saturday, 10 September 2016 11:17 PM

අපිට උදව් කරන්න විස්තර පළකරන්න (නි)

:       0       0

ලලින්ද්‍ර Sunday, 11 September 2016 02:04 AM

කින් බෙනට්, කියන විදියට මොකුත් කරන්න ඕනෑ නැහැ. වෙලාව අනුව තමයි හැමදේම. මෙහෙමත් මොළයක් (නි)

:       0       0

අකලංක Sunday, 11 September 2016 02:12 AM

හෙළිදරව්ව වැඩසටහන බලන්න. ඒකේ හුඟක් දේ හෙළිදරව් කර තිබෙනවා. යූ ටියුබ් එකේ ඇත. (නි)

:       0       0

සපරමාදු Sunday, 11 September 2016 02:07 AM

වෙලාව අනුව හැමදේම වෙනවා නම් නීතිරීති කිසිවක් අවශ්‍ය නොවේ. නමුත් ‘වෙලාව තමයි‘ කියමින් නොසිට වීර්යය අධිෂ්ඨානය වැනි දේවල් කළයුතු බවට පාරමිතා වල පවා ඇත. (නි)

:       0       0

සමන්ති Sunday, 11 September 2016 02:10 AM

රන්ජන් රාමනායක මැතිතුමාට ඇමතිකම තියෙන්නේ විදෙස් කටයුතු නෙමෙයි. නමුත් එතුමා තවමත් විදේශගත අප ගැන හොයලා බලනවා. (නි)

:       0       0

නලීන් Sunday, 11 September 2016 02:12 AM

අපේ කාන්තාවන්ව රට ගිහින් නිකන්ම අතඅරින්නෙ නැතුව මාස 3 ට වරක්වත් හාම්පුතාලට අපේ තානාපති කාර්යාලයට තමන් ළඟ ඉන්න සේවිකාව ගැන වාර්තාවක් සපයන්න කියන්න. එතකොට ඒ අයගේ තත්වය ගැන අප නිරතුරුවම දැනුවත්. කලින් හිටපු නිලධාරින් මේවා කළේ නැහැ. (නි)

:       0       0

රවී Monday, 12 September 2016 06:09 AM

අනේ මන්ද මේ මිලේච්ඡ රටවලට මොකට යනවද මන්ද පඩියත් බොහම අඩුයි යනවා නම් යන්න බටහිර රටවලට ජපානය වගේ රට වලට එහෙ මිනිස්සු ඉතා හොදය පඩිත් හොඳය (බ)

:       0       0

ධම්ම Friday, 09 September 2016 01:51 PM

කකුල් කපලා, ඇඟිලි කපලා, වකුගඩු අයින්කරලා, තව මොනවද කරන්න තියෙන්නේ? මෙච්චර දේවල් වෙනතුරු අපේ ගැලවුම්කාර විදේශ සේවා කාර්යංශයට නොදැන්වුවාවත්ද? (අ)

:       0       0

රූපවති Friday, 09 September 2016 02:02 PM

දෙවිහාමුදුරුවනේ ..??මනුස්ස ජීවිතයක් නේද මේ ..අපේ රටේ පාලකයන්ට වගකිව යුත්තන්ට මේවා පෙනෙන්නේ නැතිද රටේ අසරණ ජනතාවගේ ජීවිත හරියට සතාසීපාවගේ තරමටත් වඩා පහත් තැනට වැටිලා.පව් අසරණ කාන්තාව ..මගේ ඇස්දෙකට කදුළු ගලාගෙන ආව සිදු වෙලා තියෙන අසාධාරණය දැක්කාම..? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 14 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 316 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 193 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 687 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 305 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site