( තිළිණි ද සිල්වා )
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම තානාපති කාර්යාලය කියා සිටී.
එබැවින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බාරගැනීම නතර කිරීමට තීරණය කර ඇතැයිද එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව මෙම අවස්ථාව වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුව ඇති බැවින් මින් ඉදිරියට කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට බාර නොගැනීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මත කුවේට් තානාපති කාර්යාලයේ රැකියා හා සුභ සාධන අංශයේ නිලධාරීන් බහුතරයක් සේවය අවසන් කර නැවත ලංකාවට යැවීමට කටයුතු කර ඇති බැවින් තම සේවා ස්ථානවල යම් ගැටළුවක් මතු වුවහොත් හාම්පුතාට හොර රහසේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, 25354633 දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙස දන්වමි.
තවද යම් ශ්‍රමිකයෙකු තම හාම්පුතා යටතේ තවදුරටත් සේවය කිරීමට අකමැති නම් හාම්පුතාට ඒ බව දන්වා ඔහු සමඟ රුමතියාහි පිහිටි මිනිස් බල අධිකාරිය යටතේ පවතින “අමාල මනිසිල්” වෙත ගොස් කුවේට් රජය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහන වෙත බාරවීමට කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවේට් හි සිටින ලාංකික ශ්‍රමිකයින්ට දන්නවා සිටී.
එසේ නොකොට සේවා ස්ථානයෙන් බැහැරව පැමිණෙන අයට තම වාසස්ථානයද අහිමි වන අතර නැවතත් තම හාම්පුතාට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයට බාරදීමට සිදුවනු ඇති අතර නැතහොත් තමාට වාසස්ථානයක් සොයා ගැනීමට සිදුවනු ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.
මේ අතර තානාපති කාර්යාල නිලධාරීන් පිරිසකට හා සුරක්ෂා නිවසේ පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා සිට සති තුනක් පුරා වසා තිබූ තානාපති කාර්යාලය හදිසි මහජන සේවා සැපයීම සඳහා පමණක් අද (18) දිනයේ සිට අර්ධ වශයෙන් විවෘත කරන බව ද කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුවේට් සුරක්ෂා නිවහනේ ගෘහ සේවිකාවන් බහුතරයට කොරෝනා
de silva Sunday, 18 October 2020 09:41 AM
මේ කාන්තාවන්ට අතවර ඇතුළු, විවිධ තාඩන පීඩන සිදුවෙනවා. තානාපති කාර්යාල තිබෙන්නේ අතරමන් වූ පුරවැසියන්ට සහාය වෙන්න... මිසක් එක එක නීති පනවන්න නොවේ. බ්‍රැන්ඩික්ස් එකේ වැඩකරන්න ඉන්දියානුවන් ගෙන්වන්න අවසර දුන්නා නම් අපේ පුරවැසියෝ ලංකාවට ගෙන්වන්නේ නැත්තේ මොකද?
Bhawantha Monday, 19 October 2020 02:32 AM
ඒ රටවල් වල ඉන්න ලංකා පුරවැසියන්ගේ සේවා කාලය අවසන් වී ඇති නමුත්.. ඔවුන්ව මෙරටට නොගෙන්වා ඇත්තේ ඔවුන්ගේ මුදල් වක්‍රාකාරව සූරා කෑමේ යටි අරමුණකින්ය. එය එම රට තුළ පවතින රජයේ කූට උපක්‍රමයක් බව තරයේ ප්‍රකාශ කරමි.