(ඩයනා උදයංගනී)
කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවකගේ මරණයක් ඉකුත්දා වාර්තා වූ අතර එය බොහෝ දෙනෙකුගේ හදවත් සසල කළ සිදුවීමක් විය.
එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍ය තරිඳු සී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් ද තිබිණි
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අංශවල ධාරිතාවන් ඉක්මවා ගොස් සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇති බවත් ඔවුන් ඔවුන්ගේ උපරිමය කරමින් සිටින නමුත් ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා නොසිතුවහොත් ඉන්දියාවට වූ දෙය නොබෝ දිනකින් මෙරටට උදාවිය හැකි බවත් ඔහු එහි දක්වා තිබිණි.
මේ එම සටහනයි.
” වේලාව සවස 4.30ට පමණය. කොවිඩ් ඉහළ නිරීක්ෂණ ඒකකය (HDU) එක තුල තවත් කාර්යබහුල වෙලාවකි. මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රෝගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ හෙදියන් පැය ගනනක් ඇඳ සිටි පී.පී.ඊ ඇඳුම් ගලවා පැමිනියා පමනි. රෝගීන් ලියාපදිංචි කරන්නා එක වරම කඩා වැදුනේ ගැබිනි අම්මා කෙනෙකුට ඇඳක් තිබේදැයි විමසමිනි. ඒ වන විටත් අපගේ ඇඳන් හයම රෝගීන්ගෙන් පිරි ඇත.
සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු වෙන්ටිලේටර් හා CPAPයන්ත්රවලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් ලබාදෙමින් ඇත. ඒකකය තුළ වූ සියලුම සිරින්ජර් පොම්ප (Syringe Pump) රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි.
වෙන කල හැක්කක් නැත. තරමක් හෝ ස්ථාවර මට්ටමක සිටි රෝගියා විගසින් වාට්ටුවකට මරු කර ඇඳක් සූදනම් කෙරිණි. සවස 6.30ට පමණ මිනුවන්ගොඩින් මාරුකර එවූ ඇය වයස 45ක පමණ තෙමස් ගැබිණියකි. ඒ ඇගේ පළමු දරුවා වීමද විශේෂත්වයකි.
ඇය ඉහළ නිරීක්ෂණ ඒකකය තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියාය. කඩිනම් වූ අප කාර්ය මණ්ඩලය ඇයව විගස ඇඳකට දමා යන්ත්‍රවලට සවිකරගත්හ. CPAP යන්ත්‍ර සූදානම් විය.
අමාරු වූ හුස්ම අතරින් ඇය බෑගයෙන් දුරකතනය ගෙන ඇමතුමක් ගන්නටද දැගලීය. බෝහොවිට ඒ තමාගේ ස්වාමියාට විය හැක. ඇඳට දමා ගත වූයේ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය නිසල විය. මගේ වෛද්‍ය මිතුරා තප්පර ගන්නකදි පී.පී.ඊ ඇඳුමින් සැරසී ඇය අසලට දිව ගියේ එය හරිහැටි ඇඳගත්තාදැයි යන්න පවා නොබලමිනි. සියලුම හෙදියන් සමග ඔහු ඇයට නැවත හුස්ම ලබාදීමට පටන් ගන්නා අතර තුර මම සියලු විශේෂඥ කණ්ඩායම් කැඳවන්නට පියවර ගත්තෙමි.
විනාඩි 45 පමන අප දන්නා සියලු ශිල්ප යෙදීමු. නමුත් ජිවිතේ අනිත්‍ය බවත්, කොවිඩ් නියුමෝනියාවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටිණි.
මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් සිටී. මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් ආසාදිත ගැබිනි මවකගේ මරණය ගැන වෛද්‍යවරයෙක් තැබූ සංවේදී සටහන
Puppa Friday, 07 May 2021 08:26 AM
මගේ ඇස් දෙක මටම නොදැනී කදුලින් තෙත් විය. අනේ අපට වුනු දෙයක්...
Raveendra Friday, 07 May 2021 09:07 AM
.ඉතාම කනගාටුදායක මෙන්ම අවාසනාවන්ත සිදුවීමකි. ඔබලාගේ කැපවීම අප ඉහලින්ම කරන්නෙමු. එනමුත් ලංකා මාතාවගේ දු දරුවන් වන අප අපගේ යුතුකම් වගකීම් හරි හැටි ඉටු කරන්නේද යන්න ගැටලුවකි.රෝගීවූ සැමට ඉක්මන් සුවය ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි....ලංකාමාතාව මෙම ව්‍යාසනයෙන් ඉක්මනින් මිදේවා.....
විපරමා Friday, 07 May 2021 09:34 AM
හරිම දුකයි. ඇයට නිවන්සුව පතමි. මේ වසන්ගතය අපේ රටෙන් තුරන් වේවා!
Sri Lanka Friday, 07 May 2021 09:44 AM
වෙන ලෙඩක් දැන් හදිලා මැරුණත් වැටෙන්නේ කොරෝනා ගොඩටමයි. ඇයි මීට කළින් ඔය හිත් සංවේදි වුණේ නැත්තේ? කළින් මිනිස්සු කීදෙනෙක් මැරුණාද? ස්ට්‍රයික් කරලා දැන් ඒවා අමතක වුනාද? බොරුවට කොරෝනා අරමුදලින් සල්ලි ගන්න කඩේ යන්න එපා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
ගමේ එකාලා Friday, 07 May 2021 01:47 PM
පහුගිය කාලවල ලෙඩ්ඩු බිල්ලට තියලා කරපු හරිය හොදටම ඇති.
pakeer Friday, 07 May 2021 04:04 PM
ඔය දොස්තරලාට බනින ඔයාලත් ඔහොම තමයි. තමන් වෙනුවෙන් තම අයිතීන් වෙනුවෙන් නුඹලා ඔක්කොම එහෙම කරනවා. ඒත් මේ මනුස්සයා මේ සිදුවීම ලියලා තියෙන්නේ.. ඒ වෙලාවේ ඒ මනුස්සයාට දැනිච්ච දේ. ප්රශ්නය තියෙන්නේ ඔතන නොවේ. ප්රශ්නය කාලකණ්ණි දේශපාලකයින්ට ඕවා නොදැනෙන එක. එයාලට ඕන් එයාලගේ ගොඩ ලොකුකරගන්න. එච්චරයි.
ජේ.ඒ.පී.සී.කුමාර Saturday, 08 May 2021 03:49 PM
ඔබලා වෛද්‍යවරු නොව මිහිබට දෙවිවරු ය. සුව අසරණ ජීවිත රුදුරු මරුවාගෙන් බේරා ගැනීමට වැර වීරිය දරන සුව සේවාවේ ඔබ සැමට අපගේ උත්තමාචාරය. ඔබ සැමට තෙරුවන් සරණයි.