IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති

(ඩබ් ඒ පියතිලක)

පොලොන්නරුව  හිගුරක්ගොඩ අධ්‍යාපන  කලාපයේ  මින්නේරිය ජාතික පාසල  අද (27) දිනයේ ආරම්භ කර  ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මින්නේරිය ජාතික පාසලේ විදුහල්පති කේ රණවිර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ කීය.

සුපුරුදු ලෙස පාසල  අද  දින ආරම්භ කලා. නමුත් වෙනදා මෙන් දරුවන් පාසලට පැමිණ සිටියේ නැ. පාසල ආරම්භ වෙලා  ටික වෙලාවක් ගියා විතරයි දෙමාපියන් පැමිණ තම තමන්ගේ දරුවන් අරන් ගියා. මෙහෙම වෙන්න හේතුව වුනේ අපේ  කලාප කාර් යාලයේ සේවකයෙකු කොව්ඩි 19 ආසාදිතයෙක් හමුවිමත් ඒ වාගේම ඊයේ  දිනයේ කලාප කාර් යාලයට ආව ගිය 80 දෙනෙකු  පී.සී.ආර්. පරික්ෂණයට භාජනය කලා.  මේ විද්‍යාලයේ ගුරුවරුනුත් ඒ කලාප කාර් යාලයට ගියා. ඒ නිසා දෙමාපියන් බය වෙලා  පාසලට පැමිණි දරුවන් ආපසු අරන් ගියා.

කෙසේ නමුත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාප බාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී අධ්‍යක්ෂිකාව මෙසේ පැවසුවාය.

හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුල කිසිදු පාසලක් වහන්න කියලා මා උපදෙස් දිලා නැ. එ වාගේම  උතුරු මැද පළාත් කාර්යාලයෙන්  මාගේ කලාපයේ කිසිදු පාසලක් වහන්න කියලා මට උපදෙස් ලබා දිලාත් නැ. දෙමාපියන් විසින් පාසලට පැමිණ දරුවන් අරන් ගිය බවට මට තොරතුරු ලැබුණා .



අදහස් (2)

කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති

සේන Friday, 27 November 2020 08:43 AM

ඇමතිලාට, උසස් නිලධාරීන්ට ප්‍රශ්නයක් නෑ. එයාලා එන්නේ තනි වාහනේ.... ඉන්නේ තනි කාමරේ. අපි ඉස්කෝල ඇරියා කියලා ලකුණු දාගන්න හදනවා. දරු දුක තියෙන්නේ දෙමාපියන්ට... ඉගෙන ගන්න පුළුවන් කවදා හරි... දරුවන් ආරක්ෂා වෙලා ඉන්න ඕනෑ...

:       18       13

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 November 2020 08:44 AM

අනේ මන්දා මේ පාලන අංශවල මොළේ වැරදි තැනක පිහිටලාද තියෙන්නේ කියලා.රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන සාමාන්‍ය ප්‍රායෝගික බුද්ධිය නැහැ.මහා ලොකුවට ටයි කෝට් දාලා මහා වන්සෙන් කතාව.ඒ උනාට අධ්‍යාපනයේ තිබෙන මුල්ම වචනය වන පාසල යන වචනයද හරියට දන්නේ නැහැ. ඒක නිතර දෙවේලේ තොරතෝංචියක් නැතුව කියන්නෙත් පාසැල කියා වැරදි විදිහට. අඩුම තරමේ ඒකවත් හරියට කියන්න ඉගෙනගන්න. ඒක හෝ නොදන්නා මිනිසුන් රටේ අධ්‍යාපන පරිපාලනය ගැන හරිහැටි දන්නේ කෙසේදැයි විටෙක සැක සංකා මතුවෙනවා. රටකට ගිය කල...

:       18       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 404 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 324 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 722 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5373 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1987 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 774 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 608 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site