IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවක්

(සුජිත් හේවාජුලි‍ගේ )

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනකට ඇතුළත් කෙරෙන කොවිඩ්  ආසාදිත දරුවන් සංඛ්‍යාව 2ත් 3ත් දක්වා පහළ බැස ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

එම රෝහලට කොවිඩ්  තුන්වැනි රැල්ල ආරම්භවීමත් සමඟ  කොවිඩ්  ආසාදිත දරුවන්   25ත්  30ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් කෙරිණ.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ්  ආසාදන දරුවන් සංඛ්‍යාවද 30ක් දක්වා පහළ බැස ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කොවිඩ්  තුන්වෙනි රැල්ල  ආරම්භවීමෙන් පසු    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එකවර ප්‍රතිකාර ලැබූ කොවිඩ්  ආසාදිත දරුවන් සංඛ්‍යාව 200  කට ආසන්නය.

බරපතළ තත්වයේ සිටි දරුවෝ පිරිසක්ද ඒ අතර වූහ.

කොවිඩ්  තෙවැනි රැල්ල  අවසානයට  ළඟාවීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ්  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව මෙලෙස පහළ බසින්නට  ඇතැයි විශ්වාස කළ හැකි බවත්  එන්නත්කරණ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මකවීමද  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව  පහළ බැසීමට  තවත් ප්‍රධාන හේතුවක් වන්නට ඇති බවත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

විවිධ ආබාධවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් එන්නත  ලබාදීමේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කෙරෙන බවත්  ආබාධිත දරුවන් 1600කට අද (1) වනවිට එන්නත ලබාදී තිබූ බවත්  හෙතෙම පැවසුවේය.

මේ අතර කොවිඩ්  තෙවැනි රැල්ල අවසානය කරා ළඟාවී  ඇතත් දරුවන් සෞඛ්‍යාරක්ෂිතව  දිගටම රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂක පුරුදු   පුහුණු කිරීම  වැදගත් බව  එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.



අදහස් (0)

කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1791 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 367 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 778 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4707 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 613 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3552 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site