කොරෝනා අවධානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය ගෙන තිබේ.
මෙම නගරවලට ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.
දිවයින පුරා නගර 34 ක කඩ සාප්පු දැනටමත් වසා දමා ඇති අතර, මේ වන විට වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 58කි.
ඒ අනුව, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද අද (18) සිට මෙසේ වසා දමා ඇත.
ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්තත යේලක්කරය, අනුරාධපුර, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව සහ යාපනයයන නගරවල වෙළෙදසැල් මීට දින කිහිපයකට පෙර වසා දැමුණු නගර වෙයි.
මේ අතර, පවතින කොරෝ වසංගත තතත්වය හමුවේ හොරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන හා කඩ සාප්පු ලබන අගෝස්තු මස 20 වැනිදා තෙක් වසා දමන ලෙසට එම වෙළද සංගමයෙන් ඉල්ලීමක් කරන බව හොරන නගර සභාවේ සභාපති වී. පියසෝම මහතා පැවසීය.
(නිමන්ති රණසිංහ, අජිත්ලාල් ශාන්ත උදය, දාපනේ - ජයන්ත නානායක්කාර, අයගම - ඩබ්ලිව් පී විජේතුංග, බිබිල - කේසර ගුණතිලක, ඇල්ල - ප්‍රසාද් රුක්මල්, රක්වාන - ඩබ්ලිව් ඒ. සිරිසේන, වැල්ලවාය - අයි. ආර්. ඉන්දික, නොච්චියාගම - ජී. ඒ. පී. කුමාර, වැලිමඩ - කේ. ආර්. රාජමන්ත්‍රී, රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි, ත්‍රිකුණාමලය - අමරදෝරු අමරජීව, සියඹලාන්ඩුව සරත් ඩී. අධිකාරී, මොණරාගල අතිරේක කේ. එම්. පී. බණ්ඩාර, ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර සහ නෙළුව පී. ජයවික්‍රම, රාජාංගනය - නුවන් කුමාර, රිකිල්ලගස්කඩ ටී. ඇම්. සෝමපාල, කරාපිටිය - ජී’. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා, නෝර්වුඩ් - රංජිත් රාජපක්ෂ, මහඔය - සඳරු බණ්ඩාර)
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල
(නිපුන් ගරුක)
ගනේමුල්ල
(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය
(අමරදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් නිසා තවත් නගර 24ක් වැසේ
Sri Lanka Wednesday, 18 August 2021 07:36 PM
තව වහන්න... අන්න හාල් නැවක් ආවා... බොරුවට පිටරටවල්වලට බණින්න එපා. අපිටත් එක්ක ඒ ගොල්ලෝ වවනවා... ස්තුතියි...
janahithaThursday, 19 August 2021 09:41 AM
මල්ලේ පොල්
dumindaThursday, 19 August 2021 10:31 AM
කඩ වැහුවාම හාල් නැති වෙන්නේ කොහොමද .මාර විද්‍යාත්මකයි අලුත් කැබිනට් එක වගේ
69lakshaya Thursday, 19 August 2021 09:42 AM
මෙහෙම වහගත්තාම කොහොමද ඩෙල්ටා බෙදන්නේ?