IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොවිඩ් අරමුදලෙන් සියයට 84 ක් පොදි බැඳගෙන ඉන්නේ ඇයි


කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.  ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“කොවිඩ් අරමුදලෙන් 16% ක් වියදම් කරලා 84% ක් පොදි බැදගෙන ඉන්නෙ කුමක් වෙනුවෙන්ද? කොවිඩ් අරමුදලේ මිලියන 1640 යි. හැබැයි වියදම 268 යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් සියයට 16% යි”

“කොවිඩ් වසංගත තත්ත්වය විශාල අර්බුදයක් තියෙන අවස්ථාවකත්, විශාල අරමුදලක් සකස්වෙලා තියෙන වෙලාවක්. හැබැයි ‘කොවිඩ් වසංගත මැඩපැවැත්වීම සඳහා වැය කරලා තියෙන්නේ 16% ක වගේ සොච්චම් ප්‍රමාණයක්”

“එහිදී විශේෂයෙන් රෝහලක කෙනෙක් මියගිය හොත්, ඔහුට කොවිඩ් වයිරසය වැළදී ඇති බවට තහවුරු වුණොත් ඒ පවුල්වලට සිරුර දෙන්නේ නෑ. රෝහල විසින්ම එය ආදාහනය කරනු ලබනවා. හැබැයි මොකද කරන්නේ අර පවුලකින් රුපියල් 20,000 ක් ගන්නවා පෙට්ටියක් ගන්න. එක්කො පෙට්ටියක් ගෙනත් දෙන්න කියනාවා. එක්කො රුපියල් 20,000 ක් දෙන්න කියනවා. අසරණභාවයට පත්වෙලා තියෙන අයගෙන් කෙනෙක් මියගියාට පසුව”

“ගොඩක් නිරෝධානය වෙමින් තිබෙන ගෙවල්. සමහර තැන්වල ලොක්ඩවුන්වලට හසුවෙලා තියෙන ගෙවල්වල තමයි මේ මරණය සිදුවෙලා තියෙන්නේ. නමුත් රුපියල් 20,000 ක් ගෙවන්න ඕනෙ මෝචරියට. අඩුම තරම මේ අරමුදලින් මෙන්න මේකවත් කරන්න තමුන්නාන්සේලාට බැරිද?”

“කොවිඩ් අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මතුවී තිබෙනවා. 2020 නවවැනි මාස 30 වැනිදා වන විට කොවිඩ් අරමුල සතුව මිලියන 1640 ක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.”
“ගරු කථානායකතුමනි, එහි වියදම් වාර්තාවක් ලබාදී තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා මිලියන 100 ක් වෙන් කොට තිබෙනවා. හැබැයි වියදම් කරලා තියෙන්නෙ මිලියන 42 යි.

දැනුවත්කිරීමේ වැඩහටන්වලට මිලියන 100 ක් වෙන්කරලා තියෙනවා නමුත් වියදම් කරලා තියෙන්නේ මිලියන 24 යි”

“මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රසායනාගාර පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණයේ රැපිඞ් ටෙස්ට් කිට් එක වැඩි දියුණු කරන්න. මෙලෙස ගත්තම වැය කරන්න සූදානම් කරලා තියෙනවා මිලියන 268 ක්” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.


- 048

 



අදහස් (15)

කොවිඩ් අරමුදලෙන් සියයට 84 ක් පොදි බැඳගෙන ඉන්නේ ඇයි

chandima Monday, 23 November 2020 03:14 PM

බෙහෙත් කම්පැණියකින් මෙයාට ගාණක් දීලා වගේ අරමුදලේ සල්ලි වලින් බෙහෙත් ගෙන්නන්න අවසර අරන් දෙන්න කියලා. මෙයා හදන්නේ ලෝකෙ කොහේවත් විදලා නැති බෙහෙතක් අපේ රටේ විදලා බලන්න කියලා මිනිස්සු උසිගන්වනවා. අන්තිමේ රටේම මිනිස්සු වඳවුණොත් හොඳට තියේවි...

:       167       7

AkilaMonday, 23 November 2020 04:50 PM

එම එන්නත් පරික්ෂා කිරීමට වෙන රටවල් වලින් මිනිස්සු 30දාහ 40දාහ ස්වෙච්ච්වෙන් ඉදිරිපත්වෙලා තිබෙනවා , ලංකාවේ ඔයාල වගේ අය හිතන විදිහට ඒ මිනිස්සුත් හිතුවනම් අද කිසිම වයිරසයකට එන්නතක් නැහැ

:       0       2

බද්රානිMonday, 23 November 2020 05:15 PM

ස්වභාවධර්මයා විසින්ම වඳ කිරීමට නියමිත ජාතිය ආයේ අමුතුවෙන් බෙහෙත් විදලා වඳ කරන්නේ මොකටද? අනික ඔය අරමුදල් තියෙන්නේ, මේ රටේ තක්කඩි පාලකයින්ට රජ සැප විඳින්නයි. ඔය සරල කාරණයවත් නොදන්නා බත් කන හරක් තමයි බොරුවට කුලප්පු වෙලා කෑ ගහන්නේ? ඔය මෘතශරීරයකින් අයකරන 20000 මොනවා කරන්නද? අඩුතරමේ එක මළ මිනියකින් රුපියල් ලක්ෂයක්වත් අයකර ගත යුතු වෙනවා. අන්න එහෙමයි ආඩම්බරකාර ජාතියක් ක්‍රියාකළ යුත්තේ? එතකොට අපි පාස්. කාටද ආඩම්බර?

:       1       1

Chithrananda Tuesday, 24 November 2020 12:32 AM

හරකෙක් වුණාට කමක් නැහැ. උම්බෑ නම් කියන්නෙපා ...

:       0       6

SHNTuesday, 24 November 2020 03:24 AM

හොඳ එන්නත් ඉබේම බිහි වෙන්නේ නෑ. පිටරට මිනිස්සු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා එන්නත් වැඩිදියුණු කරගන්න උදව් කරනවා. මම ඉන්න රටෙත් එහෙමයි. ලංකාවේ අයට ඕනේ ඒ මිනිස්සුන්ගේ පහනෙන් එලිය බලන්න විතරයි.

:       0       8

maheshTuesday, 24 November 2020 03:36 AM

ඒකෙන් පේන්නේ චන්දිමත් කමිෂන් එකක් අරන් තියෙනවා වගේ...

:       1       4

kamalTuesday, 24 November 2020 03:50 AM

මේකට ප්‍රතිචාරයක් දැම්මාම... මට තිබුණු ප්‍රශ්නයකට උත්තරය ලැබුණා. ප්‍රශ්නය තමයි ලක්ෂ 69 කොහෙන් හොයාගත්තද කියලයි.

:       1       7

sharm warnTuesday, 24 November 2020 03:50 AM

ඇත්තටම පිස්සුද? නැතිනම් හැටිද මේ? කොහෙද යන්නේ මල්ලෙ පොල් කතා කියන්නේ... එක්කෝ ඔයත් ඒ අරමුදලින් ගාණක් හොයාගන්න කෙනෙක්. නැතිනම් අන්ධ භක්තියකින් රැළේ දුවන බයියෙක්. අඩුම ගානේ අර මිනීපෙට්ටිවල කතාව වත් කියෙව්වේ නැද්ද? ඔයාගේ ගෙදර කෙනෙක් මැරෙනකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?

:       1       11

chandana Monday, 23 November 2020 05:27 PM

මේ සල්ලි එකපාර වියදම් කරන්න කියලද කියන්නේ? තව කොච්චර කාලයක් මේ වසංගතය පවතීදැයි නොදන්නා තත්වයකදී ප්‍රවේශමෙන් වියදම් කරන එක ඥාණාන්විත ක්‍රියාවකි. හරියටම මේ දිනය වනවිට ලෝකයෙන් කොරෝනා අවසන් වන බව දන්නේ නම් පමණක් එම දිනයට පෙර වියදම් කර මුදල් අවසන් වූවාට නම් කම් නැත. කොරෝනා අවසන් වන දිනය අවිනිශ්චිත වන තරමටම මුදල් වියදම් කර අවසන් වන දිනයද අවිනිශ්චිතයි. කොහොමටත් බොරු හදිසියට වඩා විමසිලිමත් මන්දගාමීත්වය වඩාත් ආරක්ෂාකාරී වේ.

:       2       2

Ashan Monday, 23 November 2020 11:41 PM

chandima, ඔයාගෙ මෝඩ කමට නම් තාම බෙහෙතක් හොයාගෙන නෑ. හරියට කියලා තියෙන දේ තේරුම් ගන්න. හැමදේම දේශපාලනය පැත්තෙන් බලන්න තරම් මෝඩ වෙන්න එපා..

:       0       4

thanuja Tuesday, 24 November 2020 03:40 AM

චමින්ද, ඔයාලගේ සර් තමයි උසාවියට බයේ හිටියේ. මේ මිනිස්සු හොරු නෙමෙයි

:       2       8

sharm warn Tuesday, 24 November 2020 03:58 AM

මේ අරමුදලේ තියෙන්නේ පිටරටින් ලැබුණු ආධාර විතරක් නොවේ. අපේම දුප්පත් මිනිස්සු මාසෙ පඩියෙන් කොටසක් දාලා එකතු වෙච්ච අරමුදලක්... ඒ සල්ලිවලට මොකෝ වෙන්නේ කියලා හොයන්න මුළු රටේම මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මේ රටේ හැම මුදලක්ම ගසාකන පවුලක් ඉන්නකොට මේවා ගැන හොයලා නොලැබුණොත් මේ සල්ලිත් මීට කළින් මේ රටට ආව ආපදා ආධාර වගේ වාෂ්ප වෙන්නේ නැති බව තේරෙන්නේ නැති අයත් ඉන්නවනේ ඉතින්...

:       0       11

AZRAK Tuesday, 24 November 2020 04:32 AM

සුනාමි අරමුදලට වෙච්චි දේ වෙයි.

:       3       15

isurandi Tuesday, 24 November 2020 04:41 AM

මේවා ගැන කවුරුන් හෝ ප්‍රශ්න කරනවා නම් කොච්චර එකක්ද? නැතිනම් අපි මොනවද දන්නේ මේවට පිළිගන්නවද කියලා...?

:       9       89

thanuja Tuesday, 24 November 2020 07:19 AM

ගැසට් එක ගහලා මාසෙකට පස්සෙ කරල පැහෙනකන් ඉන්න කියන ආණ්ඩුවක් මේක. දැන් ඡන්දයක් තියලා බලන්න බයියන්නට මොකද වෙන්නේ කියලා...

:       1       110

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1148 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 902 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 782 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6016 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2205 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 839 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 327 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site