IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


“කොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්න’’

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර වයස 60 ට වැඩි පුද්ගලයන් සහ විවිඩ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන් ඉක්මනින්ම රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලෙස ජනපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(27)පෙරවරුවේ පැවති පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

යම් කරුණක් හේතුවෙන් කොවිඩ් මරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙකු වේ නම් දෙවෙනි මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

කොවිඩ් ආසාදිතයකු නොවන සහ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන නිවෙසක පුද්ගලයකු මිය ගිය හොත් ඔහුගේ අවසන් කටයුතු පැය විසි හතරකදී කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මෙම කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණ.

දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

කොරෝනා පාලනය සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට ඉදිරියේදීද නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ අතර ජාතික ආර්ථිකයද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට සතොස මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා ආරම්භ වූ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට රජයේ සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගීන් වැළකී සිටීමේ වගකීම මහ ජනතාවට පැවරෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අමාත්‍යවරුන්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 



අදහස් (14)

“කොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්න’’

Kumara Friday, 27 August 2021 06:28 PM

එන්නත් ඉල්ලලා මිනිස්සු පොරකනවා. ඒ අයට දෙන්නැතිව මොනවද මේ මනුස්සයා කියන්නේ...?

:       6       49

මසිරිපාලFriday, 27 August 2021 07:01 PM

සහතික ඇත්ත සුදර්ශණී ඇමතිණිය කියනවා එන්නත් ඉක්මණින් ගන්න කියලා. වෛද්‍යවරුත් කියනවා. කවුරුවත් ගන්න තැනක් කියන්නේ නැහැ අපි පළමු එන්නත ගත්තා මාසයක් වෙනවා දෙවැන්න ගන්නේ කොතැනින්ද? එම්.ඕ.එච්. එකෙන් ඇහුවාම දන්වන්නම් කියනවා බෙහෙත් නැහැ කියනවා. අඩුගානේ හැටට වැඩි අයටවත් දීලා සිටිනවා නම් සැනසිල්ලක්... සමහරක් අය අවුරුදු 12 අයටත් එන්නත් කරනවා. ඇත්තටම සැලසුමක් නැතිවද වැඩ කරන්නේ? කියව කියවා හිටියට වැඩක් නැහැ ප්‍රගතිය දිනපතා බලන්න..

:       3       36

DonSaturday, 28 August 2021 04:58 AM

බලයට ආවේ ජාතික ආරක්ෂාව සහතික කරනවා කියලා... රට රකිනවා කියලා... දැන් ජනතාව ගෙවල් වලට ගාල් කරවලා ... ඔන්න ඉන්දියාවේ මිනිස්සුන්ට ලංකාවේ සංචාරය කරන්න අවස්ථාව දීලා... චීන ආයෝජන ව්‍යාපෘති සහ ඉදිකිරීම් කොන්ත්‍රාත් නොනවත්වා කරන්න අවසර දීලා. රට වැසියා ගෙවල් ඇතුළට හිර කරලා..

:       0       0

nalinSaturday, 28 August 2021 07:45 AM

උඩින් උඩින් වර පෙත්තප්පු. බිමින් බිමින් වර පෙත්තප්පු. පෙත්තප්පු එන්න ඔනේ උඩින්ද? බිමින්ද? ප්‍රශ්ණයක්. ඒවගේ තමයි. කාලෙකට පැනි, කාලෙකට මුට්ටි. කාලෙකට වැන්සින්. ජනතාව අන්දමන්ද වෙලා.

:       0       4

Nuwan Friday, 27 August 2021 06:34 PM

අර පැණි බොන්න මුට්ටි ගඟට දැම්මා වගේද?

:       2       37

මාම Friday, 27 August 2021 07:10 PM

නුවර නගර සීමාව අවට ගැහුවේ ස්පුට්නික් එන්නත... දැන් මාස දෙකහමාරකට කිට්ටු වුණා.. දෙවන එන්නත තාම නැහැ. බොහො අය ඉන්නේ දැඩි කලකිරීමකින්, කවදා මෙම එන්නත ලැබෙයිද කියන එක බලධාරීන්වත් අපට දන්වන්නේ නැහැ...

:       2       29

parakkramaFriday, 27 August 2021 07:58 PM

මාමේ ,අර මුල් වතාවේ කරපු ක්‍රමය ගැන සිතලා කෙහෙළියගෙන් ඇහුවානම් දැනගන්න හැකි වෙයිනේ

:       1       17

සෙනෙවිරත්න Friday, 27 August 2021 07:58 PM

කවුරුහරි මෙතුමට කියන්න එන්නත මග අරින මිනිස්සු නැති බවත්, එන්නත විදින තැන් නොමැති කම නිසා ජනතාව එන්නත විදගන්න විදියක් නැතිව චාටර් වන බවත්, එතුමට පෙන්වන්න එන්නත විදින තැන්වල මිනිස්සු ක්‍රමවත් බවක් නොමැතිව පොරකන බවත්,

:       2       22

ගමේ එකාලා Friday, 27 August 2021 08:04 PM

දැනුයි කියන්නේ .ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලනේ බලයට ආවේ. වසන්ගතය රටපුරාම වැඩිවෙලා ජනතාවම රට වහන තත්ත්වයකට එනකම් බලන් උන්නා.

:       2       20

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 August 2021 08:15 PM

දේශපාලඥයින් හා ඔවුන්ගේ පවුල්වල අය විද ගත්තේ ෆයිසර් එන්නත බවට ආරංචියි. දිනක් පාර්ලිමේන්තුවේදී නාමල් මන්ත්‍රීවරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙකු තාත්තාත්, බාප්පත්, ඔබත් විද්දේ කුමන එන්නතදැයි විමසූ විට ඔහු නිරුත්තර විය. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද?

:       0       8

Praba Friday, 27 August 2021 10:05 PM

කෝවිඩ් මර්ධන කමිටුව පුරෝලා තියෙන්නෙ ඇමතිලගෙන්. ඒ අය සේරම ජනාධිපති තුමාට ඔක්කොම හරි කියනව. ඒත් මිනිස්සුන්ට පී.සී.ආර් නැතිව ගෙවල් වලට වෙලා ඉන්ක වෙලා. ඉස්පිරිතාලවල ඉඩ නෑ. සෞඛ්‍ය සේවකයෝ හෙම්බත් වෙලා. ඉස්පිරිතාලයකට එම්.ඕ.එච් ඔෆිස් එකකට ගිහිල්ල බලන්න සර්. මැරෙන්නෙ අපේ මිනිස්සු

:       1       23

Rumesh Saturday, 28 August 2021 09:16 AM

30ට අඩු අයට එන්නත දෙන්න.

:       1       2

සෙනෙවිරත්න Saturday, 28 August 2021 01:15 PM

මෙතුමාට කවුරු හරි බොරු කියනව, නැත්නම් සත්‍ය වසන් කරනව වගේ පේන්නෙ

:       1       1

de silva Saturday, 28 August 2021 02:02 PM

ඒන්නත් විදගනන ජනතාව පෝලිම්වල පොර කනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 313 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 562 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 231 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 241 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 634 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1866 4

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1411 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site